- ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් රුසියාවට අනතුරු ඇගවීමක්
- කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
- අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර හමුවක්
- ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තීරණයක්
- රගාසා සුළි කුණාටුවෙන් තායිවානයේ 14කට දිවි අහිමි වෙයි
- හිටපු ක්‍රිකට් විනිසුරු Dickie Bird ජීවිතක්ෂයට
- ප්‍රදේශ කිහිපයකට මි.මී. 50 ඉක්මවූ වැසි
- ශ්‍රී ලංකාව පරදා පාකිස්තානයට කඩුලු 05ක ජයක්
Author: VNews
කොළඹ කොටස් හුවමාරුවේ දෛනිකව ගනුදෙනු සිදු කරන කාලසීමාව අද සිට සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා එම කටයුතු සිදු කරන බවයි කොළඹ කොටස් හුවමාරුව නිවේදනය කළේ. මීට පෙර පෙරවරු 10 සිට පස්වරු 1 දක්වා එම කටයුතු සිදු කෙරුණා.
පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳුන් තුන්දෙනෙකුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා. පාරිභෝගික සේවා අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය ප්‍රකාශ කළේ හැටන්, කොටගල සහ නෝවුඩ් යන ප්‍රදේශවල වෙළඳුන් මෙලෙස වැඩිමිලට බිත්තර අලෙවි කර ඇති අතර, ඔවුන් රුපියල් 56 සිට රුපියල් 60 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ සුදු සහ රතු බිත්තර අලෙවි කර ඇති බවයි. මේ අතර මිල ප්‍රදර්ශනය නොකොට ආහාර ද්‍රව්‍ය අලෙවි කළ මස්කෙළිය සහ කොටගල නගරවල වෙළඳුන් තුන්දෙනෙකුට එරෙහිව ද නීතිමය පියවර ගෙන තිබෙනවා.
ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන වර්ග කිහිපයක් ආනයනය තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා .අදාළ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළා. මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් එම ගැසට් නිවේදනය මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා .එම ගැසට් නිවේදන නිකුත් කිරීමෙන් පසු ජුනි 1 වන දා සිට ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන වර්ග කිහිපයක් ආනයනයට අදාළ තහනම බලපැවැත් වෙනු ඇති බව සදහන්. ඒ අනුව ප්ලාස්ටික් පයිප්ප සහ උපාංග, ප්ලාස්ටික් පිඟන් භාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ, ප්ලාස්ටික් සනීපාරක්ෂක වැසිකිළි උපාංග ආනයනය තහනම් වන බව සඳහන්. එමෙන්ම යෝගට් කෝප්ප හැර…
කාලය දීර්ඝ කරනු ලැබූ සුබසාධන ප්‍රතිලාභ සංගණන කටයුතු අදින් අවසන් වීමට නියමිතයි.ඊට අදාළ සංගණන කටයුතු මාර්තු මස 31 වනදා අවසන් කිරීමට නියමිතව තිබුණ ද එම කාලය අප්‍රේල් මස 10 වනදා දක්වා දීර්ඝ කිරීමට සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පසුව තීරණය කළා. “ඇත්තම කියමු – ඇත්තම අයට ප්‍රතිලාභ දෙමු” තේමාව යටතේ සුබසාධන ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුසු පවුල් හඳුනාගැනීමේ වැඩසටහනට පුද්ගල තොරතුරු රැස් කිරිම වෙනුවෙන් මෙම සංගණනය ආරම්භ කෙරුණා. ඒ සඳහා අයදුම්පත් ලක්ෂ 37 ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
සිංහල – හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ගනුදෙනු කිරීමේ නැකත සඳහා අප්‍රේල් මස 15 වනදා සමෘද්ධි බැංකු විවෘත කිරීමෙන් වැළකී සිටීමට සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා. එම එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ මහතා සඳහන් කළේ, සමෘද්ධි සේවකයින්ගේ දිරිදීමනා ගැටලුවක් මුල්කරගනිමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ මහතා මේ බව සඳහන් කළා.
ගුවන් තොටුපල කවුන්සිලයේ ජාත්‍යන්තර ලැයිස්තුවට අනුව ඉන්දියාවේ දිල්ලි ගුවන් තොටුපළ ලොව කාර්යබහුලම ගුවන් තොටුපලවල් අතර 09 වන් ස්ථානයට පැමිණ තිබෙනවා. එම ලැයිස්තුවට අනුව 2022 වසරේදී දිල්ලි ගුවන් තොටුපලෙන් මිලියන 5.94 කට වඩා වැඩි මගීන් පිරිසක් සිය ගමනාගමන කටයුතු සඳහා භාවිත කර ඇති බවයි පැවසෙන්නේ. එම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට අනුව දිල්ලි ගුවන් තොටුපළ 2021 දී 13 වන ස්ථානයේ පසුවුණා.2019 වසරේදී දිල්ලි ගුවන් තොටුපලට හිමිවුණේ එම ලැයිස්තුවේ 17 වන ස්ථානයයි. දකුණු හා අග්නිදිග ආසියාව නියෝජනය කරමින් ගුවන් තොටුපල කවුන්සිලයේ ජාත්‍යන්තර ලැයිස්තුවේ පළමු ස්ථාන 10 ට ඇතුළත්ව ඇති එකම ගුවන් තොටුපල ද දිල්ලි ගුවන් තොටුපල වනවා. එම ලැයිස්තුවට අනුව 2022 වසරේ ලෝකයේ කාර්යබහුලම…
ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලබාදුන් බස්රථ 26ක් නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්ක දෙකේ ලංගම ඩිපෝවලට බෙදාදීම අද සිදුකෙරුණා. ඒ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ග්‍රෙගෙරි වැව උද්‍යානයේදී. නව බස් රථ වතුකරයේ හා ග්‍රාමීය ප්‍රදේශවල ධාවනයට එක් කරන අතර එමගින් දැනට දුෂ්කරතාවට පත්ව සිටින එම ප්‍රදේශවල ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සැපයීම අපේක්ෂා කරනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන්, නුවරඑළිය, කොත්මලේ, වලපනේ, හඟුරන්කෙත සහ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය හා ගම්පොල යන ඩිපෝ සඳහා මෙම නව බස් රථ ලබා දුන්නා.
අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව උදෙසා හෙට සිට අමතර බස් සේවා යොදවා ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න මහතා පවසනවා. මගී ජනතාවගේ ඉල්ලීම අනුව කොළඹ සිට දිවයිනේ සියලු ප්‍රදේශවලට එම බස් සේවා ක්‍රියාත්මකයි. ඒ සදහා ප්‍රමානවත් බස්රථ ප්‍රමාණයක් පවතින බව ගැමුණු විජයරත්න මහතා සදහන් කලා. මේ අතර උත්සව සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවා . එය ලබන 18 වැනිදා දක්වා ක්‍රියාත්මකයි . ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස්රථ ඒකාබද්ධව එම සැලැස්ම ක්‍රියාත්මකයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැක කරන පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට අනුයුක්ත මිරිහාන උප ඒකකයේ රාජකාරී කරන අයෙක් බවටයි හෙළිවී ඇත්තේ. කොස්තාපල්වරයා සමග අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 74ක්, මෝටර් රථයක් සහ ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විමර්ශන සිදු කර නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.
නයිජීරියාවේ සන්නද්ධ කණ්ඩායමක් විසින් පුද්ගලයන් 74 දෙනෙකු ඝාතනය කර තිබෙනවා. බෙන්යු ප්‍රාන්ත පොලිසිය පවසන්නේ ඊයේ දිනයේ දී අවතැන් වුවන් සඳහා වු කඳවුරක තිබි මළ සිරුරු 28ක් සොයා ගත් බවයි. තවත් ස්ථානයක තිබි ඉතිරි මළ සිරුරු 46 ද සොයා ගත් බව බෙන්යු ප්‍රාන්ත පොලිසිය පවසනවා. නයිජීරියා රජය පවසන්නේ මෙම ඝාතනයන් ගොවීන් හා එඩේරුන් අතර පැවති ඉඩම් සම්බන්ධ ආරවුලක් නිසා සිදු වූවක් බව අනුමාන කරන බවයි. මේ අතර නයිජීරියා සැම්ෆාරා ප්‍රාන්තයේ සන්නද්ධ කල්ලියක් විසින් කප්පම් ලබා ගැනීමේ අරමුණින් පුද්ගලයන් 80 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222