- මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කොළඹ මහ නගර සභාවේ සාමාජිකයෙක් අත්අඩංගුවට
- රගාසා කුණාටුව චීනයට ඇතුලු වෙයි
- තිස්සකුට්ටිආරච්චිට සාගරගෙන් අවවාද
- අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ අයි සී සී සාමාජිකත්වය අත්හිටුවයි
- ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් රුසියාවට අනතුරු ඇගවීමක්
- කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
- අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර හමුවක්
- ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තීරණයක්
Author: VNews
ඉන්ධන නිකුත් කිරීම තහනම් කළ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 40 ට ලබන ලබන 12 වැනිදා සිට ඉන්ධන සපයන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා. එම ඉන්ධන පිරවුම්හල්වල සතියකට පමණක් තහනම පැනවූ බවයි සංස්ථාව පැවසුවේ . එම ඉන්ධන පිරවුම්හල් ඇනවුම් කර ලබාගත් ඉන්ධන තොගවලින් වැඩි ප්‍රමාණයක් කිව්.ආර්. කේතයෙන් පරිබාහිරව නිකුත් කළේ යැයි චෝදනාවට පසුගිය 6 වැනිදා එම තහනම පනවනු ලැබුවා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය ලබා දුන්නේ රාජ්‍ය ආරක්ෂාව සඳහා පමණක් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ ජනාධිපතිවරයා සිය වගකීම මැනවින් ඉටු කොට ඇති බවයි. නමුත් කවුරුන් හෝ ඒ වෙනුවෙන පක්ෂය ජනාධිපතිවරයාට විකුණා දැමීමට සුදානම් වුවහොත් ඊට විරෝදය දැක්වීමටද සුදානම් බවයි ඒ මහතා සඳහන් කලේ.
ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වෙමින් තිබු සමුද්‍රදේවි දුම්රිය උතුරු කළුතර ප්‍රදේශයේදී එන්ජිම මැදිරි වලින් වෙන් වී තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ දුම්රිය එන්ජිම දුම්රියෙන් ගැලවී ගොස් කිලෝමීටරයක පමණ දුරක් ධාවනය වී ඇති බවයි. දුම්රිය එන්ජිම යළි සවි කිරීමෙන් පසු එම දුම්රිය මරදාන බලා ධාවනය කිරීමට කටයුතු කර තිබෙනවා. මේ අතර මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා. ඒ ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබු රාත්‍රි තැපැල් දුම්රිය පීලිපැනීම හේතුවෙන්. ගල්ඔය සහ පලුගස්වැව අතර දී වන අලි කිහිපදෙනෙකු දුම්රියේ ගැටීම හේතුවෙන් දුම්රිය පීලිපැනීමට ලක්ව තිබෙනවා. කඩිනමින් එම දුම්රිය පිලි ගත කිරීමට පියවර ගන්නා බවයි දුම්රිය පාලක මැදිරිය…
හිස නිරාවරණය කරගෙන සිටින කාන්තාවන් හදුනා ගැනීම සදහා ප්‍රසිද්ධ ස්ථානවල කැමරා සවි කිරීමට ඉරාන බලධාරීන් තීරණය කර තිබෙනවා. එලෙස හිස නිරාවරණය කරගෙන සිටින කාන්තාවන්ට මුලින් කෙටි පණිවුඩයක් මගින් අනතුරු ඇගවීමක් සිදුකරන අතර පසුව නීති මගින් කටයුතු කිරීමට නියමිත බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු ආගමික නීතියක් ලෙස කාන්තාවන් තම හිසකෙස් හිජාබයකින් ආවරණය කිරීම සහ ශරීර හැඩය සැගවෙන සේ දිගු ලිහිල් ඇදුම් ඇදීම අනිවාර්ය කර තිබුණා. මෙම නීතිය උල්ලංඝනය කරන කාන්තාවන්ට ඉරාන සදාචාර පොලිසිය විසින් දඩ ගැසීම හෝ අත්අඩංගුවට ගැනීම ද සිදුකරනු ලබනවා.
ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ හෙට දිනයේදී චෙන්නායි කණ්ඩායමේ සංචිතය සමග එක්වීමට නියමිතව තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය ඊයේ දිනයේ දී අවසන් වීමත් සමගයි. ඒ අනුව ලබන 12 වැනිදා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරගය සදහා වන තේරීම් වෙනුවෙන් ඔවුන් දෙදෙනා සලකා බැලීමට චෙන්නායි කණ්ඩායමට හැකි වනු ඇති. එමෙන්ම රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වනිදු හසරංග ද හෙට දිනයේදී බැංගලෝර් සංචිතය සමග එක්වීමට නියමිතව තිබෙනවා. ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක ද ඉදිරි දිනකදී එම කණ්ඩායම සමග එක්වනු ඇති…
එක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් වර්ග තහනම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව පරිසර අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා පවසනවා. එමෙන්ම පරිසර නීති දැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවද ඔහු සදහන් කළා . අද පැවති වැඩසටහනකට එක වෙමින් අනිල් ජාසිංහ මහතා මේ බව අවධාරණය කළා .
කිතුණු බැතිමතුන් භක්තියෙන් සමරන පාස්කු දිනය අදට යෙදී තිබෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨාන වීම සිහිපත් කරමින් අද කිතුණු බැතිමතුන් පාස්කු දිනය සමරනු ලබනවා. පාස්කු ඉරිදා දින විශේෂ දේව මෙහෙය ඊයේ මධ්‍යම රාත්‍රියේදී කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්වුණා. ඒ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. මේ අතර පාස්කු දිනය වෙනුවෙන් කිතුණු දේවස්ථාන අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද මෙම ආරක්ෂක වැඩපිළිවෙලට අනුයුක්තර කර තිබෙනවා. මේ අතර පාස්කු දින වතුකරයේ ප්‍රධාන දේව මෙහෙය හැටන් ශ්‍රී කුරුස දේවස්ථානයේදී…
මැතිවරණ කොමිසම අනිද්දා යළි රැස්වීමට තීරණය කර තිබෙනවා. එහිදී පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති. මැතිවරණයට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම පිළිබද මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ ද ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව මැතිවරණ කොමිසම සඳහන් කළා. කෙසේවෙතත් මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට සුදානමින් සිටිනවා. ඊට අදාළ දිනයක් කඩිනමින් ලැබෙනු ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළා.
නිමි ඇඳුම් සඳහා ඇති ඉල්ලුම සියයට 40කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදය පවසනවා. මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය ඒ බව කියා සිටියා. මේ අතර උත්සව සමය ආරම්භ වීමත් සමග ජනතාව ඇඳුම, ආහාර ඇතුලු භාණ්ඩ මිලදී ගැනීම සඳහා කොළඹ අතතුලු තදාසන්න ප්‍රදේශ කරා පැමිණියත් මේ වන විට සිය වෙළඳාම් නිසියාකාරව සිදු නොවන බවයි වෙළඳුන් පවසන්නේ.
පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන් සඳහා මෙලෙස අවධානම් නිවේදන නිකුත් කර ඇති බවයි එම සංවිධානය සඳහන් කලේ. එම ප්‍රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙන්නේ. මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල අද සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222