Author: VNews

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන අංශය මගින් අධික ලෙස දුම් පිට කරන වාහන සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ පිළිබදව දැනුම් දීම සදහා 070 350 0525 යන වට්ස්ඇප් දුරකථන අංකය ද එම දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දෙනු ලැබුවා. පෞද්ගලික බස් රථ මෙන් ම ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ මෙන්ම රජයේ වාහන මෙන්ම පොලිසියේ වාහන සම්බන්ධයෙන් ද එලෙස පැමිණිලි රැසක් ලැබී ඇති බව සදහන්. සෑම මසකම අවසාන සතියේදී කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් රථවල දුම් පරීක්ෂාව සිදු කරනු ලබනවා. ඒ අනුව පසුගිය මස සිදු කරන ලද පරීක්ෂාවෙන් බස් රථ 40% වැඩි ප්‍රමාණයක් දුම් පරීක්ෂාවෙන් අසමත් වී ඇති…

තව කියවන්​න

ආපනශාලාවල කෙටි ආහාර මිල ගණන් පහත හෙළන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ, ඊට අදාළ මිල ගණන් අද දිනයේදී ප්‍රකාශයට පත්කරන බවයි. මේ අතර, තිරිඟු පිටි මිල ඊයේ සිට රුපියල් 15 කින් පහළ දැමීමට ප්‍රීමා සමාගම කටයුතු කළා. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේ, ඊට සමගාමීව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල ද රුපියල් 10 කින් පහළ දැමූ බවයි. මේ අතර සීනි කිලෝග්‍රෑමයක තොග මිල ද රුපියල් 15 කින් පහළ දැමීමට පිටකොටුව අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා තොග වෙළඳුන්ගේ සංගමය ඊයේ තීරණය කරනු ලැබුවා.

තව කියවන්​න

දීර්ඝ කාලීන ණය නොගෙවීම, මූල්‍ය අංශය මත මෙන්ම ගනුදෙනුකරුවන්ටද දැඩි පීඩනයක් එල්ල කිරීම හේතුවෙන් අදාළ ආයතන සමග එකඟ වූ පරිදි ණය ගෙවීම ගනුදෙනුකරුවන්ගෙන් අපේක්ෂා කරන බව මහ බැංකුව පවසනවා. සර්ව ආර්ථික තත්වය හමුවේ බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ පුද්ගලයින් සදහා සුදුසු මූල්‍ය සහන ලබා දෙන ලෙසට මූල්‍ය ආයතනවලින් කළ ඉල්ලීම් පිළිබදව කරුණු පැහැදිලි කිරීමක් අතරතුරදියි මහ බැංකුව විසින් මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ. ණය පහසුකම් සදහා සහන, ආපසු අය කර ගැනීමේ ක්‍රියාමාර්ග අත්හිටුවීම, ණය කලින් පියවීම සදහා අවස්ථාව සැලසීම, ඊට අදාළව අය කරනු ලබන ගාස්තු සහ අනාගත පොලී අත්හිටුවීම වැනි සහන ගනුදෙනුකරුවන්ට ලබා දෙන ලෙසටයි…

තව කියවන්​න

ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාවෙන් න්‍යෂ්ටික සබ්මැරීන 5ක් මිලදී ගැනීමට සුදානම් වනවා . ඕස්ට්‍රේලියාව 2030 වන විට ෆැසිපික් සාගර කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම නව සබ්මැරීන බ්‍රිතාන්‍ය සැලසුම්වලට අනුව ඇමෙරිකාවෙන් නිෂ්පාදනය කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ෆැසිපික් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා, ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රීෂි සුනක් පසුගිය සඳුදා සාකච්ඡා කර තිබෙනවා. කලාපීයව චීනයෙන් එල්ල වී ඇති අභියෝග හමුවේ ඕස්ට්‍රේලියාව මෙම තීරණය ගෙන ඇති බවට සඳහන්.

තව කියවන්​න

චීන රජය විසින් මෙරටට ලබාදෙන පාසල් නිල ඇඳුම් ප්‍රදානය මේ වනවිට සම්පූර්ණයෙන්ම ලැබී අවසන් වී ඇති බව වාර්තා වනවා. ඒ අනුව කඩිනමින් නිල ඇඳුම් බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ප්‍රකාශ කළේ. අවසන් නිල ඇඳුම් රෙදි තොගය ලක් රජයට බාරදීම මෙරට චීන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණු අතර, ඊට එක්වෙමිනුයි අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

තව කියවන්​න

ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු මුදල් ඉහළ දමා ඇති බවයි වාර්තා වුණේ. ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 20ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත් බදු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති බව වාර්තා වනවා.

තව කියවන්​න

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වැනි ටෙස් ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා. ඉන්දියාවේ අහමදාබාද් හීදී ආරම්භ වන මෙම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 09.30ටයි ආරම්භ වූයේ. දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරග තුනෙන් දෙකක් ජයගත් ඉන්දියාව තරගාවලියේ තරග දෙකට එකක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

තව කියවන්​න

නැගෙනහිර සහ ඌව යන පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් අද දිනයේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතවිය හැකි බවද එම දෙපාර්තමේන්තු සදහන් කළා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් කල් යන්නේ නම් එම විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීම සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග කල් යා හැකි බව අධ්‍යාපන අමාත්‍ය, සභානායක සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා සභාව කල් තබන අවස්ථාවේ ඊයේ පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළ.

තව කියවන්​න

චිලී රාජ්‍යයේ ගුවන් තොටුපොළේ සිදු කිරීමට ගිය ඩොලර් මිලියන 32ක මංකොල්ලය අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා. පුද්ගලයන් 12දෙනෙකු පමණ මෙම මුදල් මංකොල්ලය සදහා පැමිණ තිබූ අතර, එහිදී ආරක්ෂක අංශ සහ කොල්ල කරුවන් අතර වෙඩි හුවමාරුවක් සිදුවූ බවයි එම මාධ්‍ය වාර්ථා වල සදහන් වන්නේ. එහිදී වෙඩි වැදීමෙන් මංකොල්ලකරුවෙක් සහ ආරක්ෂක අංශ නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තව කියවන්​න