- කුෂ් තොගයක් සමග විදේශිකයෙකු කොටුවෙයි !
- කාලෙකින් හඳට යන්න නාසා ලෑස්තිවෙයි !
- විශ්‍රාමික රණවිරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් – VIDEO –
- පියයුරු පිළිකා රෝගීන් ගැන බය හිතෙන අනාවරණයක් !
- ජනපති අනුර සහ දකුණු අප්‍රිකානු ජනපති අතර හමුවක් !
- මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කොළඹ මහ නගර සභාවේ සාමාජිකයෙක් අත්අඩංගුවට
- රගාසා කුණාටුව චීනයට ඇතුලු වෙයි
- තිස්සකුට්ටිආරච්චිට සාගරගෙන් අවවාද
Author: VNews
අද මධ්‍යහන 12.12ට ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බෙම්මුල්ල, තිහාරිය , පුපුරැස්ස , තෙරිපැහැ, වාඩිනාගල සහ තිරුක්කෝවිල් යන ප්‍රදේශවලට මෙලෙස හිරු මුදුන් වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. දෘෂ්‍ය ලෙස සුර්යා උතුරට ගමන් කිරීමෙන් සුර්යයා අප්‍රේල් 05 සිට 15 වනදා දක්වා දිනයන්හිදී ශ්‍රී ලංකාව අශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතිනු ඇති.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගුරු සංගමයක් මගින් උත්තර පත්‍ර පරීක්ෂා කිරීම් කටයුතු පිළිබද මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයක් පිළිබදවයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ. උසස් පෙළ විභාගය ආරම්භ වීමට පෙර උත්තර පත්‍ර ඇගයීමේ අයදුම්පත්‍ර කැදවීමේදී එක් ලක්ෂ අනුදහසක පරීක්ෂකයින් සංඛ්‍යාවක් අවශ්‍යව සිටි බව අදාළ නිවේදනයේ සදහන්. කෙසේවෙතත් ඒ සදහා ඉල්ලුම්කර තිබුණේ පරීක්ෂකයින් 12000ක් පමණක් බව ද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළා. මෙවන් පසුබිමක ගුරු සංගම් සමග සාකච්ඡා කර උත්තර පත්‍ර ලකුණු කිරීම සදහා ගෙවනු ලබන ගාස්තුවට අමතරව ලබා දෙන රුපියල් 500ක සංහෘත දීමනාව රුපියල් 2000ක් දක්වා වැඩි…
විදුලි ගාස්තුව වැඩිවුවද විදුලි පරිභෝජනයේ අඩුවක් දක්නට නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ දත්ත සටහන් අනුව මාර්තු මාසයට අදාළ විදුලි උත්පාදනය ගිගාවොට් පැය 44ක් ලෙස සටහන්ව ඇති බවයි. යම් හෙයකින් විදුලි ගාස්තු වැඩිකිරීම හේතුවෙන් බලශක්ති ඉල්ලුම අඩුවුයේ නම් ගිගාවොට් පැය 40 ක් දක්වා එය පහළ යනු ඇති බව ද අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළා.
අලුත් අවුරුදු සමයේ කිරුම් සහ මිනුම් උපකරණ පරීක්ෂා කිරීමේ මෙහෙයුම් දැඩි කිරීමට මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. මේ වසර ආරම්භයේ සිට මේ දක්වා එම දෙපාර්තමේන්තුව මගින් සිදුකළ වැටලීම් සංඛ්‍යාව 6000කට අධිකයි. අලුත් අවුරුදු සමයේ වෙළදපොල වැටලීම් ජාලයක් දිවයිනම ආවරණය වන පරිදි සිදුකිරීමට නියමිතව තිබෙනවා. එහිදී කුඩා හා මධ්‍ය පරිමාන වෙළපොල ව්‍යාපාරිකයින්ට කිරුම් මිනුම් උපකරණ භාවිතය පිළිබද දැනුවත් කිරීම ද සිදුකෙරෙනු ඇති.
තවත් වසරකින් පමණ මෙරට ආර්ථිකය ධන ආර්ථිකයක් බවට පත්වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ආසියානු සංවර්ධන බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාව පිළිබද අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත සමාජ ආරක්ෂණ ජාලය සම්බන්ධයෙන් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙහිදී අදහස් පලකළා.
ඉන්දියාවෙන් ආනයනය කළ ලද බිත්තර ලක්ෂ 10ක තොගය අද නිදහස් කිරීමට හැකි බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ එම බිත්තර සාම්පල පරීක්ෂණ වාර්තා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද ලබා දීමට නියමිත බවයි. මේ අතර ඉදිරියේදී බිත්තර මිල අඩු කිරීමට හැකියාව ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් ගුණසේකර මහතා කියා සිටියේ සත්ත්ව ආහාර සදහා අය කරන බදු ඉවත් කළහොත් බිත්තරයක් රුපියල් 06කින් අඩු කළ හැකි බවයි. මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී බේඛරි හිමියන්ගේ සංගමය ද බිත්තර මිල සම්බන්ධයෙන් අදහස් පලකළා. එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවසුවේ එක්…
බස් රථයක් තිරික්කල 05ක ගැටීමෙන් අද දහවල් අනතුරක් සිදුවී තිබෙනවා . තන්තිරිමලේ වැව් බැම්ම මතදී අනතුර සිදුවී තිබෙනවා . මන්නාරම සිට පුත්තලම ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගීවීමට යමින් සිටි පුද්ගලයින් පිරිසක් රැගත් බස් රථයක්, මඩු වන්දනාවේ යමින් තිබූ තිරික්කල් 05ක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සදහන් . අනතුරින් තිරික්කලවල ගමන් කරමින් සිටි පුද්ගලයින් 04 දෙනෙකු බරපතළ තුවාල ලැබුවා . පොලීසිය සඳහන් කළේ ගවයින් 04 දෙනෙකුට ද අනතුරින් තුවාල සිදුවී ඇති බවයි . බස් රථයේ රියදුරුගේ නොසැලකිල්ල අනතුරට හේතුවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා . සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්
ඇමරිකානු ටයිම්ස් සඟරාවේ පාඨක මත විමසීම්වලට අනුව 2023 වසරේ ලොව වඩාත්ම බලගතු පුද්ගලයින් අතර ප්‍රථම ස්ථානයට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් පත්ව තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ඔස්කාර් සම්මානලාභී රංගන ශිල්පිනී මිචෙල් යෝ, මළල ක්‍රීඩිකා ෂෙරීනා විලියම්ස්, ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකබර්ග් මෙන්ම බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ විලියම් කුමරුද අභිබවමින් ෂාරුක් ඛාන් ප්‍රථම ස්ථානයට පත්වීමයි.
ත්‍රස්ත විරෝධී පනත හේතුවෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පුර්ණයෙන්ම විනාශ වන බව පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. ත්‍රස්ත පනතට විරෝධය පල කිරිම සඳහා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු නියෝජිතයන් අද අධිකරණ අමාත්‍යවරයා හමුවීම සඳහා අමාත්‍යංශයට පැමිණියා. එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්. මේ අතර අද පැවතී උත්සවයක් අතරතුර මාධ්‍යවේදීන් නැගු ප්‍රශනයකට පිලිතුරු දුන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කලේ ත්‍රස්ත පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරු ඒ පිලිබඳ අදහස් පල කල නොහැකි බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන මහතා කියා සිටියේ ත්‍රස්ත පනතක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව තමන් ඉතා සතුටට පත් වන බවයි.
ඇන්ටාක්ටික් කලාපයේ සාගර මතුපිට ඇති අයිස් තට්ටුව දියවී යාම වේගවත් වී තිබෙනවා. මේ වන විට ලොව වේගයෙන්ම දිය වී යන එම කලාපයේ ග්ලැසියර දිනකට මීටර 30ක් පමණ ප්‍රමාණයකින් ක්ෂය වන බවයි වාර්තා වන්නේ. මෙලෙස ග්ලැසියර දියවීමත් සමග ගෝලීය මුහුදු ජල මට්ටම ඉහළයාම ද අර්බුධකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. නොර්වේජියානු සාගර කලාපයේ හිම තට්ටුව දිය වී යාමේ වේගය දිනකට මීටර් 600 ඉක්මවා යා හැකි බව ද වාර්තා වනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222