- දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
- දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්
- රසාරා විජේසූරියගෙන් නව වාර්තාවක්
- වෝන් – මුරලි කුසලානයේ ජය ඔස්ට්‍රේලියාව හිමි කර ගනී
- පොල් ගෙඩියක මිල 88%කින් ඉහළට
- ඉදිරියේදී රාජ්‍ය සේවයේ වැටුප් වැඩීවීමක් – අගමැතිනියගෙන් ප්‍රකාශයක්
- පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක්
- වීසා නීති ලිහිල් කිරිමට නවසීලන්තයෙන් සැලසුම්
Author: VNews
පාසල් දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත බලංගොඩ, පින්නවල ප්‍රදේහයේ විදුහල්පතිවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සැකකාර විදුහල්පතිවරයාගේ නිවස ආසන්නයේ පදිංචිව සිටි 11 හැවිරිදි දැරියකට සැකකරු ලිංගික අතවර කර ඇතිබවට අනාවරණ වී ඇති බවයි. සැකකාර විදුහල්පතිවරයා 50 වන වියේ පසුවන බලංගොඩ ඇල්ලරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අතවරයට පත් දැරිය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
විදෙස් රටක නිෂ්පාදිත අවියක් හා විදෙස් රටක නිෂ්පාදිත යැයි සැක කරන අවියක ක්‍රියාකාරි කොටස් 02 ක් සන්තකයේ තබාගෙන යම් අපරාධයකට සැරසුණු පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය රත්ගම කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.ඒ.වී. දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (04) දින අහුංගල්ල පොලිස් වසමේ අංක 117/65, ගොරකගොඩ, බලපිටිය ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදු කර තිබෙනවා. එහි දී යම්කිසි අපරාධයක් කිරීමේ අරමුණින් විදෙස් රටක නිෂ්පාදිත බෝර 12…
අටවැනි රයිසිනා සංවාදයේ සමාරම්භක සැසියේ ප්‍රධාන ආරාධිතයා සහ ප්‍රධාන කථිකයා ලෙස ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි සහභාගී වූ බව සදහන්. රයිසිනා සංවිධානය නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්. බහුපාර්ශ්වික සමුළුවක් වන රයිසිනා සංවාදය ඉන්දියාවේ නවදිල්ලි නුවර දී වාර්ෂිකව පැවැත්වෙනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන මෙම සමුළුව දින 03 ක් පුරා රටවල් 100 ක් පමණ නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් එක්ව සිටිනවා.
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ජනතා පෙත්සමක් අත්සන් තැබීමට පියවර ගන්නා බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ,ලබන 7 වැනිදා බදුල්ල සහ මොණරාගල නගර කේන්ද්‍ර කර ගනිමින් මෙම පෙත්සම අත්සන් කිරීම ආරම්භ කරන බවයි. මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල් රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අනුව කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. 2023 අයවැයෙන් මැතිවරණ කටයුතු සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාට සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එමෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන්…
සිය බිරිඳව නිරුවත් කොට ඇයගේ දෑත් සහ දෙපා ගැට ගසා කොච්චි මිරිස් තලා තලපයක් කර ඇගේ ලිංගිය හරහා ශරීරයට ඇතුළු කළ බව කියන සැමියකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ අරඹා ඇතැයි පාදුක්ක පොලිසිය පවසනවා. පාදුක්ක අංගම්පිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සිව්දරු මවක් පාදුක්ක පොලිසියේ ළමා හා කාන්තා කාර්‍යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්.එස්.ඒ. පත්මා මහත්මිය වෙත සිදු කළ පැමිණිල්ලක් මත මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. බීමත්ව පැමිණෙන තම සැමියා දෑත් දෙපා ගැට ගසා කූඩැල්ලන් හෝ පණුවන් රැගෙනවිත් තම ශරීරයට ඇතුළු කරන බවත් එයින් තමන්ට දැඩි වේදනාවක් දැනෙන බවත් ඇය පවසා තිබෙනවා. එලෙස කිරීමට අවස්ථාව නොදුන් විට අමානුෂික ලෙස පහර…
2030 වනවිට සිය ගුවන් යානා ප්‍රවාහන නෞකා බලඇණියට නවතම නෞකාවක් එක් කිරීමට ඉන්දියාව සූදානම් වනවා.සංවර්ධනය සඳහා මේවනවිටත් සැලසුම් සකස් කර ඇතැයි වාර්තා වන එම නෞකාව අයි එන් එස් විසාල් ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව අයි එන් එස් විසාල් නෞකාව ඉන්දීය නාවික හමුදාව සතු 03 වන ගුවන් යානා ප්‍රවාහන නෞකාව වනු ඇති.ඉන්දීය නාවික හමුදාව සතුව මේවනවිට ගුවන් යානා ප්‍රහාරක නෞකා 02 ක් වනවා. මේවනවිට එම නෞකා අත්හදා බැලීම් කටයුතු සඳහා යොදවා තිබෙනවා.එම කටයුතු අවසන් වූ වහාම එය ඉන්දීය නාවික හමුදාවේ මෙහෙයුම් සඳහා එක් කර ගැනීමට නියමිතයි. ටොන් 45,000ක් බරැති වික්‍රමාධිත්‍ය නෞකාවෙන් මිග් -29K වර්ගයේ ප්‍රහාරක යානා විස්සක් එකවර රැගෙන යා…
ශ්‍රී ලංකා රජය බැංකු පොලී අනුපාතය යළි ඉහළ දැමීම මේ මොහොතේ ගත යුතුව තිබූ ක්‍රියාමාර්ගයක් බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා.ඔවුන් සඳහන් කළේ මෙරට උද්ධමනය පාලනය සඳහා ගෙන යන වැඩසටහනට එය මහත් රුකුළක් වනු ඇති බවයි. එමෙන්ම ශ්‍රී ලංකා රජය උද්ධමන පාලනය කිරීම සඳහා ගෙන යන ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැසසුමට ලක් කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ ප්‍රකාශ කළේ, උද්ධමනය පිළිබඳ දැක්ම සම්බන්ධයෙන් මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය අතර යම් වෙනස්කම් පැවතිය ද ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 1%කින් ඉහළ නංවන බවයි .
ස්වීඩනය ආශ්‍රිත මුහුදේ වසර 500කට පෙර මුහුදුබත් වූ නෞකාවක තිබී කුළුබඩු තොගයක් සොයාගෙන තිබෙනවා. පුරාවිද්‍යාඥයන් පවසන්නේ කුංකුම, ගම්මිරිස් ,ඉඟුරු වැනි මෙම කුළුබඩු තොගය ආරක්ෂිතව ගබඩා කර තිබීම හේතුවෙන් ඒවා තවමත් හොඳ තත්ත්වයේ පවතින බවයි. මෙම නෞකාව එවකට ඩෙන්මාර්කයේ රජුට අයත්ව තිබූ බව සඳහන්. බෝල්ටික් මුහුදේ ඇති අඩු ඔක්සිජන්, අඩු උෂ්ණත්වය සහ අඩු ලවණතාව හේතුවෙන් මෙම කුළුබඩු ආරක්ෂා වී ඇති බව පුරාවිද්‍යාඥයින් පෙන්වා දී තිබේන බවයි විදෙස් වාර්තා පවසන්නේ .
සෞඛ්‍ය සේවකයින් අදත් සෞඛ්‍ය අමාත්යංශය ඉදිරිපිට විරෝදතාවක නිරත වනවා. රජය විසින් බදු බර ඉහල දැමීමට එරෙහිව මෙම විරෝදතාව ක්‍රියාත්මකයි. මේ අතර වෛද්‍ය-ජල-විදුලි-විශ්ව විද්‍යාල ආචාර්යවරු-බැංකු සේවක සංගමය ඇතුලු සියලු වෘත්තිකයන් එක්ව නැවත වතාවක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත යොමු වීමට තීරණය කර තිබෙනවා. වෘත්තීය සමිති 40ක නියෝජිතයන් සමග 7 වැනිදා තීරණාත්මක සාකච්ඡාවක් යොදාගෙන ඇති බවත්, 8 වැනිදා සිට ආණ්ඩුවට දැනෙන ආකාරයෙන් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහුන් සදහන් කළා.
මිල සූත්‍රයට අනුව හෙට දිනයේදී ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු විය යුතු බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. පවතින තත්වය හමුවේ හෙට දිනයේදී ගෑස් මිල වැඩිකිරීමක් සිදුකල යුතුවනවා. කෙසේ වුවත් එය සිදු නොකර ජනතාවට සහනයක් දීම සඳහා තම සමගම තීරණයක් ගැනීමට බොහෝ දුරට කටයුතු කිරීමට ඉඩ තිබෙන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කලේ. සභාපතිවරයා කියා සිටියේ ජනතාව ඉතා අසීරුතාවකින් සිටිම හේතුවෙන් ගෑස් මිලෙහි නියත වැඩි වීමක් තිබුණද එම මිලෙහි වැඩි වීමක් සිදු නොකර සිටීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. එමෙන්ම රුපියල් ශක්තිමත් වීම තුළ එහි වාසිය ජනතාවට දීමට කටයුතු කිරීමට ක්‍රියා කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222