- මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කොළඹ මහ නගර සභාවේ සාමාජිකයෙක් අත්අඩංගුවට
- රගාසා කුණාටුව චීනයට ඇතුලු වෙයි
- තිස්සකුට්ටිආරච්චිට සාගරගෙන් අවවාද
- අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ අයි සී සී සාමාජිකත්වය අත්හිටුවයි
- ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් රුසියාවට අනතුරු ඇගවීමක්
- කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
- අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර හමුවක්
- ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තීරණයක්
Author: VNews
රටේ පැවැත්ම වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු තීරණ වුවද ගැනීමට සිදුවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. වඩා ජනතාවාදී ප්‍රවාහන සේවාවක් උදෙසා අතිතයේ පැවති ක්‍රමවේද නවීකරණය වියයුතු බවයි බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේ. වැඩවර්ජන මගින් පොදු ප්‍රවාහන සේවා අඩපන කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළා.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් සියලු පාර්ශව එක්විය යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. එහි ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෲවර් මහතා පෙන්වා දෙන්නේ විදේශ ණය ලැබීමත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වය පත්වනු ඇති බවයි. දීර්ඝ කාලයක් පවතින ආර්ථික ගැටළු සහ වැරදි ප්‍රතිපත්තිමට තීන්දු තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදුවු ඇති බව ඔහු සදහන් කළා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ඉදිරි වසර 4 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 3ක මුදලක් ලබා දීමට තීරණය කර ඇති බවයි පීටර් බෲවර් සදහන් කළේ. ප්‍රගතිශීලි බදු ප්‍රතිසංස්කරණ හදුන්වාදීම , මහජන මුල්‍ය කළමණාකරණය වැඩි…
විදුලිය අපනයනය කිරීමට යුක්රේනයට හැකියාව ලැබී තිබෙනවා. මාස 06කට පසුවයි යුක්රේනයට මෙම අවස්ථාව හිමිව ඇත්තේ. පසුගිය ඔක්තෝබර් මාසයේදී රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේනයේ බලශක්ති සැපයුම බිදවැටුණා. කෙසේවෙතත් යළි විදුලි අතිරිත්තයක් පවතින බැවින් එය අපනයනය කිරීමට සැලසුම්කර ඇති බව යුක්රේන බලශක්ති අමාත්‍යවරයා සදහන් කර තිබෙනවා.
මෙවර යල කන්නයේ දී කුඹුරු හෙක්ටයාර ලක්ෂ 7කට වැඩි කුඹුරු ප්‍රමාණයක වී වගා කරනු ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. ගොවීන්ට මඩ පොහොර නොමිලේ ලබා දීමත් සමග මෙලෙස වැඩි වශයෙන් වී වගාවට යොමුව ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කළේ. යල කන්නයේ රසායනික පොහොර මිලදී ගැනීමට හෙක්ටයාරයකට රුපියල් 20 000ක මුදලක් ලබා දීමට රජය සැලසුම් කර තිබෙනවා.
ලෝක වෙළදපොලේ රන්මිල යළි පහළ ගොස් තිබෙනවා. පසුගිය මාසයට සාපේක්ෂව රන් අවුන්සයක් සියයට 0.16 කින් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. රන් අවුන්සයක් මේ වන විට දැක්වෙන්නේ ඩොලර් 2007 යි ශත 66ක් ලෙසයි.
බදුල්ල දුම්රිය මාර්ගයේදී ඇති දෙමෝදර ආරුක්කු නමයේ පාලම පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් වී ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සදහන් කළා. ඒ අනුව ආරුක්කු පාලම මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහයෝගය ඇති බව සංවර්ධය කිරීමට නියමිතව තිබෙනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද ගිගුරුම් සහිත වැසි අතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව , දකුණ, ඌව , මධ්‍යම , වයඹ සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේ තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50ක පමණ තරමක තද වැසි අපේකෂා කෙරෙනු ඇති. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්හිදී අකුණු මගින් සිදුවිය හැකි අනතුරු පිළිබද අවධානයෙන් පසුවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ටියුනීසියාවේ සංක්‍රමනික බෝට්ටු දෙකක් ගිලි යාමෙන් පුද්ගලයින් 27 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. පළමු බෝට්ටුව ටියුනීසියාවෙන් ඉතාලිය බලා පිටත්ව ඇති අතර එහි පුද්ගලයින් 37 දෙනෙකු රැදී සිටියා. එයින් 20 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 17 දෙනෙකු දිවි බේරාගෙන තිබෙනවා. එමෙන්ම ඊයේ දිනයේදී අනෙක් බෝට්ටුව ගිලියාමෙන් තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. එහි සිටි පිරිසක් දිවි බේරා ගැනීමට සමත්ව තිබෙනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජය හිමිකරගන්නට චෙන්නායි සුපර් කින්ග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් සමත් වුණා. චෙන්නායි කණ්ඩායම මුම්බායි ඉන්දියන් කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක ජයක් ලබා ගත්තා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 157ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස චෙන්නායි කණ්ඩායම පන්දුවාර 18 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 159 ලබා තරගය ජය ගත්තා. අනෙක් තරගය පැවැත්වුණේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතරයි. එහිදී රාජස්ථාන් කණ්ඩායම ලකුණු 57ක ජයක් හිමිකර ගත්තා. පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 199ක්…
මෙරට සැත්කම් සදහා යොදා ගැනෙන නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව ඉවත් කර තිබෙනවා. වෛද්‍ය සැපයුම් අංශය විසිනුයි මෙම පියවර ගෙන ඇත්තේ. අදාළ නිර්වින්දන ඖෂධය ඉන්දීය ණය ආධාර යටතේ ඉන්දිය ඖෂධ සමාගමකින් මෙරටට ගෙන්වා බෙදාහැර තිබෙනවා. එම ඖෂධ මෙරටදී තත්ත්ව පරීක්ෂාවකට ලක් කිරීමට හැකියාවක් නොමැති බැවින් එම ඖෂධයට ලබා දී ඇති සහතිකය සහ වෙනත් රටවල භාවිතය පිළිබද සලකා බලා මෙරට භාවිතයට ගෙන තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222