Author: VNews

විරෝධතා පාලනය සදහා ප්‍රමිතියෙන් තොර කදුළු ගෑස් භාවිත නොකරන බව පොලිසිය අවධාරණය කරනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා කියා සිටියේ ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන ඒ සදහා භාවිත කරන බවයි. විරෝධතා පාලනය සදහා කල් ඉකුත් වු කදුලු ගෑස් භාවිත කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. එමෙන්ම කදුළු ගෑස් වැදීමෙන් මියගිය බව කියන පුද්ගලයින්ගේ මරණ පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සදහන් කළා. මේ අතර පොලිස් කැරලි මර්දන කණ්ඩායම් නිසි ක්‍රමවේද යටතේ විරෝධතා පාලනයට එක්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත…

තව කියවන්​න

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ නවසීලන්ත පළමු ඉනිම ලකුණු 373කට සීමා වුණා. ඒ අනුව නවසීලන්තය, ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 18ක් ඉදිරියෙන් පසුවනවා. නවසීලන්ත ඉනිම ශක්තිමත් කළ ඩැරයල් මිචෙල් ලකුණු 102යි. මැක්ට් හෙන්ඩ්‍රි වේගවත් ලකුණු 72ක් රැස් කළා. පන්දුයැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගත්තා. නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හිදී පැවැත්වෙන තරගයේ අද තුන්වන දිනයයි.

තව කියවන්​න

කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා මෙරටට රැගෙන ඒම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද මැඩගස්කරය බලා පිටිත්ව යාමට නියමිතයි. සැකකරු මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන තිබුණු අතර අතර ඔහු සමග සලිදු මල්ෂික නොහොත් කුඩු සලිදු ද අත්අඩංගුවට ගැණුනා. මොවුන් අත්අඩංගුවට ගත් බවට ජාත්‍යන්තර පොලිසිය විසින් නිල වශයෙන් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවයි පොලිස් මුලස්ථානය සදහන් කළේ. ජාත්‍යන්තර පොලිසිය සමග එක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා සදහන් කළේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයට එරෙහිව කොළඹ දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති ඇතුළු මන්ත්‍රීවරැන් 08 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් නෙරපීම වළක්වාලමින්. අදාළ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර තිබු පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු පුර්ණිමා පරණගම මහත්මිය මෙම වාරණ නියෝගය නිකුත් කළා. මෙම වාරණ නියෝගය ලබන 24 වනදා දක්වා බලාත්මක වනු ඇති. පැමිණිලිකරුවන් අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව තමන්ව පක්ෂයෙන් නෙරපා ඇති බවයි. මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද මාධ්‍යට අදහස් පලකළා.

තව කියවන්​න

මේ වන විට විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ නාමලේඛණයක් පාර්ලිමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම නාම ලේඛණය නිකුත් කර ඇත්තේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ මධුර විතානගේ මහතා සහ කරුණාදාස කොඩිතුවක්කු මහතා විසින් එම නාමලේඛණය ඉල්ලා තිබුණා. පාර්ලිමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයට අනුව විශ්‍රාමික මන්ත්‍රීවරුන් 266 දෙනෙකු මේ වන විට විශ්‍රාම වැටුප් ලබමින් සිටිනවා. මේ අතර මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තු විවාදයේදී ද අදහස් පලවුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් තිස්තුන් දෙනෙකු විශ්‍රාම වැටුප් ලබන බවයි.

තව කියවන්​න

ප්‍රමාද වී ඇති නව විදුලි සබඳතා 36000ක් පමණ කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී  මේ බව ප්‍රකාශ කළා. ලංකා විදුලිබල මණ්ඩලයේ පැවති මුල්‍ය අක්‍රමිකතා හේතුවෙන් නව විදුලි සබදතා ලබා දීම ප්‍රමාද වු බවයි කංචන විජේසේකර මහතා සදහන් කළේ. පසුගියදා විදුලි ගාස්තු වැඩි කිරීමත් සමග විදුලිබල මණ්ඩලයේ මුල්‍ය අංශය ශක්තිමත් වු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඒ අනුව සති 06ක කාලයක් තුළ දී ආදළ නව විදුලි සබදතා ලබා දියහැකි බව ද අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළා.

තව කියවන්​න

කොරෝනා වසංගතයෙන් පසු ප්‍රථම වරට චීන සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. ගුවන්තොටුපල අප වාර්තාකරැ පැවසුවේ ඊයේ රාත්‍රියේ චීනයේ ෂැන්හයි නුවර සිට පැමිණි ගුවන් යානයකින් මෙම සංචාරකයින් පිරිස දිවයිනට පැමිණි බවයි. 181 දෙනෙකුගෙන් සමන්විත මෙම චීන සංචාරකින් පිරිස දින 07ක කාලයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි චීන සංචාරකයින් පිළිගැනීම සදහා විදේශ කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා ගුවන්තොටුපලට පැමිණ සිටියා.

තව කියවන්​න

ඉන්ධන මිලහෙි අඩුවීමක් සිදුවුවහොත් ඉදිරියේදී බස් ගාස්තු අඩු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඩොලරයට සාපේක්ෂව රැපියල ශක්තිමත් වීම හමුවේ ඉන්දන මිල අඩුවනු ඇති බවයි ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ. එහි වාසිය ජනතාවට ලබා දීමට බස් ගාස්තු අඩු කිරීමට බස් හිමියන් සුදානම් බව ද ගැමුණු විජේරත්න මහතා සදහන් කළා. මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සම්බන්ධයෙන් ජනතාව මෙලෙස අදහස් පලකළා.

තව කියවන්​න

උතුරු කොරියාව නව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. දකුණු කොරියාව පවසන්නේ උතුරු කොරියාව කෙටි දුර බැලැස්ටික් මිසයිල අත්හදා බලන බවයි. මේ වන විට දෙරට අතර විසදිය නොහැකි මට්ටමේ විරසකකම් ඇති වෙමින් තිබෙනව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කෙළේ. දකුණු කොරියාව සහ එක්සත් ජනපදය එක්ව දැවැන්ත ඒකාබද්ධ මිලිටර් අභ්‍යාසයක් සිදුකරමින් සිටින බවයි වාර්තා වන්නෙ. මෙම මිලිටර් අභ්‍යාසයට ප්‍රතිචාර වශයෙන් උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම සිදුකරන බවට අනුමාන කෙරෙනවා.

තව කියවන්​න

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙදසැල් හිමියෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබෙනවා. හැටන් දිසා විනිසුරු ෆාරුක් ඩීන් මහතායි මෙම නියෝගය ලබා දුන්නේ. නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරිය විසින් සැකකාර වෙළදසැල් හිමියා අත්අඩංගුවට ගෙන තිබුණා. පසුව ඔහු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී සැකකරු වරද පිළිගෙන තිබෙනවා. රතු සහ සුදු බිත්තර රුපියල් 52 සිට 56 දක්වා මිල ගණන්වලට අලෙවි කරමින් සිටියදීයි සැකකාර වෙළදසැල් හිමියාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

තව කියවන්​න