Author: VNews

නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා. ඒ ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබු රාත්‍රි තැපැල් දුම්රිය පීලිපැනීම හේතුවෙන්. ගල්ඔය සහ පලුගස්වැව අතර දී වන අලි කිහිපදෙනෙකු දුම්රියේ ගැටීම හේතුවෙන් දුම්රිය පීලිපැනීමට ලක්ව තිබෙනවා. කඩිනමින් එම දුම්රිය පිලි ගත කිරීමට පියවර ගන්නා බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ. මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ ද දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා. ඒ හපුතලේ සහ ඉදල්ගස්ඉන්න ප්‍රදේශයේදී මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙනුයි.

තව කියවන්​න

ඉදිරියේදී භාණ්ඩ මිල පහල යනු ඇති බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පවසනවා . රුපියල ශක්තිමත්ව ඩොලරයේ අගය පහත වැටීමත් සමග මෙලෙස භාණ්ඩ මිල අඩුවනු ඇති බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ . අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය මෙම අදහස් පල කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොලොන්නාව ආසන සම්මේලනය අමතමින් . ආර්ථිකය යහපත් වීම පිලිබදව දීර්ඝ කාලයක සිට ජනතාව අපේක්ෂාවන් පසුවන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා . ඔහු මේ බව සදහන් කලේ පසුගියදා මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් .

තව කියවන්​න

චීනය විසින් ශ්‍රී ලංකාව තුළ රේඩාර් කඳවුරක් පිහිටුවීමට යෝජනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා . ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ යෝජිත රේඩාර් පද්ධතිය තුලින් ඉන්දියානු නාවික හමුදාවේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවයි . කොළඹට කිලෝමීටර් 155ක් පමණ ගිණිකොන දෙසින් පිහිටි ශ්‍රී ලංකාවේ දෙවුන්දර බොක්ක ආශ්‍රිතව මෙම ව්‍යාපෘතිය ස්ථාපිත කිරීමටයි යෝජනා යෝජනා වී ඇත්තේ . චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යවකාශ තොරතුරු පර්යේෂණ ආයතනය එය මෙහෙයවනු ලබන බවද බව විදෙස් වාර්තා වල සදහන් වනවා . මේ තුලින් දෙවුන්දර තුඩුවේ සිට කිලෝමීටර 1700ක් දුරින් පිහිටි අමෙරිකා එක්සත් ජනපදයේ ඩියාගෝ ගාර්ෂියා හමුදා කඳවුරේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමේ හැකියාව…

තව කියවන්​න

අඩු පීඩනයක් යටතේ කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දහවල් 12 දක්වා ජලය සැපයීමට සිදුව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව කොළඹ 01 සිට 04,දක්වාත් 07,සිට 11 දක්වාත් වන ප්‍රදේශ සදහා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති . එමෙන්ම අදාළ කාලය තුළ ඉහත ප්‍රදේශයන්හි උස් ප්‍රදේශවල ජල සැපයුමට ද බාධා ඇතිවිය හැකි බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කලේ .

තව කියවන්​න

පාරිභෝගිකයන් අපහසුතාවයට පත්කරමින් උත්සව සමයේදී වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා රාත්‍රී වැටලීම ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා . වැඩි මිලට රාත්‍රී කාලයේදී බිත්තර විකුණන වෙළඳුන් ද සොයා වැටලීම් ආරම්භ කර ඇති අතර ඒ සඳහා විශේෂ වැටලීම් කණ්ඩායම් කිහිපයක් ද යොදවාගෙන ඇති බවයි එම අධිකාරිය සදහන් කලේ . උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහන යටතේ මේ වන විට වැටලීම් 1250 කට ආසන්න ප්‍රමාණයක් කර ඇති බවයි වාර්තා වන්නේ . මෙම වැටලීම් නිවාඩු දින ඇතුළුව අඛණ්ඩව රට පුරා ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ . මේ අතර හාලිඇල සතොස ශාඛාවේ තරාදිය සිය…

තව කියවන්​න

2023 පාස්කු ඉරිදා දිනය අදට යෙදී තිබෙනවා . මිට වසර හතරකට පෙර එනම් 2019 වසරේ අප්‍රේල් මස 21වනදා ද පාස්කු ඉරිදා දිනය යෙදී තිබු අතර එදින මෙරට කිතුනු ජනයා ඉලක්ක කර ගනිමින් දැවැන්ත බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වුණා . මේ වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය පාස්කු ඉරිදා දිනය පිලිබදව සැකසු විශේෂාංගයක් . පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන සේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. පාස්කු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා. එම අවාසනාවන්ත සිදුවීමට අදාල නීතිමය කටයුතු දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ද ජනාධිපතිවරයා කියා…

තව කියවන්​න

නාසා ආයතනය අභ්‍යවකාශයේ සිට පෘථිවියේ වායු තත්ත්වය මැන බැලීම සඳහා චන්ද්‍රිකාවක් ගුවන් ගත කර තිබෙනවා. මෙම චන්ද්‍රිකාව ස්පේස් එක්ස් ෆැල්කන් නයින් රොකට්ටුව මගින් ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඊයේ කක්ෂ ගත කල බවයි විදෙස් වාර්තා සඳහන් කලේ. නාසා ආයතනය මෙම චන්ද්‍රිකාව මගින් ලබාගන්නා දත්තවලට අනුව සිය පරීක්ෂණ කටයුතු ලබන මැයි අග හෝ ජුනි මස මුලදී ආරම්භ කිරීමට නියමිතයි

තව කියවන්​න

ඉපලෝගම , හිරිපිටියාගම, ප්‍රදේශයේදී අද අලුයම තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, ඉපලෝගම, හිරිපිටියාගම, මයිලගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි දෙදරු මවක්. අදාළ කාන්තාව හිරිපිටියාගම ප්‍රදේශයේ පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය සඳහා ගමන් කරමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා. මරණයට පත් වූ කාන්තාව හා ඇගේ සැමියා අතර කාලයක පටන් පවුල් ආරවුල් පැවති බවත්, ඒ හේතුවෙන් ඉපලෝගම පොලිස් ස්ථානයේ පැමිණිලිද පවතින බවත් ඉපලෝගම පොලීසිය ප්‍රකාශ කළා. එබැවින් මෙම ඝාතනය ඇයගේ සැමියා විසින් සිදු කරන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

තව කියවන්​න

නව කැබිනට් මණ්ඩලය සිංහල අලූත් අවුරුද්දෙන් පසු පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා. එම කැබිනට් සංශෝධනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙනෙකුටද සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාටද පොහොට්ටුවේ සිට ස්වාධීනවූ මන්ත්‍රීවරයකුටද ඇමති ධූර ලබාදීමට නියමිතව ඇති බවයි වාර්තාවන්නේ. ඇමතිධුර ලබා දෙන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තවමත් අවසන් එකඟතාවයකට පැමිණ නැතැයි වාර්තාවනවා.

තව කියවන්​න

මෙවර අලුත් අවුරුදු සමයේදී ගිනිකෙළි මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පසුගිය දෙසැම්බර් උත්සව සමයට සාපේක්ෂව මෙවර 40%කින් පමණ ගිනිකෙළි මිල ඉහල ගොස් ඇති බව සඳහන්. පාරිභෝගිකයින් පවසන්නේ, වෙළෙඳපොළේ සෙසු ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම් ඇතුළු භාණ්ඩ මිලද සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්ව ඇතත් එහි වාසිය තමන්ට නොලැබෙන බවයි පාරිභෝගික ජනතාව පවසන්නේ. එමෙන්ම, ඉන්ධන මිල පහළ දැමුව ද කිසිදු භාණ්ඩයක හෝ සේවාවක මිල ඊට සමගාමීව පහළ ගොස් නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

තව කියවන්​න