- එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්-මහ බැංකුව
- මත්ස්‍ය අපනයනය සුරක්ෂිත කරන අවබෝධතා ගිවිසුමක්
- පළමු ශේණියේ සහ 06 ශේණියේ සිසුන්ට අවශ්‍ය මොඩියුලර් මුද්‍රණය ආරම්භ කරයි
- ඩිජිටල් කාර්ය සාධක බලකාය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම වෙනුවෙන් -හරිනි අමරසූරිය
- ජනාධිපති අනුර එක්සත් ජනපද ජනාදිපති විශේෂ නියෝජිත අතර හමුවක්
- කුෂ් තොගයක් සමග විදේශිකයෙකු කොටුවෙයි !
- කාලෙකින් හඳට යන්න නාසා ලෑස්තිවෙයි !
- විශ්‍රාමික රණවිරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් – VIDEO –
Author: VNews
ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ QR කේතයට පරිභාහිරව ඉන්ධන අලෙවි කළ පිරවුම්හල්වල අලෙවිය අත්හිටුවන බවයි. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරියේ නිලධාරීන් සමග පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදියි මෙම තීරණය ගෙන ඇත්තේ. උත්සව සමයේ අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීම සහ ඉදිරි සති කිහිපය සදහා ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
පකිස්ථාන හිටපු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා. ඒ පාකිස්ථාන ත්‍රස්තවාදය වැළැක්වීමේ අධිකරණය මගින් පනවා තිබු නඩු තුනකට පෙනී සිටීම සඳහායි. විශේෂ ආරක්ෂාවක් යටතේයි හිටපු අග්‍රාමාත්‍යවරයා අධිකරණයට පැමිණ ඇත්තේ. ජීවිත තර්ජනය හමුවේ අධිකරණයේ පෙනී සිටීමෙන් නිදහස් කරන ලෙස ඉම්රාන් ඛාන් සිදුකළ ඉල්ලීම එරට අධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණා.
කළුතර දකුණ පොලිසිය තුළ දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පැමිණි ඔහු හදිසියේ ඇදවැටී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස මියගොස් ඇත්තේ කළුතර දකුණ ප්‍රදේශයේම පදිංචිව සිටි පුද්ගලයෙක්. ඉඩමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී මොහු ඇදවැටී ඇති අතර පසුව ගිලන් රථයකින් කළුතර රෝහලට ඇතුලත් කිරීමේදී මෙම පුද්ගලයා මියගොස් තිබෙනවා. කළුතුර දකුණ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.
චීන ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් තායිවාන මුහුදේ යුද අභ්‍යාසයක නිරත වී තිබෙනවා. අදාළ යුද අභ්‍යාසය සදහා ෂැන්ඩොන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව ද එක්ව සිටිනවා. එම නෞකාව තායිවානයට කිලෝ මීටර 370ක් ඔබ්බෙන් පිහිටි මුහුදේ ගමන් කළ බවයි තායිවාන ආරක්ෂක අංශ සදහන් කළේ. තායිවාන ජනාධිපතිනි සායි ඉන්ග්වෙන් අමෙරිකාවේ සංචාරයක නිරත වු අතර එය නිමකර නැවත පැමිණෙන අවස්ථාවේදීයි මෙම යුද අභ්‍යාසය සිදුව ඇත්තේ.
ඉතාලි සංචාරක නියෝජිත පිරිසක් මෙරට සංචාරයකට එක්ව තිබෙනවා. බස්නාහිර පළාත් සංචාරක සංවර්ධන අධිකාරියේ මග පෙන්වීම යටතේයි මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණ ඇත්තේ. වසර ගණනාවකට පසුව ඉතාලි සංචාරක නියෝජිත පිරිසක් දිවයිනට පැමිණීම ද විශේෂත්වයක්. ඉතාලි සංචාරකයින් පිරිස දින පහක කාලයක් මෙරට රැදී සිටිනු ඇති.
ඇමෙරිකා සහ දකුණු කොරියා යුද අභ්‍යාස න්‍යෂ්ටික යුද්ධයකට මගපදා ඇති බවට උතුරු කොරියාව අනතුරු අඟවනවා. ඇමෙරිකාව හා දකුණු කොරියාව අඛණ්ඩව යුද අභ්‍යාස සිදු කිරීමත් සමඟයි උතුරු කොරියාව මේ බව සඳහන් කර ඇත්තේ. න්‍යෂ්ටි යුද්ධයක් ඇති වීමේ සම්භාවිතාව ඉහළ දැමීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව ද උතුරු කොරියාව සඳහන් කරනවා. යුද අභ්‍යාසවලට ප්‍රතිචාර දැක්වීමට ඉතා ඉක්මනින් කටයුතු කරන බවයි උතුරු කොරියා රාජ්‍ය මාධ්‍ය පවසන්නේ. ඇමෙරිකා , දකුණු කොරියා ක්‍රියාකලාපයන් හේතුවෙන් මොනයම් මොහොතක හෝ න්‍යෂ්ටික ප්‍රහාර මාලාවක් ඇති වීම නොවැළැක්විය හැකි බවට ද උතුරු කොරියාව අනතුරු අඟවනවා. ඇමෙරිකාව හා දකුණු කොරියාව දැවැන්ත යුද අභ්‍යාසයක් පැවැත්වුයේ වසර 5 කට පසුවයි .
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගිවිසුම් අලුත් නොකිරීම හේතුවෙන් අම්පාර රජගලතැන්න පුරාවිද්‍යා භූමියේ පුරා විද්‍යා පර්යේෂණ කටයුතුවලින් ඉවත් වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් රජයට සහ ජනතාවට විශාල පාඩුවක් සිදුවනු ඇති බවයි. රජගලතැන්න පුරාවිද්‍යා භූමියේ සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජිතිස්ස රජු විසින් මිහිදු මහරහතන් වහන්සේගේ, ඉත්තිය තෙරුන්වහන්සේලාගේ භෂ්මාවශේෂ නිදන් කොට තිස්සපබ්බත දාගැබ සකස් කර ඇති බවද ඉතිහාසයේ සදහන් වනවා. මේ අතර දෙමෝදර ආරුක්කු පාලම සංචාරකයින්ගේ ආකර්ෂණය ලබා ගත හැකි ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහයෝගය ඇතිව වැඩිදියුණු කිරීමට කටයුතු කරන බව ද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවේ දියාරු දේශපාලන තත්ත්වය රටේ ආර්ථික දැක්ම සදහා සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් ඇති කරන බව ලෝක බැංකුව පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සදහා බාහිර මෙන්ම ඇතැම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද අවශ්‍ය වනු ඇති බවයි. ලෝක බැංකුව සිය නවතම වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ 2023 වර්ෂයේ සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු අභියෝගවලට මුහුණ දෙන බවයි. 2023 වර්ෂය තුළ මෙරට ආර්ථිකය සියයට 4.3 කින් හැකිලෙනු ඇති බවට එම වාර්තා මගින් පුරෝකතනය කර තිබෙනවා.
සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින අසත්‍ය පුවත් පිළිබදව ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සදහන්ව ඇත්තේ සියලුම දුරකථන සංවාද පටිගත කිරීම දුරකථන ඇමතුම් ගබඩා කිරීම සහ වට්ස්ඇප්, ෆේස්බුක් සහ ට්විටර් ඇමතුම් නිරීක්ෂණය කිරීමේ ක්‍රියාවලියක් සිදු වෙමින් පවතින බවට සමාජ මාධ්‍යයෙන් ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු වන අතුරුගිරියේ ජෙරම් පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . පොලිස් විශේෂ කාර්යය බළකායේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අතුරුගිරිය මිලේනියම් සිටි ප්‍රදේශයේ දී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය මාර්තු 25 වන දින හෝමාගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අවශ්‍යව සිටි සැකකරුවෙකු බව වාර්තා වනවා . මොහු සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අතර අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවෙකු ද වනවා . අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බව පොලිස් විශේෂ කාර්යය බළකාය සඳහන් කළා .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222