- ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරුන්ගේ හමුවක්
- සුප්‍රසිද්ධ සූපවේදිනිය මියයයි
- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක
- අර්චුනාගේ පහර කෑමට ලක් වූ පුද්ගලයින් දෙදෙනෙක් රෝහලට
- නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි
- රිය අනතුරකින් තිදරු මවක් මරුට
- වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ සහල් තොගයක් සොයා ගැනේ
- ට්‍රම්ප්ගේ යෝජනාවට උතුරු කොරියාවෙන් ප්‍රතිචාර
Author: VNews
ලබන සතියේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීමට වෘත්තිය සංගම් රැසක් තීරණය කර තිබෙනවා. රජයේ නව බදු සංශෝධනය සම්බන්ධයෙන් වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමග පැවැත්වු සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වීම මෙයට හේතුවයි. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමග පැය දෙකකට අධික කාලයක් ඊයේ දිනයේදී අදාළ සාකච්ඡාව පවත්වා තිබුනා. මේ අතර සෞඛ්‍ය හා තැපැල් වෘත්තිය සමිති ද රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරි සතියේ ගනු ලබන වෘත්තිය ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රකාශයට පත් කළා, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා . ඒකාබද්ද තැපැල් වෘත්තිය සමිති පෙරෙමුනේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ…
බ්‍රිතාන්‍ය රජය මගින් ප්‍රංශයට පවුම් මිලියන 500ක මුදලක් ලබා දී තිබෙනවා. ඒ නීතිවිරෝධි සංක්‍රමණිකයින් පැමිණිම වළක්වා ගැනීම සදහායි. පැරිස් නුවර පැවති සමුළුවකදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රංශ ජනාධිපතිවරයා මෙම මුදල් ප්‍රදානය කර තිබෙනවා.
රැපියල් කෝටි 16ක් විටිනා රත්‍රං තොගයක් නීතිවිරෝධිව මෙරටින් රැගෙනයාමට සැලසුම්කළ ඉන්දීය ජාතිකයෙකු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරුවන් සිය ගමන් මලු තුළ සුක්ෂමව සගවා තිබු මෙම රත්‍රං තොගය ඉන්දියාවේ මුම්බායි වෙත රැගෙන යාමට සැලසුම් කර තිබුණා. රන් කැබලි සහ ජෙල් ස්වරෑපයෙන් ගමන් මලුතුල සගවා තිබු මෙම රත්තරන් තොගයේ බර කිලෝ 10ක් පමණ වන බවයි රේගුව සදහන් කළේ. මේ පිළිබද විමර්ශන සිදුකරන රේගු නිලධාරීන් පැවසුවේ රන්, ජෙල් රත්තරන් බවට පත්කිරීමේ තාක්ෂණය දැනට ඉන්දියාවේ පමණක් පවතින බවයි.
ජර්මනියේ ආගමික රැස්වීම් ශාලාවකදී පුද්ගලයින් 7 දෙනෙකු වෙඩිතබා ඝාතනය කළ පුද්ගලයා මානසික රෝගී තත්ත්වයෙකින් පෙළන්නෙකු බව අනාවරණ වී තිබෙනවා. ඔහුට ගිනි අවියක් ලබා ගැනීමට බලපත්‍රයක්ද හිමිව තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුගියදා ජර්මනියේ නගරයක පැවති ආගමික රැස්වීමකට කඩා වැදුනු මෙම පුද්ගලයා එහි සිටි බැතිමතුන්ට වෙඩි තබා තිබුණා. මෙම වෙඩි තැබීමෙන් ගැබිණි කාන්තාවකගේ කුසතුළ සිටි බිළිදෙකු ද මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ
බිත්තර ආනයනය ප්‍රමාදවීම සොයා බැලීමට නිලධාරියෙකු ඉන්දියාවට යාමට නියමිත බව වෙළද අමාත්‍යංශය පවසනවා. රජයේ වාණිජ හා නීතිගත සංස්ථාවේ නිලධාරියෙකුයි මෙලෙස ඉන්දියාවට යැවීමට සැලසුම් කර ඇත්තේ. බිත්තර සම්බන්ධයෙන් වන ප්‍රමිති වාර්තා සහ බිත්තර ආනයනය ප්‍රමාදවීම පිළිබද එම නිලධාරියා කරුණු සොයා බලනු ඇති. බිත්තර ලක්ෂ 20ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 07ක් මෙරටට ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේයි මෙම ඖෂධ වර්ග ලැබී ඇත්තේ. කෙසේවෙතත් වෛද්‍ය සැලසුම් අංශයේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 150ක පමණ හිගයක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.
දිවයිනේ පළාත් කිහිපයකට අද තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේ සහ මහනුවර , නුවරඑළිය , ගාල්ල , මාතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම ඌව පළාතේත් අම්පාර, මඩකලපුව , පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්වලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු එඩින්බරෝහි නව ආදිපාදවරයා ලෙස නම් කර තිබෙනවා. බකිංහැම් මාලිගය විසින් මෙය නිවේදනය කළා. එඩ්වඩ් කුමරුගේ 59 වන උපන්දිනයේදී තුන්වන චාල්ස් රජු විසින් පිරිනමන ලද මෙම ධුරය ඔහුගේ ජීවිත කාලය සදහා වලංගු වනු ඇති. එඩිබ්බරෝ නව ආදිපාදවරයා අද ස්කොට්ලන්තයේ පැවැත්වෙන උත්සවයකට ද එක්වීමට නියමිතයි.
මඩකලපුව බලා ධාවනය වන මිනගයා නගරාන්තර දුම්රියේ වැසිකිළියක දමාගොස් සිටි දින 10ක් පමණ වයසැති බිළිදෙකු පොලිසිය සොයාගෙන තිබෙනවා. දුම්රිය ස්ථනයේ නිලධාරීන් කළ දැනුවත් කිරීමකදීයි පොලිසිය දරුවා සොයාගෙන ඇත්තේ. පොලිසිය පැවසුවේ එම දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ බවයි.
ආගමික අන්තවාදී තර්ජන රටතුළ නැවත ඇතිවිය හැකි බව ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති එම කාරක සභාවේ පළමු හමුවෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා මේ බව ප්‍රකාශ කළා. ත්‍රස්තවාදය නිම කළ ද විදෙස් රටවල සිට ඇතැම් පාර්ශව ක්‍රියාත්මක වෙමින් පවතින බවයි සරත් වීරසේකර මහතා පෙන්වා දුන්නේ. බුද්ධි තොරතුරු පිළිබද අවධානය යොමු කර නිසි ක්‍රියාමාර්ග ගතයුතු බවයි ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති සරත් වීරසේකර මහතා සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222