- පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
- පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
- 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
- නුවරඑළියට මල්තුහීන
- රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
- වැසි රහිත කාලගුණ තත්ත්වයක්
- පොලිසියේ ඉහළ තනතුරු කිහිපයකට ස්ථාන මාරු
Author: VNews
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 4041 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 2947ක්.
මෙවර ජනාධිපතිවරණයට තරගකරන අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේය.
අර්තාපල් ගොවියා ඇතුළු කදුකරයේ ගොවි ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කරන නව වැඩපිළිවෙලක් සිය රජයක් යටතේ ආරම්භ කරන බව සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන වැලිමඩ ප්‍රදේශයේ ඊයේ (08) පැවති ජනරැලියට එක්වෙමින්.
තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත්, කංකසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වාත් වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල තද සුළං ඇතිවන බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එය පැයට කිලෝමීටර් 60ත් 65 ත් අතර අගයක් ගන්නා බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ජනතාව ඉදිරියේ දී තමා ප්‍රකාශ කරන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළහැකි ප්‍රතිපත්ති පමණක් බව පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසුවේ පසුගිය 07 වනදා මහර ආසන බලමණ්ඩලයේ පැවැති ජනහමුවක් අමතමින්.
මෙරට අපනයන ආර්ථිකයක් ඇති කිරීම තම අපේක්ෂාව බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසනවා. ලයිම් කාමර අහෝසි කරන බවත්, වතුකරයේ ජනතාවට ද සින්නක්කර ඉඩම් අයිතිය ලබාදී උසස් පහසුකම් සහිත ගම්මානයක ජීවත්වීමේ අයිතිය තහවුරු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ජනාධිපතිවරණයට අදාළව ලබන 14 සෙනසුරාදා විශේෂ දිනයක් ලෙස සළකා නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මේ බව කියා සිටියේ කොළඹ අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
වයඹ සහ ඊට යාබද බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී වයඹ දෙසට ගමන් කරමින් අද ඉන්දියාවේ ඔඩීෂා වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිතයි. ඒ හේතුවෙන් උතුරු අක්ෂාංශ 13ත් විස්සත්, නැගෙනහිර දේශාංශ 83 සහ 95ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 75 දක්වා වැඩිවිය හැකි අතර, මුහුද ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්කරුට පහරදුන් පුද්ගලයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු කළුතර, ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඊයේ පස්වරුවේ අදාල පුද්ගලයා සමඟ ඇති වු කථාබහක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති අතර රාජකාරියට බධා කිරීම, අයුතු අවහිරය යන චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක උතුරේ ජනතාවට කළ තර්ජනය පිළිබඳ ලැජ්ජා විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ යාපනය උඩුප්පිඩ්ඩි ප්‍රදේශයේ පැවැති ජන රැලියකට එක්වෙමින්. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ අනුර කුමාර දිසානායක මහතා උතුරේ ජනතාවගෙන් මෙන්ම දකුණේ ජනතාවගෙන් ද සමාව ගත යුතු බවයි . උතුරේ ජනතාවට සම්පුර්ණයෙන්ම නීතියේ ආරක්ෂාව ලබා දීමට පියවර ගන්නා බව ද ඔහු කියා සිටියා
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222