Author: VNews
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටු සභාපති ලෙස පත්වීමට ලැබීම තමන්ට ගෞරවයක් බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ. මේ අතර බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති ලෙස නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාද, භාණ්ඩ හා සේවා අපනයනය ඉහළ නැංවීම සම්බන්ධ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති ලෙස බුද්ධික පතිරණ මහතා ද පත්කර තිබෙනවා. ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පත් කෙරුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතායි.
උතුරු ජර්මනියේ හැම්බර්ග් නගරයේ ආගමික නිකායකට අයත් පල්ලියක සිදු වූ වෙඩි තැබීමකින් හත්දෙනෙකු මියගොස් තිබෙනවා. එහිදී තවත් විශාල පිරිසක් බරපතල තුවාල ලබා ඇති අතර නාඳුනන තුවක්කරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්. එමෙන්ම ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ආරක්ෂක අංශ විසින් එල්ලකළ වෙඩි ප්‍රරහාරයකින් සැකකරු ද මියගොස් ඇති බවට සැකපළකරන බවයි. කෙසේ වෙතත් එම සිදුවීම වූ ස්ථානයේ සිට තුවාලකරුවන් රැසක් රෝහල්ගතකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙරට වකුගඩු රෝගීන්ගේ බරපතල ඉහළ යාමක් නිරික්ෂණය වී ඇති බව වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා පවසනවා. ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් කෘෂිකාර්මික කලාප ආශ්‍රිතව වාර්තා වන වකුගඩු රෝගීන්ගේ කැපී පෙනන ඉහළ යාමක් මේ වන විට දක්නට ලැබෙන බවයි විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ .
ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයෙකු පුදුකුඩිඉරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සතුව තිබී ව්‍යාජ රුපියල් 5000ක නෝට්ටු 700ක් සහ මුද්‍රණ යන්ත්‍රයක් සිය භාරයට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 40 හැවිරිදි වියේ පසුවන ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද මුලතිවු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට අයිති ආයතන දෙකක් විසින් සිය ආයතනවල ලාභාංශ මුදල් මහා භාණ්ඩාගාරයට යොමුකර තිබෙනවා. ඒ අනුව ලංකා ලුණු සමාගමේ 2022 වර්ෂයේ ලාභාංශ මුදල වූ රුපියල් මිලියන 20ක් මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කුමාර මහතාට ප්‍රදානය කිරීමටයි කටයුතු කර ඇත්තේ. ලංකා ලුණු සමාගමේ ලේවායන් මන්නාරම හා අලිමංකට ප්‍රදේශවල ක්‍රියාත්මක වන අතර මේ වසරේදී ලුණු මෙට්‍රික් ටොන් 35000ක් නිකුත් කර රුපියල් මිලියන 200ක ලාභයක් ලබා ගැනීමට සමාගම බලාපොරොත්තු වන බවද එහිදී සදහන් කර තිබෙනවා. මෙම වසරේ ජනවාරි මස ලංකා පොස්පේට් සමාගමේ වාර්ෂික ලාභාංශය වූ රුපියල් මිලියන 25ක මුදලක්ද මහා භාණ්ඩාගාරයට යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ආර්ජන්ටිනාවේ වසර 60ට පසු දරුණු නියඟයකින් පීඩා විදින බව විදෙස් මාධ්‍ය වාර්ත කර තිබෙනවා. මෙමගින් ධාන්‍ය අස්වැන්නට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි එම මාධ්‍ය වාර්ථා පෙන්වා දෙන්නේ. විශාල වශයෙන් ධාන්‍ය අපනයනය සිදු කරන ආර්ජන්ටිනාව මෙම නියගය හේතුවෙන් දැඩි ආර්ථික අර්බුදයකට පත්ව තිබෙනවා. ඒ අනුව ආර්ථික අර්බුදයත් සමග ඉදිරියේදී පැමිණිය හැකි ගැටළු නිරාකරණය කර ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්ථා වල වැඩිදුරටත් සදහන් වන්නේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සදහා වන තරගය මේ වන විට නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හීදී පැවැත්වෙනවා. දිවා ආහාරය සදහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සදහා පන්දුවාර 06ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 12ක් රැස්කර ගෙන සිටියා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුණු 355ක් රැස් කළා. අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් කුසල් මෙන්ඩිස් රැස්කළ ලකුණු සංඛ්‍යාව 87ක්. එමෙන්ම නායක දිමුත් කරුණාරත්න ලකුණු 50ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 46ක් රැස් කළා. පන්දු යැවීමේදී ටිම්…
ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් උමාර් ෆාරුක් සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබද මෙහිදී සාකච්ඡාවක ලක්වු බවයි නාවික හමුදා මධ්‍ය අංශය නිවේදනය කළේ. මෙවැනි හමුවක් පවත්වා ඇත්තේ වසරකට පමණ පසුව වීම ද විශේෂත්වයක්. මෙම සාකච්ඡාවෙන් දෙරට අතර සුහදත්වය තවත් වර්ධනය කරනු ඇති බවයි නාවික හමුදාව සදහන් කළේ.
අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරැන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි සභාපති මහාචාර්ය ශ්‍යම් බන්නැහැක මහතා කියා සිටියේ සිය වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් විශ්වවිද්‍යාල පද්ධතියට සිදුවන බලපෑමට රජය වගකිව යුතු බවයි. මේ අතර එළඹෙන 14 වනදා වර්ජනයකට යොමුවන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය ඊයේ සදහන් කළා. එහි කැදවුම්කරු එස් පී විතානගේ මහතා පැවසුවේ එක්දින වැඩ වර්ජනයට යොමුවීමට වෘත්තිය සමිති සැලසුම්කර ඇති බවයි. රජයේ නව බදු ප්‍රතිපත්තිය විරෝධය දැක්වීම මෙම වැඩ වර්ජනයේ අරමුණයි.
පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබද පාර්ලිමේන්තු විවාදයේ දෙවන දිනය අදයි. අදත් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමට නියමිතයි. මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සුදුසු වාතාවරණයක් සකස් කළ යුතු බව ඊයේ විවාදයට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සදහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා කියා සිටියේ මැතිවරණ කල් දැමීමට එකග නොවන බවයි. මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සිදුකළ ප්‍රකාශයකට ද මෙහිදී ප්‍රථිචාර දැක්වුවා. එහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් පලකළා. මේ විවාදයට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222