Author: VNews

අද දිනයේ දී පිටකොටුව ප්‍රදේශයේ පවතින සියලු ආපනශාලා පරීක්ෂා කරන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. පහළ දමන ලද මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට ආහාර ද්‍රව්‍ය ලබා දෙන්නේදැයි පරීක්ෂා කිරීම මෙහි අරමුණයි. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාවට මෙන්ම සියලු පාරිභෝගිකයින්ට වැඩි මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා වගකිව යුතු අදාළ පාර්ශව එම මොහොතේම දැනුවත් කරන බවයි එම සංගමය සඳහන් කලේ.

තව කියවන්​න

බදු පැහැරහරින්නන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාග ලබා දෙන බව ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. දේශීය ආදායම් පනතේ 211 වගන්තිය යටතේ බදු පැහැර හරින්නන් සම්බන්ධයෙන් සපයන ලද තොරතුරු පදනම් කරගනිමින් බදු අය කළ විට රැස් කරන ලද ආදායමෙන් සියයට 15 ක් දක්වා එසේ මූල්‍ය ත්‍යාග ලෙස පිරිනමන බවයි වාර්තා වන්නේ. තවද හිතාමතා බදු පැහැර හරින පුද්ගලයින් පිළිබදව තොරතුරත් දන්නේ නම් දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙසත්, තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ අනන්‍යතාවය ආරක්ෂා වන පරිදි දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත් සදහන්. මේ අනුව එකතු කළ අගය මත බදු වංචා, අසත්‍ය නිදහස් කිරීම්, අසත්‍ය ලියවිලි ආදි නෛතික උල්ලංඝනය කිරීම් ගැන ද මෙහිදි…

තව කියවන්​න

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් තබන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පැවසුවේ විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතු`ඵ පාර්ශව කිහිපයක් ඉදිරිපත් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි. අප්‍රේල් අවසන් සතියේදී හෝ මැයි මස මුල් සතියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද අධිකරණ අමාත්‍යවරයා කියා සිටියා.

තව කියවන්​න

දින 4 ක සිට යළිත් අමෙරිකානු ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඩොලර් 84 යි ශත 36 ක් ලෙස සටහන් වී තිබෙනවා. ඔපෙක් සංවිධානය ක්ෂණිකව සිදු කළ කප්පාදුවක් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ ගිය බවටයි විදෙස් විශ්ලේෂකයින් අවධාරණය කර සිටියේ. කෙසේ වෙතත් චීනයේ ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ යාම සහ ලොව ප්‍රබල බොරතෙල් ආනයනකරුවන්ගේ ඉල්ලුම සමග ඉදිරියේදී ඔපෙක් ඉන්ධන මිල, බ්‍රෙන්ට් ඉන්ධන මිල සමග තරගකාරි වනු ඇති බවද සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

තව කියවන්​න

ස්ත්‍රී දූෂණ චෝදනාවකට ඇප ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලකට සමාජ මාධ්‍ය තහනම් කරමින් පනවා තිබූ නියෝගය ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් ඉවත් කර තිබෙනවා. අදාළ නඩුව අද සිඩ්නි ඩව්නිං සෙන්ටර අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීයි මෙම නියෝගය ලබා දී ඇත්තේ. අදාළ නඩු විභාගය යළි අප්‍රේල් 27 වැනිදා කැඳවීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

හෙට දිනයේ දිවයින පුරා සුරාසැල් විවෘත කර තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. හෙට දිනය රජයේ නිවාඩු දිනයක් වුවද සුරාසැල් විවෘත කර තැබීමට තීරණය කළ බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. මේ අතර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් එළැඹෙන 13 සහ 14 යන දෙදෙන තුළ පමණක් දිවයිනපුරා සුරාසැල් වසා තබන බවද සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.

තව කියවන්​න

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතව වාර්තාව අනුව පන්දුවාර 20යි 20 ශ්‍රේණිගතකිරීම් හී පන්දු යවන්නන් අතර 10වන ස්ථානය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා. මෙහිදී මහීෂ් තීක්ෂණ ස්ථාන 03න් ඉදිරියට පැමිණ ඇති බවයි අදාළ වාර්තාවේ සදහන් වන්නේ. ඒ අනුව පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් අතර පළමු දසදෙනා නියෝජනය කරමින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු සිටින අතර, එහිදී වනිදු හසරංග පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම් හී දෙවන ස්ථානයේ පසුවනවා. මේ අතර පන්දුවාර 20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හී ස්ථාන 12කින් ඉදිරියට පැමිණීමට චරිත් අසලංක සමත්ව තිබෙනවා. ඒ අනුව මේ වන විට ඔහු රැදී සිටින්නේ ශ්‍රේණිගතකිරීම් හී 23වැනි ස්ථානයේයි.

තව කියවන්​න

කන්තලේ දී පුරා විද්‍යා වටිනාකමක් ඇති බවට සැක කළ හැකි සලකුණු සහිත් කාසි සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කන්තලේ කෝට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් හබරණ දෙස සිට කන්තලේ දෙසට ධාවනය වූ මෝටර් රථයක් නවතා පරික්ෂා කිරීමේදී මෙම කාසි සොයාගෙන ඇති අතර, මෙම පුද්ගලයන් සන්තකයේ තිබී කාසි 389ක් සිය භාරයට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංලුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ සැකකාරියන් දෙදෙනා අවුරුදු 32ත් 49ත් අතර වයස් වල පසුවන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. දඹුල්ල කණ්ඩායම සහ යාපනය කණ්ඩයම අතර මෙම තරගය පැවැත්වෙන අතර, තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලිය සදහා දඹුල්ල සහ යාපනය කණ්ඩායම වලට අමතරව ගාල්ල, මහනුවර සහ කොළඹ යන කණ්ඩායම්ද ඇතුලත්ව තිබුණා.

තව කියවන්​න

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල අසලදී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි මෙම පුද්ගලයා පුද්ගලයන් විදේශ ගත කරන බවට පවසා මුදල් වංචා සිදු කර ඇති බවට සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ. වැඩිදුර විමර්ශනයේදී සැකරු කොළඹ ජාතික රෝහල තුලදී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් ඕස්ටේ‍රලියාවට යවන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 70,000ක ලබා ගෙන මුදල් වංචාවක් සිදු කර ඇති බවද අනාවරණය වී තිබෙනවා. සැකකරු 56 හැවිරිදි යක්විල, පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න