- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: VNews
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන්ට එරෙහිව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය වළක්වාලමිනුයි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගොනුකළ අභියාචනා පෙත්සමක තීන්දුව දෙමින් ෆ්‍රැන්ක් ගුණවර්ධන හා විනිසුරු එම්. බී. චමත් මොරායස් යන විනිසුරු මඩුල්ලක් විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවා.
පළාත් පාලන මැතිවරණය තවදුරටත් ප්‍රමාද නොකර පවත්වන ලෙස ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබදතා කමිටුව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ සභාපති රොබට් මෙනෙන්ඩස් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇති බව සදහන්. එමෙන්ම ශ්‍රී ලංකා ජනතාවගේ හඬ උදුරා ගැනීමට ගන්නා ඕනෑම උත්සාහයක් ප්‍රජාතන්ත්‍ර විරෝධී බවයි ඔහු පවසන්නේ. මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද විශේෂ පක්ෂ නායක රැස්විමක් පැවැත්වීමට නියමිතයි. පස්වරු 1.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක් ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත වීමෙන් මියගොස් තිබෙනවා. ඇය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි සදහන් වන්නේ. ඇය කලක් තිස්සේ මානසික ආතතිය සදහා ප්‍රතිකාර ලබා ගත් ශිෂ්‍යාවක් බවයි වාර්තා වන්නේ. කිසියම් රෝගී තත්ත්වයකින් පෙළීම හේතුවෙන් පසුගිය 28 වන දා ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අද පෙරවරුවේ මිය ගොස් තිබෙනවා.
වත්මන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක සභාවෙන් සිවු දෙනෙකු ඉල්ලා අස් වී තිබෙනවා. ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ ලේකම් ඉන්දික තේනුවර මහතා, උප සභාපතිවරුන් වන සී.දීපිකා කුමාරි, සමන් දිල්හාන් සහ එම සම්මේලනයේ භාණ්ඩාගාරික ටී.සුදාකර් මහතා ද සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාපන්දු සම්මේලනයේ සභාපති ශ්‍රී රංගා මහතාට යොමු කර ඇති බව සදහන්. පසුගිය ජනවාරි 14 වනදා පැවැත් වූ නිලවරණයෙන් පත් වූ විධායක සභාවේ බහුතරයක් ඉල්ලා අස්වීම හේතුවෙන් පාපන්දු සම්මේලනය පවත්වාගෙන යාමේ අවධානමක් පවත්වාගෙන තිබෙනවා. මේ අතර ජනවාරි 21 වන දා සිට ජාත්‍යන්තර පාපන්දු සම්මේලන විසින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග තහනමක් ද පනවනු ලැබුවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනාධිකරණ පෙත්සම රුපියල් 21 000ක ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියම කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා තමාට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ ගොනු කර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කර තමන්ව එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් ඉල්ලා මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පෙත්සම ගොනු කර තිබුණා. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතු`ඵ පිරිසකට එරෙහිව වින්දිතයින් විසින් නඩු 108ක් කොළඹ දිසා අධිකරණය ඉදිරියේ ගොනු කර තිබෙනවා.
ජී 20 රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමු`ඵව අද ආරම්භ වනවා. ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවරදි. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් චීනය විසින් ජී 20 රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමු`ඵවේදී සාකච්ඡා කරනු ඇති. එමෙන්ම කොරෝනා අර්බුදයෙන් පසු ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ආර්ථික අර්බුදය සහ ඊට ලබා දෙන විසදුම් පිළිබද යෝජනාවලියක් ද මෙහිදි සකස් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල් සමන් රත්නප්‍රිය මහතා සදහන් කළේ අද දිනයේදී වැඩ වර්ජනයක් පැවැත්වෙන බවක් පැවසුවද එවැන්නක් සිදු නොවන බවයි. සෞඛ්‍ය, විදුලි ඇතු`ඵ සියලු සේවා ක්‍රියාත්මක බවයි ඔහු පවසන්නේ. එමෙන්ම සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සදහන් කළේ සමන් රත්නප්‍රිය මහතා කුමන ප්‍රකාශ නිකුත් කළද දිවයින පුරා මේ වන විට වර්ජනය ක්‍රියාත්මක බවයි.
භූමි තෙල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 305 ක්. එමෙන්ම ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 464 සිට රුපියල් 330 දක්වා රුපියල් 134 කින් අඩු කර තිබෙනවා. කෙසේ වෙතත් අනෙකුත් ඉන්ධන වර්ගවල මිල සංශෝධනය නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.
ග්‍රීසියේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් 32 ක් මිය ගොස් තවත් 85 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. නගරාන්තර සීඝ්‍රගාමි මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. මෙම දුම්රිය දෙක ගැටීම හේතුවෙන් පළමු මැදිරි දෙක ගිනිගෙන විනාශ වී තිබෙනවා. කෙසේ වෙතත් මගින් 250ක් පමණ මුදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචි සහ අලුත් කිරීමේ ගාස්තු ඉහළ දමා තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව රුපියල් 35,000කින් එම ගාස්තු ඉහල දමා ඇති බව සඳහන්. මෙවැනි ආයතනයක් මුල්වරට ලියාපදිංචි කිරීමේ දී මෙතෙක් අයකල ගාස්තුව වුයේ රුපියල් 15,000ක්. ඒ අනුව නව ගාස්තුව රුපියල් 50,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊට අමතරව ලියාපදිංචිය අලුත් කිරිමේ ගාස්තුව ද රුපියල් 10,000 සිට 25,000 දක්වා ඉහළ දමා ඇති බව සඳහන්. එසේම බලපත්‍රය කල් ඉකුත් වී යලි ලියාපදිංචිය අලුත් කිරීමේ දී අයකරන ගාස්තු ද ඉහළ දැමුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222