- පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
- පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
- 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
- නුවරඑළියට මල්තුහීන
- රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
- වැසි රහිත කාලගුණ තත්ත්වයක්
- පොලිසියේ ඉහළ තනතුරු කිහිපයකට ස්ථාන මාරු
Author: VNews
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරහෙන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය ලබන 20 වනදා වසා තැබීමට තීරණය කර තිබෙනවා. 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා එම කාර්යාලය ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස නම් කිරීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව ඊට පහසුකම් සැලසීම සදහා ලබන 20 වනදා සිය ප්‍රධාන කාර්යාලය වසා තැබෙන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස වෛද්‍ය සීතා අරඹේපොළ පත් කර තිබෙනවා. මීට පෙර ගීතා කුමාරසිංහ එම ධුරයේ කටයුතු කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පල කිරීම හේතුවෙන් ඇයව අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ කටයුතු කළේ.
බදුල්ල මහ රෝහලේ සේවය කරන තම සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහිව ක්‍රියාත්මක විනය පරීක්ෂණය ඉවත් කර නොගතහොත් ලබන බදාදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා. බදුල්ල රෝහලේ පවතින ගැටලු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළේ.
රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින පහකට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින පහෙන් පසු එළඹෙන පළමු දින පහ තුළ සේවය හැර යාමේ නිවේදන නිකුත් කළ යුතු බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාව නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මේ පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයට නව කර්මාන්ත ශාලා 30ක් සමගින් තරුණ ප්‍රජාවට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් සිය රජයක් යටතේ ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
2023 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා. කොළඹ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණයේ කටයුතු අවසන් අදියරයේ පසුවන බවයි.
දිනෙන් දින වැඩිවන ලෝක ජනගහනයට අවශ්‍ය ආහාර ලබාදීම තම අරමුණ බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ 09) පස්වරුවේ රුවන්වැලේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක් සහ අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමට පඩි පාලක සභාවේ අද (10) පැවැති සාකච්ඡාවකදී එකඟතාවයකට පැමිණි බව කම්කරු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් ප්‍රකාශ කළා. එම සාකච්ඡාවට වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති ද එක්ව සිටි බවයි ඔහු කියා සිටියේ.
මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඉතා තියුණු මුහුණුවරක් ගෙන තිබියදී කලහකාරී සිද්ධීන් ඇති නොකරන ලෙස මැතිවරණ කොමිසම විසින් ඊයේ (09දා) අපේක්ෂකයන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මැතිවරණ නීති උල්ලංඝනය නොකරන ලෙස ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222