Author: VNews

පාකිස්ථානය දැඩි විදෙස් ණය අර්බුදයකට මුහුණ දී සිටින බව අමෙරිකානු බුද්ධි වාර්තාවක් මගින් අනාවරණ කර තිබෙනවා. පාකිස්ථානය විසින් චීනය සහ සෞදි අරාබිය වෙත ඩොලර් බිලියන 77ක ණය මුදලක් ගෙවිය යුතුව ඇති බවයි අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ. කෙසේවෙතත් අදාළ ණය මුදල් ගෙවීම පිළිබදව පාකිස්ථානය දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ පවතින දේශපාලන ගැටුම් සහ දැඩි උද්ධමනය හමුවේ පාකිස්ථාන ආර්ථිකය කඩා වැටී ඇති බවයි.

තව කියවන්​න

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව යන පැමිණෙන ගුවන් යානා කිහිපයක් අවලංගු කර තිබෙනවා. ගුවන්තොටුපල අවට පවතින අයහපත් කාලගුණ තත්ත්වය ඊට හේතුවයි. කටුනායක සිට ඉන්දියාවේ මුම්බායි අතර ගුවන් ගමන් වාර දෙකක් මෙලෙස අවලංගු කර තිබෙනවා. අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් වාර කිහිපයක් ද ප්‍රමාද වී ඇති බවයි.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි තුන්වන විස්සයි විස්ස තරගය ජය ගැනිමට නවසීලන්තයට ලකුණු 183ක ඉලක්කයක් හිමිව තිබෙනවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 182ක් රැස් කළා. අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 48කදී වේගවත් ලකුණු 73ක් ලබා ගත්තා. මෙය කුසල් මෙන්ඩිස් රැස්කළ 12 ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකයයි. කුසල්ගේ ඉනිම හයේ පහර 5කින් සහ හතරේ පහර 6කින් වර්ණවත් වුණා. කුසල් ජනිත් ලකුණු 33යි. නවසීලන්තයේ ක්වින්ස්ටවුන්හිදී පැවැත්වෙන තරගයේ නවසීලන්ත පිළිතුරු ඉනිම දැන් ක්‍රියාත්මකයි.

තව කියවන්​න

කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේදී පීලි පැනීමට ලක්වු දුම්රිය යළි පීලිගත කිරීමේ කටයුතු සදහා තවත් පැය කිහිපයක් ගතවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දහවල් වන විට එම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බවයි දෙපාර්තමේන්තුව සදහන් කලේ. කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබු දුම්රිය මැදිරි 4ක් ඊයේ දහවල් පීලි පැනීමකට ලක්ව තිබුණා. මෙහිදී පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලැබු අතර දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුව තිබෙනවා.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගය ජය ගන්නට සුපර් ජයන්ට් කණ්ඩායම සමත්වුණා. ඒ සන්රයිසන් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහි තරගය කඩුලු 5කින් ජය ගනිමින්. ලක්නව්හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 121ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සුපර් ජයන්ට් කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 127ක් ලබා තරගය ජය ගත්තා. මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. පළමු තරගය පැවැත්වෙන්නේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතරයි. දෙවන තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද ගිගුරුම් සහිති වැසි අතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව , දකුණ, ඌව , මධ්‍යම , වයඹ සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේ තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50ක පමණ තරමක තද වැසි අපේකෂා කෙරෙනු ඇති. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්හිදී අකුණු මගින් සිදුවිය හැකි අනතුරු පිළිබද අවධානයෙන් පසුවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

තව කියවන්​න

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක පන්දුවාර විස්සයි විස්ස තරගය දැන් පැවැත්වෙනවා. තරගය උදෑසන 06.30ට ආරම්භ වුණේ නවසීලන්තයේ ක්වීස්ටවුන් ක්‍රීඩාංගනයේදීයි. කාසියේ වාසිය දිනු නවසීලන්තට පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් අතර දෙවන තරගයේ ජය හිමිවුණේ නවසීලන්තයටයි. ඒ අනුව අද තරගය ජය ගන්නා කණ්ඩායමට විස්සයි විස්ස තරගාවලියේ ජය හිමිවනවා. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයග්‍රහණය කළහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමක් නවසීලන්තයේදී විස්සයි විස්ස තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙසයි ඉතිහාසයට එක්වන්නේ.

තව කියවන්​න

තායිවානයේ එක්සත් ජනපද නියෝජිතයාට එරෙහිව චීනය සම්බාධක පනවා තිබෙනවා. ඒ තායිවාන ජනාධිපතිනිය කැලිෆෝනියාවේදී එක්සත් ජනපද කතානායකවරයා හමුවීමට පළිගැනිමක් ලෙසයි. තායිවානය එක්සත් ජනපදය සමග සම්බන්ධ වීමට එරෙහිව ප්‍රති ක්‍රියාමාර්ග ගන්නා බව චීනය මීට පෙර ප්‍රකාශ කර තිබුණා. මේ අතර ආසියාව පදනම් කරගත් තවත් සංවිධාන දෙකකට සහ එක්සත් ජනපදයට අදාළ සංවිධාන දෙකකට චීනය විසින් සම්බාධක පනවා තිබෙනවා.

තව කියවන්​න

සිසේරියන් සැත්කමකින් අනතුරුව ගර්භනී මවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදීයි. ඇය මීට සතියකට පමණ පෙර දරු ප්‍රසුතිය සදහා රෝහල් ගතවී ඇති බවයි වාර්තා වන්නේ. අදාළ සැත්කමින් පසු දින දෙකක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් සිටයදීයි ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණා. ඇය ප්‍රසුත කළ බිළිදිය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා සදහන් කළේ.

තව කියවන්​න

තන්තිරිමලේ ප්‍රදේශයේදී සිදුවු තිරික්කල අනතුරින් තුවාල ලබා සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ අනතුරින් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කර සිටි වයස අවුරුදු 22ක තරුණයෙකු මෙලෙස මියගොස් ඇති බවයි. අනතුරින් තුවාල ලැබු තවත් තිදෙනෙකු අනුරාධපුර රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිනවා. මඩු වන්දනාවේ යමින් සිටි තිරික්කල රථ පහක පුද්ගලික බස් රථයක් ගැටීමෙන් ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව තිබුණා.

තව කියවන්​න