Author: VNews

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ තවදුරටත් පෙරමුණ ගන්නට ඕස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා. අයි.සී.සීය ප්‍රකාශයට පත්කළ නවතම දර්ශකයට අනුව ඕස්ට්‍රේලියාවට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 3668ක්. නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ දෙවන තැන ඉන්දියාවට ද තුන්වන ස්ථානය එංගලන්ත කණ්ඩායමට ද හිමිව තිබෙනවා. ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ හත් වන ස්ථානයයි. මේ අතර නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 193ක් ඉදිරියෙන් පසුවනවා. ශ්‍රී ලංකාව පළමු ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 355ක් රැස් කළා. දෙවන දිනට තරගය නවතා දමන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 162ක් ලබා…

තව කියවන්​න

ඡන්ද අයිතිය රැක ගැනීමේ මහජන නියෝජිත ප්‍රතිඥාවකට අත්සන් තැබීමට දේශපාලන පක්ෂ නායකයන්, සිවිල් සංවිධාන සහ ආගමික නායකයන් පිරිසක් කටයුතු කර තිබෙනවා. ඒ, ඡන්ද අයිතිය සුරක්ෂිත කර ගැනීම උදෙසා වන මහජන නියෝජිත සමුළුව කොළඹ දී රැස්වූ අවස්ථාවේ දී යි. පළාත් පාලන ඡන්ද විමසීම දිගින් දිගට ම කල් දැමීමට එරෙහි ව පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තරග කරන දේශපාලන පක්ෂවල නායකයන්, සිවිල් සංවිධාන, වෘත්තිය සමිති, වෘත්තියවේදීන්, ආගමික නායකයන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වුණා. කෙසේ වුවත් ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් එක්ව සිටියේ නැහැ. එහිදී අදහස් දැක්වූ පක්ෂ නායකයින් හා නියෝජිතයින්.

තව කියවන්​න

වී මිල තීරණය කිරීමේ කමිටුව සඳහා ගොවි නියෝජිතයන් තුන්දෙනෙකු ඇතුළත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා. මිල තීරණය කිරීමේ කමිටුවට එක්වීමට තම නියෝජිතයින්ට ද අවස්ථාව සළසා දෙන ලෙස ගොවි නියෝජිතයින් ඊයේ ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව දිස්ත්‍රික් 25 ගොවි සංවිධාන නියෝජිතයින්ගේ එකඟත්වය මත ගොවි නියෝජිතයින් තුන්දෙනෙකු එම කමිටුවට පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා පියවර ගෙන ඇත්තේ. වී විල දී ගැනීම සඳහා රජය රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති අතර අවශ්‍ය වුවහොත් තවත් රුපියල් බිලියන 10ක් ඒ සඳහා වෙන් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

තව කියවන්​න

සිය අවුරුදු එකහමාරක් පමණ වයසැති කුඩා දියණියට අමානුෂික ලෙස පහර දුන් පියෙක් පිළිබඳව පොළොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වුනා. විදේශගතවී සිටින දැරියගේ මවගෙන් මුදල් ගෙන්වා ගැනීම සඳහා ඔහු මෙලෙස දැරියට පහරදෙමින් වේදනාවෙන් හඬාවැටෙන දැරියගේ වීඩියෝ මව වෙත යවන බවයි අනාවරණය වී ඇත්තේ . දරුවා පිලිබඳ මායිම් නොකරන මෙම පියා, මුදල් අවශ්‍ය සෑම මොහොතකම මෙවැනි වීඩියෝ පට ඇයගේ මවට යොමු කර තිබෙනවා. විදෙස් ගතව සිටින මව මේ පිලිබඳ දරුවාගේ මිත්තනියට දන්වා ඇති අතර පසුව ඇය විසින් මේ පිලිබඳ පොලිසියට පැමිණිලි කර තිබෙනවා. සිද්ධියට සම්බන්ධ පුද්ගලයා පොලොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන් ඇති අතර ඔහු හිඟුරක්කොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම පුද්ගලයා මින්…

තව කියවන්​න

එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට අද විරෝධතා ව්‍යපාරයක් පැවැත්වුනා. විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ ඇතුළු විශාල පිරිසක් එකව මෙම උද්ගෝෂණය ආරම්භ කර තිබුනේ පසුගිය දිනවල උද්ඝෝෂණවලට එල්ල වූ කදුළු ගෑස් ප්‍රහාර ඇතුළු ආණ්ඩුවේ මර්ධනයට එරෙහිවයි. කුරුඳු පොලු හමුදාවට විරෝධය දැක්වීම, පාසල් දරුවන්ට කඳුළු ගෑස් ගැසීම සහ පොලිසිය සරසවිවලට කඩාපැනීම මෙම විරෝධතාවයේ ප්‍රධාන සටන් පාඨ බවට පත්ව තිබුනා. පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එම විරෝධතාව පාලන කිරීම සඳහා අද පෙරවරුවේ සිට තුම්මුල්ල හන්දිය සහ කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළු කොළඹ නගරයේ ස්ථාන රැසක ස්ථානගතව සිටි බවයි අප වාර්තාකරු කියා සිටියේ.

තව කියවන්​න

විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා. මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලි බල මණ්ඩලය, නීතිපතිවරයා ඇතුළු පිරිසක් අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ගත් තීරණය අනීතික බවත් මේ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

තව කියවන්​න

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමග අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් පහළ යමින් ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා. වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එහි වාසිය කඩිනමින් ජනතාවට ලබා දීමට වෙළෙඳ සංගම් එකඟ වූ බවයි. මේ හේතුවෙන් උත්සව සමයේ ආහාර ද්‍රව්‍ය මිල ගණන් තවදුරටත් පහළ යනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද දිනයේ සුළු අවප්‍රමාණය වීමක් පෙන්නුම් කළා. මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 311යි ශත 62ක් ලෙස දැක්වුණු අතර, විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 328 ශත 90ක් ලෙසයි. ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 307යි…

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාල අති විශේෂ ගැසට් පත්‍ර නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ උපදෙස් පරිදි පළාත් පාලන මැතිවරණය 2023.04.25 වනදා පැවැත්වීමට දින නියම කරමින් එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් මෙම අති විශේෂ ගැසට් පත්‍ර නිකුත් කරනු ලැබුවා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පැවසුවේ, එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අංක 2322/28 සිට 2322/52 දක්වා වූ අති විශේෂ ගැසට් පත්‍ර මගින් එකී මැතිවරණය පැවැත්වීමට දින නියම කර ඇති බවයි. එමෙනම පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රකා දින 5 ක් තුළ ද අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20 ත් 25 ත් ඇතුළත ද මුද්‍රණය කර ලබා දීමට හැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය…

තව කියවන්​න

අද වන විට ලෝක වෙළඳපලේ බොරතෙල් සහ රන් මිලෙහි අඩුවීමක් දක්නට ලැබෙනවා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81යි ශත 12ක් ලෙසයි සටහන්ව තිබුනේ. මේ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 75යි ශත 13 දක්වා පහළ ගොස් තිබෙනවා. මේ අතර පසුගිය දිනවලට සාපේක්ෂව ලෝක වෙළඳපලේ රන් මිලද පහළ යමින් තිබෙනවා. රන් අවුන්සයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 1,829 යි ශත 13ක් ලෙසයි. ඒ අනුව මෙරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 40,000කින් අඩු වී ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් එක්ලක්ෂ හතලිස් පන්දහසක්. එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 38,000කින් අඩුවී ඇති අතර මේ වන විට රන්…

තව කියවන්​න

ඉන්ෆ්ලුවෙන්සා එච් ත්‍රී එන් ටූ වෛරසයෙන් ඉන්දියාවේ පළමුවරට පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. හර්යානා සහ කර්නාටක ප්‍රාන්ත වලින් මෙම මරණ වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කලේ. හොංකොං උණ ලෙසින් ද හැඳින්වෙන, ඉන්ෆ්ලුවෙන්සා එච් ත්‍රී එන් ටූ වෛරසය ආසාදිත 90 දෙනෙකු ගත වූ කාලය තුළ ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් රෝග ලක්ෂණවලට බොහෝ සමානකම් ඇති මෙම ඉන්ෆ්ලුවෙන්සා එච් ත්‍රී එන් ටූ වෛරසය ආසාදිතයන්ට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, ශ්වසන අපහසුතා මෙන්ම පාචන රෝග ලක්ෂණ ද පෙන්නුම් කරනවා.

තව කියවන්​න