- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
- නුවරඑළියට මල්තුහීන
- රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
- වැසි රහිත කාලගුණ තත්ත්වයක්
- පොලිසියේ ඉහළ තනතුරු කිහිපයකට ස්ථාන මාරු
- පළාත් පාලන කාර්ය මණ්ඩල සමාලෝචන වාර්තාව 31 වැනිදා
- USAID කාර්ය මණ්ඩලයට නිවාඩු ලබා දීමේ ට්‍රම්ප්ගේ තීරණයට තහනමක්
- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
Author: VNews
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ ව නඩු විභාගයට ගැනුණු අතර අද දින එම නඩු සමථයකට පත් විය. එහිදී එම නඩු සමථයට පත් වීම පිළිබඳ තීරණය නිකුත් කළ ගරු අධිකරණය දැනට අධිකරණයට ඉදිරිපත් ව ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇති සමථ කොන්දේසි අනුව ක්‍රියාකළ යුතු බව දැන්වීය. ක්‍රියාත්මකවීමේ ස්වභාවය අනුව අවශ්‍ය වුවහොත් අදාල පාර්ශවයන්ට මෝසමක් මාර්ගයෙන් නැවත නඩුව ආපසු කැඳවීමට අයිතිය ඇති බවත්, එම කරුණු මත නඩුව බහා තබන බවත්, අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලදි. මේ සඳහා මැදිහත්වීම්වන පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ වී.කේ. චොක්සි මහතා සහ නීතිඥ ඩී. එස්. රත්නායක මහත්මිය පෙනි සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව…
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමිවන බවට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙනවා. එහි කොමසාරිස් ජනරාල් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ පැෆරල් සංවිධානය විසින් අදාළ පැමිණිල්ල කොමිසම වෙත යොමු කර ඇති බවයි. ලබන 20 වනදා දිනය පුරා අධ්‍යන කටයුතු පැවැත්වීම හේතුවෙන් යාපනය , රුහුණ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට මෙලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවන බවයි වාර්තා වන්නේ. මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නිමල් පුංචිහේවා මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අදාළ විශ්වවිද්‍යාලවල කුලපතිවරුන් සමග සාකච්ඡා කරන බවයි.
ආනයනික සීනි සදහා පනවා තිබු බදු අඩු කිරීම තුළින් රජයට පාඩු සිදුකළ බවට ගොණුකර ඇති පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ අදාළ පෙත්සම අද එස් තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවු අවස්ථාවේදීයි. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම අප්‍රේල් මස 02 වනදා යළි කැදවන ලෙසයි. ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා විසින් මෙම මුලික පෙත්සම ගොණුකර තිබුණා. ආනයනික සීනි බදු අඩු කිරීම මගින් රජයට රුපියල් කෝටි 1590 ක් පාඩු වු බවයි අදාළ පෙත්සමේ දැක්වෙන්නේ.
රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයෙන් පිට කර ගෙන යමින් සිටි පුද්ගලයන් තිදෙනකු සමග කටුනායක රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 09/10 දින අත් අඩංගුවට ගෙන තිබේ . කොළොම්බියාවේ බොගොටා නගරයේ සිට ඉකුත් 08/25 දින මෙම පාර්සලය ගම්පහ , ගනේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට ගුවන් මගින් , ෆිට්ස් එයාර් කූරියර් සේවාව ඔස්සේ එවා තිබුණි . කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 සහ 24 , අය්යා සහ මල්ලී දෙදෙනෙකු සහ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ගුවන් භාණ්ඩ ගම්මානයේ සේවය කරන වාප්පු ලිපිකරුවකු මෙම පාර්සලය නිදහස් කර ගෙන පිටව යාමට තැත් කරමින් සිටියදී රේගු…
ජනාධිපතිවරණයෙන් පසු විදෙස්ගත වීමට සදහා වීසා ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් තමන්ට නොමැති බවත් ලොව ඕනෑම රටක වසර 10 ක කාලයක් ජීවත්වීම සඳහා විශේෂ වීසා බලපත්‍රයක් තමා සතුව පවතින බවත් අමාත්‍ය ටිරාන් අලස් පවසයි. මහනුවර ශ්‍රී දළදා මාළිගාවට 11 දින පැමිණි ඒ මහතා ආගමික වතාවත් වලින් පසු මාධ්‍ය හමුවේ ඉහත අදහස් පළ කළේය. මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද කීය. ජනාධිපතිවරණයෙන් පසු විදේශගතවීම සඳහා රජයට සම්බන්ධ මැති ඇමතිවරු 80 දෙනෙක් මේ වන විට වීසා ලබාගෙන ඇති බවට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සඳහන් කළත් මම හිතන විදිහට ඒක ඉතාමත්ම අසත්‍ය ප්‍රකාශයක්. මැතිවරණ කාලයට එක එක අය එක එක කතා කියනවා. යම් ඇමතිවරු…
තායිලන්තයේ පැවති 37 වන ” සෙපක්තක්රෝ ”( Sepaktakraw ) ලෝක ශූරතා කින්ග්ස් කප් තරගාවලියට ( Kings Cup ) සහභාගී වූ , ශ්‍රී ලංකා සෙපක්තක් රෝ කණ්ඩායම , එහි ඉසව් 05 කින් ලෝකඩ පදක්කම් 05 ක් , ශ්‍රී ලංකා සෙපක්තක්රෝ ඉතිහාසයේ පළමු වරට දිනා ගෙන 09/10 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . මෙම තරගාවලිය තායිලන්තයේ ,කොරාත් නුවර , ලෝකයේ රටවල් 29 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 750 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් ඉකුත් 09/01 දින සිට 09/08 දින දක්වා පවත්වා තිබුණි . සෙපක්තක්රෝ යනු පාද උපයෝගී කර ගෙන සිදු කෙරෙන වොලිබෝල් ක්‍රීඩාවක් බවත් , මෙම ක්‍රීඩාව තායිලන්තයෙන් ආරම්භ වී අග්නිදිග ආසියාව පුරා පැතිර…
ගිණි ගොඩකට පැන්නොත් පිච්චෙන බව දැනගෙන ‘රනිල්ට – නාමල්ට නෙවෙයි සජිත් ප්‍රේමදාසට ඡන්දය දී රටත් ජීවිතයත් බේරා ගැනීමට එජාපයටත්, පොහොට්ටුවටත් අවස්ථාව පැමිණ ඇතැයි‘මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහණී කවිරත්න පොළොන්නරුවේ දී පැවසුවාය. ආර්ථිකය ගැන මෙලෝ අල බෝලයක් තරම් දැනුමක් නැති ගෝඨාභය රාජපක්ෂට බලය දුන්නෝත් රට හොම්බෙන් යන බව 2019 අපි ඇති තරම් කිව්වා. එදා වෙච්ච අත්වැරැද්ද නිසා මේ රට අවුරුදු 15 කට පිටිපස්සට ගියා. රටේ ආර්ථිකය, විදේශ සබඳතා ගැන කිසිම අවබෝධයක් නැති ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට බලය දුන්නොත් ආයෙත් සැරයක් රටම ගිණි ගොඩකට වැටෙන බව අප දැන ගත යුතු යැයි කවිරත්න මන්ත්‍රීවරිය පැවසූවේ පොළොන්නරුව පැවති සමගි ජන බලවේග රැස්වීම් මාලාව අමතමිනි. අනුර…
විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම මෙවර මාර්ගගත ක්‍රමයට සිදු කිරීම නිසා රජයට රුපියල් මිලියන දහයක පමණ මුදලක් ඉතුරු වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම සඳහා මින් පෙර රුපියල් මිලියන 13.5ක් වැය වූ අතර මෙවර ඒ සඳහා වැය වූයේ මිලියන 3.5ක මුදලක් බවත් ඒ අනුව රුපියල් මිලියන 10ක මුදලක් රජයට ඉතිරි කරගැනීමට හැකි වූ බවත් හෙතෙම පැවසී ය. ශික්ෂණලාභීන් බඳවාගැනීම සඳහා පෙර වසර එකහමාරත් දෙකත් අතර කාලයක් ගත වූ අතර මෙවර මාස 04ක් වැනි ඉතා කෙටිකලක් තුළ එම බඳවාගැනීම් කාර්යක්ෂම ව සිදු කළ හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ…
රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත විස්කි , එනසාල් , දුරකථන , ඇදුම් ඇතුළු භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වෙන් වූ රක්ත මාවත ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් 06 දෙනෙකු සමග ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොවුන් අතර කොළඹ – 13 , කොළඹ – 15 , කොළඹ හෙට්ටිවීදිය , හැටන් – කොටගල , වත්තල හේකිත්ත යන ප්‍රදේශ වල පදිංචිකරුවන් සහ ඉන්දීය ජාතික එක් ගුවන් මගියෙකු ද වූහ . මොවුන් 09/11 දින අලුයම 04.30 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන්…
ඉන්දියාව , පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානයේ ප්‍රදේශ කිහිපයකට ප්‍රභල භූ කම්පනයක් සිදුව තිබෙනවා. දිල්ලි , උත්තර් ප්‍රදේශ් , හර්යානා , පන්ජාබ් , කාශ්මීර් යන ප්‍රදේශවල මෙම භූ කම්පනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ එකක 5.8ක ප්‍රභලත්වයක් ගෙන ඇති බව සදහන්. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සදහන් කළේ අද පස්වරු 12.58ට පමණ මෙම භූ කම්පනය වාර්තා වී ඇති බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222