Author: VNews
ඉහළ යන ජීවන වියදමට සහ විදුලි ගාස්තුවට විරෝධය දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවක සේවිකාවන් එම විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී අද පස්වරුවේ විරෝධතාවක නිරත වුනා. විදුලි, ඉන්ධන, ගෑස් ඇතුළු භාණ්ඩ මිල පහත දමනු, දුන් පොරොන්දු කෝ, වැටුප් ගැටලු වහා විසඳනු සහ ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අත නොතබනු ආදි සටහන් කළ පුවරු රැගෙන එහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවක සේවිකාවෝ විරෝධය දැක්වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් විශ්ව විද්‍යාල රැසක අධ්‍යන කටයුතු සඳහා අද දිනයේදී බාධා මතු වුනා. මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ලබන 15වනදා දක්වා ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යන…
චීනයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. මාර්තු මුල් සතියේ චීනයේ ප්‍රධාන නගර රැසකින් වාර්තා වු උෂ්ණත්වය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 10කින් පමණ ඉහළගොස් ඇති බවයි වාර්තා වන්නේ. වුහාන් , බීජින් හා ෂෙන්ග්ෂෝ ඇතුළු නගර රැසක මෙලෙස උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා. එම නගරවල උෂ්ණත්වය පසුගිය සතියේදී සෙල්සියස් අංශක 26ක් ලෙස සටහන්ව තිබුණා.
මරදාන, ආර්නෝල්ඩ් රත්නායක මාවත සහ සුදුවැල්ල හංදිය දක්වා මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. පොලිස් මුලස්ථානය නිවේදනය කළේ මාර්ගයේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලස එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කළ බවයි. ආර්නෝල් රත්නායක මාවතේ ගිණි නිවන හමුදා මුලස්ථානය දෙස සිට සුදුවැල්ල හන්දිය දෙසට ඇති මාර්ගයේ කොටසක් ගිලා බැසීමට ලක්ව තිබෙනවා. කොළඹ මහ නගර සභාව විසින් එම මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු අද පෙරවරුවේ සිට ආරම්භ කර තිබුණා. මෙම අලුත්වැඩියා කටයුතු අවසන් වන තෙක් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස කොළඹ රථවාහන පොලිසිය රියදුරන්ට දැනුම්දෙනවා.
යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාරයකට රැසියාව මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යුක්රේනයේ සැපොරිෂියා න්‍යෂ්ටික බලාගාරයටයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ. මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට විදුලි සැපයුම ද ඇනහිට තිබෙනවා. මෙම න්‍යෂ්ටික බලාගාරය සහ යුක්‍රේන විදුලිබල පද්ධතිය අතර ඇති අවසන් සම්බන්ධතාවය ද මෙම ප්‍රහාරයත් සමග බිදවැටී ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ.
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබෙනවා. අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 307යි ශත 36ක් ලෙස සටහන් වුණා. එහි විකුණුම් මිල සටහන් වුයේ රුපියල් 325 ක් ලෙසයි. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඊයේ දිනයේදී ද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබුණා.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට යම් ස්ථාවර ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා. ඒ අනුව දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩු`ඵ 6 ක් දැවී ලකුණු 305 ක් ලබා ගත්තා. ධනංජය ද සිල්වා නොදැවි ලකුණු 39 ක් ලබා සිටි අතර ඔහු සමග කඩුල්ලේ රැඳී සිටින කසුන් රාජිත නොදැවි ලකුණු 16 ක් ලබා ගත්තා. මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7000 ඉක්මවා ලබා ගත් තෙවැනි පිතිකරුවා බවට පත් වීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා. එමෙන්ම නවසීලන්තය සමග ක්‍රයිස්චර්ච් හිදි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී නොදැවි ලකුණු 47 ක්…
පළාත් පාලන ඡන්දය කල්දැමිම පිළිබද සභාව කල් තබන අවස්ථාවේ විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා. දින 2ක් පුරා පැවැත්වෙන විවාදයේ අදාළ කල්තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ සමගි ජනබලවේගය පක්ෂය විසින්. පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ඉල්ලීමක් කළා. ඒ අනුවයි දෙදින විවාදයක් ලබා දීමට කථා නායකවරයා විසින් තිරණය කරනු ලැබුවේ. මේ ඒ පිළිබදව අදහස් පළ කළ සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා කියා සිටියේ ආර්ථික පරිහානියක් සිදු ව…
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් සහ ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලමින් රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ලිපි යොමු කර තිබෙනවා. අදාළ ලිපියෙන් ඇය කියා සිටියේ මුදල් අමාත්‍යාංශයට සහ පොලිස් මූලස්ථානයට රැගෙන ගොස් අදාළ ලිපි භාර දුන් බවයි. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන කාල සීමාවේදී දිවා කාලයේ පොලිස් නිලධාරින් 35 දෙනෙකු හා රාත්‍රී කාලයේ 28 දෙනෙකු අවශ්‍ය බව සහ ඒ සදහා නිලධාරින් ලබා දෙන ලෙසයි මුද්‍රණාලාධිපතිනිය පොලිස්පතිවරයාට යැවූ ලිපියේ සදහන් වන්නේ. එමෙන්ම පළාත් පාලන ඡන්දයට අදාළ මුද්‍රණ කටයුතු සදහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කළ රුපියල් මිලියන 500යෙන් මේ වන විටත් මුදලින් ලැබී ඇති ඇත්තේ රුපියල්…
වසරේ ගතවූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 13,739 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා. වැඩිම රෝගීන් සංඛ්‍යවක් වාර්තා වී ඇත්තේ, බස්නාහිර පළාතෙන්. එය සමස්ත රෝගීන් සංඛ්‍යවෙන් 41.2%ක්. මේ අතර මාර්තු 24 දින ශ්වසන රෝග දිනය ලෙස නම් කර තිබෙනවා. ඒ වෙනුවෙන් අද දින වී එෆ් එම් කතා මිනිස්ට්‍රි කාලින වැඩසටහනට එක් වෙමින් ළමා ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය කාංචනා උයන්ගොඩ මහත්මිය කියා සිටියේ ක්ෂය රෝගය බැක්ටීරියාවක් මාර්ගයෙන් තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය විය හැකි බවයි. මේ අතර එම වැඩසටහනට එක් වෙමින් ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තනූජා තිසේරා මහත්මිය කියා සිටියේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු පිරිසට ශ්වසන රෝග වැළඳීමේ…
ලංකා සතොස ආයතනය මගින් තවත් භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස මගින් මෙලෙස වියළි මිරිස්, පාන් පිටි, පරිප්පු, සුදු සීනි මෙන්ම රතු කැකු`ඵ, සුදු නාඩු සහ ලොකු `ඵණු ආදි භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා. මේ අනුව ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයින් හට මෙම භාණ්ඩ ලබා ගත හැකි බවටයි ලංකා සතොස සභාපති පසද යාපා අබේවර්ධන මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මගින් දන්වා සිටියේ. මේ අතර ආනයනික අර්තාපල් සදහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඊයේ සිට ක්‍රියාත්මත වන පරිදි අදාළ බදු මුදල් මෙලෙස ඉහළ දමා ඇති බව සදහන්.…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222