Author: VNews
අභිමානවත් ඉතිහාසයක් ඇති කොළඹ හත කූඹි කැලේ 1966 වසරේ ඇරඹි ඩී.ඇස්. සේනානායක විදුහලට 2023 පෙබරවාරි මස 10 වැනි දිනට වසර පනස් හයක් සපිරුණි. එවකට කොළඹ ඉහළ පෙළේ ජනප්‍රිය පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා එකල දෙමාපියන් තුළ පැවතියේ වර්තමානයේ පවතින්නා සේ ම තරගකාරී ස්වභාවයකි. එවකට කොළඹ හත කුරුඳුවත්ත ප්‍රදේශයේ පැවති එක ම උසස් පාසල වූයේ රාජකීය විද්‍යාලය පමණි. එම පාසලට ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා වූ විශාල ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට රාජකීය විද්‍යාලයට ද හැකියාව නොතිබුණි. එම පාසලට සිසුන් ඇතුළත් කර ගැනීමට සුදුසුකම් සැපිරුව ද එම පාසලට දරුවන් ඇතුළත් කර ගැනීමට නොහැකි වීම පිළිබඳ දෙමාපියන්ගේ අපමණ වූ…
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුළු 06කින් ජය ගන්නට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 156ක් රැස් කළා. නායක ජොස් බට්ලර් ලකුණු 67යි. පන්දු යැවීමේදී බංග්ලාදේශ වෙනුවෙන් හසන් මහමුද් කඩුලු 2ක් බිදහෙළුවා. පිළිතුරැ ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 158ක් ලබා තරගය ජය ගත්තා. නජ්මුල් සැන්ටෝ ලකුණු 51යි. නායක සකීබ් අල් හසන් නොදැවී ලකුණු 34ක් ලබා ගත්තා.
රට නිවැරදි දිශානතියකට යොමු කර ගැනීමට සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසනවා. ලංකා ව්‍යාපාරික කවයේ නියෝජිතයින් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදී ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළා. රාජ්‍ය සහ පුද්ගලික අංශවල සහයෝගීත්වය රටේ සංවර්ධනයට වඩාත් වැදගත් බවයි පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා සදහන් කළේ. මහනුවර නගරය සංචාරක ආකර්ශනීය නගරයක් ලෙස ප්‍රවර්ධනය සදහා සිදුකරන වැඩසටහන පිළිබදව මෙම ව්‍යාපාරික හමුවේදී දීර්ඝව සාකච්ඡාවී තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම සහ අනිකුත් ලැබීම් මත රුපියල තවදුරටත් ශක්තිමක් වනු ඇති බව වයඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මාහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසනවා. මේ අතර මෙම වසර අවසානය වන විට රුපියලේ අගය යළි අවප්‍රමාණය විය හැකි බවට ෆිච් රේටින්ග්ස් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා. එම ආයතනය වඩිදුරටත් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය ශ්‍රී ලංකාවට කඩිනමින් ලබා ගත හැකි බවයි. ශ්‍රී ලංකාව සියලු ප්‍රධාන ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගෙන ඇති අතර මාණ්ඩලික මට්ටමේ ගිවිසුම මේ මස 20 වන දා විධායක මණ්ඩලය විසින් සලකා බලන බවටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා කියා සිටියේ. අද දින පාර්ලිමේන්තුවේදී සිය…
නිධන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චීවරධාරියෙකු ඇතුලු සැකකරුවන් හයදෙනෙකු අම්පාර – දමන බක්මිටියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. මොවුන් සතුව තිබූ පූජා භාණ්ඩ සහ උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ අතර, මන්නාරම – පල්ලිමුණ ප්‍රදේශයේදී සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කළ අවස්ථාවේ දී එහි තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ, මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ සිදු කළ වැටලීමක දී එම ලොරි රථයේ තිබී ජෙලග්නයිට් කූරු 158ක්, ඩෙටනේටර් 200ක් සහ අඩි 160ක් දිග සේවා නූලක් සොයාගත් බවයි.…
පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබද සභාව කල් තැබීමේ දෙදින විවාදය අද පෙරවරු 9.30ට ආරම්භ වුණා. පළාත් පාලන මැතිවරණය පිළිබඳව විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී පසුගිය දා ඉල්ලීමක් කළා. ඒ අනුවයි මැතිවරණය කල් දැමීම පිළිබද දෙදින විවාදය ලබා දීමට කතා නායකවරයා තීරණය කළේ. අද දින එම විවාදයේ අවසන් දිනයයි. මේ අතර රටේ පවතින ඖෂධ හිගය සදහා කඩිනමින් විසදුමක් ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ඉල්ලා සිටියා. මේ ඒ සදහා පිළිතුරු ලබා දුන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා. විශ්ව විද්‍යාලවල ප්‍රථම උපාධිය සහ පශ්චාත්…
සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයන් තිදෙනෙකුගේ සිරුරු තුනක් ප්‍රදේශ කිහිපයකින් හමුව තිබෙනවා. පොලිසිය සඳහන් කලේ නුවරඑළිය, පිදුරුතලාගල රක්ෂිතයේ දර කැඩිමට ගිය පුද්ගලයෙක් අභිරහස් ලෙස මියගොස් ඇති බවයි. එමෙන්ම පුවරසන්කුලම්, මනියර්කුලම් වැවේ වාන් දොරටුව අසළ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක්ද සොයාගෙන ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක්. මේ අතර වරකාපොල, වේවැල්දෙණිය ප්‍රදේශයේදී කොළඹ නුවර මාර්ගයේ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 65ක් වන යාචක කාන්තාවක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් තීරු බදු සහනයක් සහිතව විදුලි වාහන ආනයනය කිරීමේ වැඩසටහන ඊයේ සිට ආරම්භ කර තිබෙනවා. එලෙස ශ්‍රී ලංකාව වෙත ගෙන්වන ලද වාහන රේගුව විසින් නිදහස් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව සදහන් . විදෙශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසා ඇත්තේ පසුගිය වසර අවසානය වනවිට විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 475 දක්වා වර්ධනය වී ඇති බවයි. එලෙස විදේශ ප්‍රේෂණ වැඩිවීමට මෙම වැඩපිළිවෙල ඉවහල් වී ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා. විදේශගත ශ්‍රමිකයින්ගේ මුදල් මෙරට එවීමේදී නීත්‍යානුකූල ලෙස එවන අවස්ථාවන්හිදී එම ප්‍රමාණය මත පදනම්ව විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවුණා . එහිදී අදාළ ශ්‍රමිකයා විසින් මෙරටට…
මැතිවරණය සඳහා මුදල් ලබා දෙන්නැයි මැතිවරණ කොමිසම යොමු කළ ලිපිය මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර ඇති බව එහි ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා . ඒ, මැතිවරණ කොමිසම පසුගිය 7 වැනිදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ ලිපියට පිළිතුරු ලිපියක් එවමින්. මැතිවරණ කොමිසමේ සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, පවතින තත්ත්වය යටතේ මැතිවරණයට මුදල් නිදහස් කිරිම සඳහා තම අනුමැතිය ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දි ඇති බවයි. කෙසේ වෙතත් එම මුදල මැතිවරණ කොමිසමට නුදුරේදීම ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කරන බවද ඔහු පැවසුවේ . මුදල් ලබා නොදීම හේතුවෙන් පසුගිය 09 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට…
යල කන්නයේ වගා කටයුතු ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා . එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කළේ, මේ වනවිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ධාරිතාව 67.5%ක මට්ටමේ පවතින බවයි. මහ කන්නයේ වගා කළ කුඹුරු අක්කර ලක්ෂ අටෙන් 80% ක් මෙවර යල කන්නයේ වගා කිරීමට සැලසුම් කර ඇති බව ඇය ප්‍රකාශ කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222