Author: VNews

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සහ දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍ය පාර්ක් ජින් අතර හමුවක් සිදු වුණා. ඒ දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයට සමගාමීවයි.එහිදී විශේෂ උපායමාර්ගික හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දකුණු කොරියාව, ඉන්දියාව සමඟ පවතින සාර්ථක හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන බව එහිදී දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා. නිෂ්පාදන අංශයේ සහ ඛනිජ වෙළඳාම, ආයෝජන සහ සැපයුම්දාම ස්ථායීකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවත් ඔහු සඳහන් කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

තව කියවන්​න

පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන සේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . එම අවාසනාවන්ත සිදුවීමට අදාල නීතිමය කටයුතු දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන යි ඔහු සදහන් කලේ. එම කටයුතු කිසිඳු බලපෑමකින් තොරව ස්වාධීනව සහ අපක්ෂපාතීව ඉදිරියට ගෙන යමින් වින්දිතයන්ට යුක්තිය ඉටුවීමට අවශ්‍ය පසුබිම සකසා තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කලා . අවශ්‍ය වන්නේ පටු දේශපාලන අරමුණු වලින් මෙන්ම පසුගාමී ප්‍රවණතාවලින් බැහැරව රට ගොඩනගන පොදු වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා අත්වැල් බැඳ ගැනීම බවද පාස්කු දිනය නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලා .

තව කියවන්​න

උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික දිය යට ගමන් කරන ඩ්‍රෝන යාත්‍රාවක් අත්හදා බලා තිබෙනවා. සති දෙකක් අතරතුර උතුරු කොරියාව අත්හදා බැලූ දෙවන දියයට ඩ්‍රෝන යාත්‍රාව මෙය වනවා. ඩ්‍රෝන යාත්‍රාව අත්හදා බැලීම උතුරු කොරියා රාජ්‍ය මාධ්‍ය විසින් අද දිනයේදී තහවුරු කළා. එම ඩ්‍රෝන යාත්‍රාව හයේලි දෙක වශයෙන් නම් කර ඇති අතර එහි අර්ථය සුනාමිය නම් වනවා. විශේෂයෙන්ම දියයට සුනාමියක් ඇති කිරිමට තරම් ප්‍රබල න්‍යෂ්ඨික බෝම්බයක් රැගෙන යා හැකි වීම හේතුවෙන් එම නමින් මෙම ඩ්‍රෝන යාත්‍රාව නම් කර තිබෙනවා. අද දිනයේ අත්හදා බැලු ඩ්‍රෝන යාත්‍රාව මුහුද අභ්‍යන්තරයේ මුහුද යට කිලෝමීටර් දහසක් පමණ යාත්‍රා කරවූ බව උතුරු කොරියාව පවසනවා.

තව කියවන්​න

සමාජ ජාලා ඔස්සේ අපහාස කිරීම් සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි අයුරින් සමාජ ආරක්ෂක පනත් කෙටුම්පතක් මෙම සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් මෙම සමාජ ආරක්ෂක පනත ඉදිරිපත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මෙම පනත වසර 03 ක් තිස්සේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම ප්‍රමාදවෙමින් තිබුනා. කෙසේවෙතත් මෙම පනත වහාම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේනවා . සිංගප්පූරු රජයේ ප්‍රවීණයන්ගේද සහාය ගනිමින් මෙම පනත සකස් කර ඇත්තේ අධිකරණ අමාත්‍යාංශය පත් කළ විශේෂ කමිටුවක් මගින්. මෙම පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර නිරීක්ෂණය සඳහා නීතිපති…

තව කියවන්​න

දේශපාලන පක්ෂයක් බිය වද්දා තවත් දේශපාලන පක්ෂයකට ඉහලට පැමිණීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ පසුගිය අරගල සමයේදී ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය එක්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටත් කිරීමට ක්‍රියා කල බවයි. එම පක්ෂ දෙක එක්ව තම පාක්ෂිකයින්ට පහර දුන් බවත් නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් ඉතා අහිංසක පුද්ගලයින් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

තව කියවන්​න

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ බීමත්ව රිය පදවන්නන් අත්අඩංගුවට ගැනීම සදහා දිවයින පුරා පොලිස් ස්ථානවලට බීමත් රියදුරන් පරීක්ෂා කිරීමේ පරීක්ෂණ කට්ටල 170,000 කට ආසන්න සංඛ්‍යාවක් බෙදීම ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසනවා. එම පරීක්ෂණ කට්ටල 70,000 කට අධික ප්‍රමානයක් මේ වන විටත් පොලිස් ස්ථානවලට ලැබී ඇති බවත් ඉදිරි ප්‍රමාණය ඉදිරි දින දෙකේදී පොලිස් ස්ථානවලට යොමු කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා ද සදහන් කලා .

තව කියවන්​න

වැරදි වසා ගැනීම සදහා ඇතැම් නායකයින් පක්ෂ මාරු කරමින් සිටින බව ජාතික ජන බලවේගය චෝදනා කරනවා. එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සදහන් කලේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග එක වී ආණ්ඩුවක් ගොඩනැගීම සදහා සාකච්චා කරමින් සිටින බවයි . මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා . මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අතනයක මහතා සදහන් කලේ තම පක්ෂයේ කිසිවෙකු ආණ්ඩුව සමග එක නොවන බවයි . එමෙන්ම පක්ෂ මාරු කිරීම සම්බන්ධයෙන් පර්ලිම්නේතු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා ද අදහස් පල කළා .

තව කියවන්​න

රාජ්‍ය සේවක වැටුප ලබන සඳුදා ලබා දීමට තීරණය කර තිබෙනවා. රජයේ ආරංචි මාර්ග පැවසුවේ විශ්‍රාම වැටුප සහ සමෘද්ධි දීමනාද එදිනම ලබා දෙන බවයි. ආසන්න කාලයකදී මාර්තු සහ අප්‍රේල් යන මාස දෙකේම වැටුප් සහ දීමනා ගෙවීම ගැටලුවක්ව තිබූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මීට පෙර ප්‍රකාශ කළේ. මේ අතර සුභසාධක ගෙවීම් සිදුකිරීම සඳහා මේවන විට අයදුම්පත් තුන් ලක්ෂ ,700,000 ට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා . එහි සභාපති බී. විජයරත්න මහතා සඳහන් කළේ නිවාස ඒකක තුන් ලක්ෂ ,200,000කට අධික ප්‍රමාණයක අයදුම්පත් පරීක්ෂා කර සංගණන කටයුතු සිදුකර ඇති බවය. පාර්ලිමේන්තුවේ සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ජූනි…

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි තුන්වන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 182ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 183ක් ලබා තරගය ජයග්‍රහණය කළා. ඒ අනුව තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ජය තරග 2 ට 1ක් ලෙස නවසීලන්තය විසින් හිමිකර ගත්තා.

තව කියවන්​න

මාතලේ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අටදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මාතලේ පාසලක උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් ගමන් ගත් ජිප් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. අනතුරින් මියගොස් ඇත්තේ තොටගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්. ඊයේ රාත්‍රියේ පළාපත්වල ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති සුහද හමුවකට ගොස් යළි පැමිණෙමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

තව කියවන්​න