Author: VNews

පාකිස්තානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් එරට ආරක්ෂක අංශ නිලධාරීන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එම වාර්ථා වල සදහන් වන්නේ. ප්‍රහාරකයා යතුරුපැදියකින් පැමිණ ආරක්ෂක අංශ නිලධාරීන් ගමන්ගත් ට්‍රක් රථයේ ගැටීමෙන් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවත්, ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ ආරක්ෂක අංශ නිලධාරීන් ජාතික වීරයන් ලෙස නම් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්ථා වල සඳහන් වනවා. කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පාර්ශවයක් වගකීම භාරගෙන නොමැති බවද එම මාධ්‍ය වාර්ථා වැඩිදුරටත් සඳහන් කරනවා.

තව කියවන්​න

මෙම සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා . ඒ අනුව අද දිනය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන්වයි මෙම කමිටුව විසින් කැදවීමට නියමිතව ඇත්තේ . මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ මහතා ගේ සභාපතීත්වයෙන් කෝප් කමිටුව්‍ර රැස්වීමට නියමිතව තිබෙනවා. එමෙන්ම අද දිනයේ දී ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් ද කෝප් කමිටුව වෙත කැඳවා ඇති බව වාර්තා වනවා . ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට කැදවා ඇත්තේ හෙට දිනයේයි . මාර්තු 09 වන දා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අදාළ කමිටුව හමුවට කැඳවා තිබෙනවා . මේ අතර මෙම සතියේ පාර්ලිමේන්තු සභාවාරය අද පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි…

තව කියවන්​න

ලබන ජූලි මාසය පමණ වන විට ජනතාවට බස් ගාස්තු සදහා සහනයක් ලබා දිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා . ඔහු මේ බව සදහන් කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් . දිනයක් හැර දිනයක් ජන හමු පැවත් වීම හේතුවෙන් බස් කර්මාන්ත කරුවන්ට යම් වාසි සහගත තත්වයක්ද ඇතිවී තිබෙන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සදහන් කලේ .

තව කියවන්​න

ඉන්දීය රුපියල මෙරට තුළ ආර්ථික ගනුදෙනු සඳහා යොදා ගැනීමේ හැකියාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අධ්‍යනය කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්, ගෝපාල් බාග්ලේ මහතා පවසනවා . ඒ බව “ද හින්දු පුවත්පත” අද වාර්තා කර තිබෙනවා .

තව කියවන්​න

සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අසත්‍ය තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා . ඔහු සඳහන් කළේ , ලැබී ඇති අයදුම්පත් අතුරින් ලක්ෂ 2ක සංගණන කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවයි. ඒ සඳහා ඉදිරිපත්ව ඇති සමස්ත අයැදුම්පත් සංඛ්‍යාව, ලක්ෂ 37 ක්

තව කියවන්​න

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට සියලුම පාකිස්තාන රූපවාහිනී මාධ්‍ය නාලිකා සඳහා තහනමක් පනවා තිබෙනවා . ඒ පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයෙන් පරාජයට පත්වීමෙන් පසුව සිදුකළ වෛරී ප්‍රකාශන හේතුවෙන් .

තව කියවන්​න

කුරුඳුවත්ත බෞද්ධාලෝක මාවතේ පිහිටි අතුලදස්සනාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිත මාර්ග භාවිත කරන්නන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දී තිබෙනවා . එම විහාරස්ථානයේ වාර්ෂික දසපාරමිතා පෙරහැර අද රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතයි පෙරහැර බෞද්ධලෝක මාවත, කනත්ත වටරවුම, බේස්ලයින් පාර බොරැල්ල හන්දිය, මරදාන පාර බේස්ලයින් හරස් පාර, ලෙස්ලි රණගල හන්දියෙන් නැවත හැරී එම මාර්ගයේම විහාරස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙනවා මේ හේතුවෙන් පෙරහර ගමන් ගන්නා මාර්ග භාවිත කිරීමේදී වාහන තදබදයක් ඇති වියහැකි බැවින් එම අපහසුතා මගහරවා ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දෙනවා .

තව කියවන්​න

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සමාලෝචනයක් ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවලදී සිදු කෙරේ. විදේශ අමාත්‍යාංශය පැවසුවේ එහිදී මානව හිමිකම් උල්ලංඝණය කිරීම්, ත්‍රස්ත විරෝධී ක්‍රියාමාර්ග, අධිකරණයේ ස්වාධීනත්වය ආදිය පිළිබඳ සාකච්ඡාවට ලක්වන බවයි . එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පාර්ශවය ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණාතිලක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහභාගී වීමට නියමිතයි . එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 52 වන නිත්‍ය සැසිවාරය මේ වන විට ජිනීවා හිදී පැවැත්වෙනවා .

තව කියවන්​න

සුප්‍රසිද්ධ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් රූගත කිරීමක් අතරතුර දී අනතුරකට ලක් ව තිබෙනවා . ඔහු මෙලෙස අනතුරට ලක් ව ඇත්තේ “ප්‍රොජෙක්ට් කේ” නම් චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදීයි . ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අමිතාබ් බච්චන්හට පූර්ණ සුවය ලැබීමට සති කිහිපයක් ගත වනු ඇති බවයි .

තව කියවන්​න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එම පක්ෂය සඳහා වැඩබලන මහ ලේකම්වරයෙකු පත්කර තිබෙනවා . මෙලෙස වැඩබලන මහ ලේකම් ධුරය සඳහා පත්කර ඇත්තේ එම පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක මහතායි . ඒ මහතා මධ්‍යම පළාත් හිටපු මහ ඇමතිවරයෙක්ද වනවා . ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සරත් ඒකනායක මහතා එම පක්ෂයේ වැඩබලන මහ ලේකම් ධුරය සඳහා මෙලෙස පත්කර ඇති බව සදහන් .

තව කියවන්​න