Author: VNews

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. එමෙන්ම වයඹ පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවද සඳහන්.

තව කියවන්​න

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වැඩබලන සභාපති ලෙස ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ පත්කර තිබෙනවා. ඒ නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්වීමත් සමගයි.

තව කියවන්​න

ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද, අපනයන ආර්ථිකයක්ද කියා තමාට පැහැදිලි කරන ලෙස ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතලේ ප්‍රදේශයේ ඊයේ (14) පැවති ජන හමුවකට එක්වෙමින්.

තව කියවන්​න

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන් 71 දෙනෙක් මේ වන විට දිවයිනට පැමිණ තිබෙනවා. ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඉන් 43 දෙනෙක් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් බවයි. එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයන් 22 දෙදෙනෙක් ද මේ වන විට දිවයිනට පැමිණ සිටිනවා. ඇන්ෆ්‍රෙල් සංවිධානයෙන් පැමිණ ඇති නිරීක්ෂකයන් සංඛ්‍යාව 06ක් ලෙසයි වාර්තා වන්නේ.

තව කියවන්​න

රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සමග ඩීල් දැමුවත් තමන්ගේ එකම ඩීල් එක මෙරට ජනතාව සමග පමණක් බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවැති ජන රැලියක් අමතමින්.

තව කියවන්​න

ලබන සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබූනු පුද්ගලයින්ට , ලබන බදාදා සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් එම පත්‍රිකා ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවසඳහන් කර සිටියේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

තව කියවන්​න

දිවයිනේ පළාත් කිහිපයක අද තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලින් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං පිළිබද අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

තව කියවන්​න

ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සැප්තැම්බර් 21 සහ 22 යන දෙදින සුරාසැල් වසා තැබෙන බවයි වාර්තා වන්නේ. මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව එම පියවර ගන්නා බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී ගුණසිරි මහතා පැවසුවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කරන ඩයලොග් අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ සභාපති කුසලාන අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතරයි. කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රිඩා සංකීර්ණයේදී පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 4.15ට ආරම්භ වීමට නියමිතයි. කොළඹ වෙස්ලි විද්‍යාලය ලකුණු 23 ට 20 ක් ලෙස පරාජය කරමින් ශාන්ත පීතර විද්‍යාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. ඉසිපතන විද්‍යාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 25 ට 20 ලෙස පරාජයට පත්කරමින්. අන්තර් පාසල් පිළිමඵන් පිටුදැකීමේ රග්බි තරගාවලිය 1978 වසරේදී ආරම්භ වු අතර මේ දක්වා ශූරතා 13ක් දිනා ගනිමින් ඉසිපතන…

තව කියවන්​න