Author: VNews

චීන සංචාරකයින්ට පනවා තිබු සංචරන සීමා ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අනිද්දා සිට මෙම සීමා ලිහිල් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව අමෙරිකාවට පැමිණීමේදී කොරෝනා පරීක්ෂණ සිදුකිරීම අනිවාර්ය නොවනු ඇති. ජපානය ද චීන සංචරකයින්ට පනවා තිබු සංචරන සංචරණ සීමා ලිහිල් කිරීමට පසුගියදා කටයුතු කර තිබුණා.

තව කියවන්​න

පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබෙනවා. බේකරි හිමියන්ගේ සංගමය සදහන් කළේ ග්‍රෑම් 450ක් බර පාන් ගෙඩියක මිල රුපියල් 10ක් අඩු කරන බවයි. ඒ අනුව පාන් ගෙඩියක නව මිල රැපියල් 150ක් වනු ඇති. එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි බේකරි හිමියන්ගේ සංගමය සදහන් කළේ.

තව කියවන්​න

ඉන්දියාවේ නව දිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසියා පැසිෆික් කලාපයේ හොඳම ගුවන් තොටුපළ ලෙස නම් කර තිබෙනවා. එමෙන්ම  පිරිසිදුම ගුවන් තොටුපළ ලෙසද ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සභාව විසින් එය  නම් කර ඇති බව සඳහන්. මෙම ගුවන් තොටුපළ වාර්ෂිකව මගීන් මිලියන 40කට අධික පිරිසකට සේවා සපයන කාණ්ඩය යටතේ 2022 සඳහා ගුවන් තොටුපළ සේවා තත්ත්ව හොඳම ගුවන් තොටුපළ සඳහා වන සම්මානය ද ලබා ගෙනම තිබෙනවා. මෙම සම්මාන ලබාදී ඇත්තේ ලොව ප්‍රමුඛතම ගුවන් තොටුපල පාරිභෝගික අත්දැකීම් මැනීමේ සහ මිණුම් සලකුණු කිරීමේ වැඩසටහන යටතේයි. ගුවන් තොටුපළේ රැස් කරන ලද සමීක්ෂණ හරහා සජීවී පර්යේෂණ මත  මෙම පිළිගැනීම පදනම් වී තිබෙනවා. එහිදී – සංචාරකයාගෙන් ගමන් කරන…

තව කියවන්​න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ  විදේශ ගමන් තහනම ලබන මස 20 වැනිදා සිට 30 වැනිදා දක්වා ඉවත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ගාලුමුවදොර පැවති අරගලයේ විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළ නඩුව අද කඳවු අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුනා. එහිදී හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියේ දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවක් සඳහා සහභාගි වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අවසර ලබාදෙන ලෙසයි. ඒ අනුවයි අදාළ තහනම ඉවත් කිරීමට මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කලේ.

තව කියවන්​න

විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද දිනයේද පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට ලක් වුණා. එහිදි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළේ මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය මත විදුලි බිල සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කළ බවයි. එහිදි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ද අදහස් පළ කළා. කෙසේ වෙතත් එහිදි කංචන විජේසේකර මහතා ද කරුණු දක්වනු ලැබුවා.

තව කියවන්​න

ජොර්ජියාවේ විරෝධතා උග්‍ර වී ඇති බව විදෙස් වාර්තා පවසනවා. රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් සම්මත කර ගැනීමට උත්සහ කරන නව නීතියක් හේතුවෙන් එරට මෙම විරෝධතා ආරම්භ වුණා. මේ හේතුවෙන් විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම්කාරි තත්වයක් හටගෙන තිබෙනවා. විරෝධතාකරුවන් පෙට්්‍රල් බෝම්බ ප්‍රහාර ද පොලිසියට එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

තව කියවන්​න

කෑගල්ල පළාත්බද මහාධිකරණයේදී අද දින චූදිතයින් පස් දෙනෙකු හට මරණ දඩුවම ලබා දී තිබෙනවා. ඒ 2014 වර්ෂයේ දී කෑගල්ල පොලිස් වසමේ දේවාලගම කහගල්ල ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී ඇති වූ ආරවුලක් මත බදාමයෙන් සකසන ලද ගලකින් පහර දී ඝාතනය කිරීමක් සම්බන්ධයෙනුයි. කෑගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය විසින් අද දින මෙම නියෝගය ලබා දුන් බවයි අප අධිකරණ වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

මුදලට පුද්ගලයින්ට තියුණු ආයුධවලින් පහර දෙන කල්ලියක ප්‍රභලයින් සිව්දෙනෙකු යාපනය පණිප්පුලම් සහ සංගානෙයි ප්‍රදේශයන්වලදී අත්අඩංගුවට ගත් බවට යාපනය කොටඨාශ අපරාධ විමර්ශන අංශය පවසනවා. පසුගිය පෙබරවාරී 26 වනදා ඉලවාලෙයි පොස් වසමේදී කෝවිලක් අසලදී පුද්ගලයෙකුට බරපතල ලෙසින් තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකල පුද්ගලයින්ද මෙම කල්ලියට අයත් බවටත් අදාල කල්ලියට මෙම පහරදීම සඳහා කැනඩාවෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලැබී ඇති බවටත් පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා. යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් විසින් කෝවිල අසලදී සිදුවූ පහරදීම සම්බන්ධයෙන් සිදුකරන ලද පුලුල් පරික්ෂණයකින් අනතුරුව අදාල සැකකරුවන් පණිප්පුලම් සහ සංගානෙයි ප්‍රදේශයන්හීදී සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුව ගන්නා අවස්ථාවේදී එක් සැකකරුවෙකු සඟවාගෙන සිටි…

තව කියවන්​න

කෑගල්ල බන්ධනාගාරයෙන් පළා යෑමට තැත් කළ සැකකරුවෙකු, පොලිස් නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ මුලුතැන්ගෙයි සේවයට යොදවා සිටි ඔහු අද අ`ඵයම බන්ධනාගාරයෙන් පළා ගොස් ඇති බවයි. අවුරුදු 33ක් වයසැති මොහු ඉඔුල්ගොඩවත්ත මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වෙඩි වැදී තුවාල ලබා සිටි මෙම පුද්ගලයා බන්ධනාගාරයට නුදුරින් පිහිටි නගර සභා ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි ඉඩමක වැටී සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම අවස්ථාවේදී රැදවියා මියගොස් සිට ඇති බව සඳහන්.

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මාර්තු මස 28 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ, මාර්තු මස 28, 29, 30 සහ 31 යන දිනවල තැපැල් ඡන්ද විමසීම සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි. මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව ඊයේ නිවේදනය කළේ.

තව කියවන්​න