- ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් රුසියාවට අනතුරු ඇගවීමක්
- කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
- අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර හමුවක්
- ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තීරණයක්
- රගාසා සුළි කුණාටුවෙන් තායිවානයේ 14කට දිවි අහිමි වෙයි
- හිටපු ක්‍රිකට් විනිසුරු Dickie Bird ජීවිතක්ෂයට
- ප්‍රදේශ කිහිපයකට මි.මී. 50 ඉක්මවූ වැසි
- ශ්‍රී ලංකාව පරදා පාකිස්තානයට කඩුලු 05ක ජයක්
Author: VNews
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දෙවන වරටත් කල් දැමීමට සිදුවන බව මැතිවරණ කොමිසම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ මේ වන විට අධිකරණයේ විභාග වන නඩුවේ තීන්දුව මත හෝ මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමේ නිශ්චිත දිනයක් තහවුරු වීමෙන් අනතුරුව මැතිවරණය පැවැත්වෙන දිනයක් තීරණය කරන බවයි. අප්‍රේල් 25 වන දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටයි මිට පෙර රජය තීරණය කර තිබුනේ .
නව සීමා නීර්ණ වාර්තාව අද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දී තිබෙනවා. සීමා නීර්ණ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් එය භාරදුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. දැනට සිටින 8,000 කට අධික පළාත් පාලන ආයතන මහජන නියෝජිතයින් සංඛාව අඩකින් අඩු කිරීම එම කමිටුවේ සැලැස්ම වී තිබෙනවා. මේ අතර මැතිවරණ කොමිෂන් සභාව අද පෙරවරුවේ රැස් වුණා. එම කොමිසම සදහන් කළේ මැතිවරණය පවත්වන්නේ ද නැද්ද යන්න පිළිබදව අද දිනයේ තීරණයක් ගනු ඇති බවයි. එමෙන්ම පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ පැවත් වුණා.
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් කල් දැමීමට තීරණය කිරීමෙන් පසු පාසල් නිවාඩු කාලය සංශෝධනය කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. අප්‍රේල් 17 වැනිදා ආරම්භ වන පාසල් වාරය මැයි 29 වැනිදා දක්වා පැවැත්වෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ. එමෙන්ම නව පාසල් කාලසටහන කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍යංශය පැවසුවා . 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වැනිදා ආරම්භ වන අතර එය ජුනි 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි .
පසුගිය වසර කිහිපය තුළ ඉන්දියාවේ ඖෂධ කර්මාන්තයේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධවල පවතින ගුණාත්මකභාවය සහ දැරිය හැකි මිල වෙළඳපල ප්‍රසාරණය වීමට මූලික හේතුව බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඒ අනුව ඉන්දියාව ගෝලීය ඖෂධ වෙළඳපොලේ ප්‍රමාණයෙන් සියයට 13 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ද සඳහන්. ඉන්දියාව මේවනවිට සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් 200 කට අධික සංඛ්‍යාවක් සඳහා ඖෂධ සපයනු ලබනවා. මෑතකාලීනව ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන්නේ ඉන්දියාවයි. ලෝකයේ එන්නත් අවශ්‍යතාවයෙන් 60% ක් සපුරා ලන්නේ ඉන්දියාව බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකානු හමුදා කදවුරක් ස්ථාපිත කිරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පවසනවා. ඇය මේ බව අවධාරණය කර තිබුණේ මෙරට පුවත්පතක් සමග සිදු කරන ලද සාකච්ඡාවකදී. මේ අතර 1995 වසරේ අත්සන් කරන ලද සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් යළි කතාබහට ලක් කිරීමට ඇමෙරිකාවේ බලාපොරොත්තුවක් නොමැති බව ද ජූලි චන්ග් මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කල් යන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව එළඹෙන මැයි මස 15 වැනි දිනට පැවැත්වීමට නියමිතව තිබූ 2022 වසරට අදාළ සා/පෙළ විභාගය එදින පැවැත්වීමට නොහැකි බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් එය තවත් සති දෙකකින් කල් යන අතර, එය දැනට පැවැත්වීමට යෝජනා වී ඇත්තේ මැයි මස 29 වැනි දිනයි. මීට පෙර පැවැත්වීමට නියමිත ව තිබූ 2022 සා/පෙළ විභාගය කල් යෑම සිදු වූයේ ආණ්ඩුවේ අදූරදර්ශී පාලනයට සහ බදු වැඩපිළිවෙළට එරෙහිව වෘත්තිකයින් විරෝධතා ආරම්භ කරමින් වැඩ වැරීම මත ගුරුවරුන් පවා උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ඉවත් වීම හේතුවෙනි. කෙසේවෙතත් පසුගිය මස 07 වැනි දින (මාර්තු) අධ්‍යාපන…
ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව ලොව ආහාර උද්ධමනය ඉහළම මට්ටමක පවතින රටවල් අතරින් ශ්‍රී ලංකාව 10 වන ස්ථානය දක්වා පහළ බැස තිබෙනවා . උද්ධමනය ඉහළම මට්ටමක පැවැති පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව දෙවැනි වූයේ සිම්බාබ්වේ සහ ලෙබනනයට පමණයි . මේ වනවිට ලොව වැඩිම ආහාර උද්ධමනයක් සහිත රට ලෙබනනය වන අතර එහි අගය 139% ක් බව සදහන්
චීනය තුන්වන දිනටත් තායිවානය අවට යුද අභ්‍යාසවල නිරත වනවා. තායිවාන ජනාධිපතිනි සායි ඉන්ග්වෙන්ගේ ඇමෙරිකා සංචාරයට ප්‍රතිචාරයක් ලෙසයි චීනය මෙම යුද අභ්‍යාසය ආරම්භ කළේ. චීන ප්‍රහාරක ගුවන් යානා සහ යුද නැව් ඊට එක්කර තිබෙනවා. තායිවාන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරන්නේ ඔවුන් ප්‍රහාරක යානා 70ක් සහ නෞකා 11ක් නිරීක්ෂණය කළ බවයි. එම ප්‍රහාරක යානාවලින් 35ක් තායිවාන සමුද්‍ර සංධියේ මධ්‍ය රේඛාව හරහා ගොස් එරට ගුවන් යානා ආරක්ෂක කලාපයට ද ඇතුළුවී තිබෙනවා. චීනය පවසන්නේ තායිවානය තම රටට අයත් බිම් කොටසක් බවයි. එහෙත් තායිවානය එය ප්‍රතික්ෂේප කරනවා.
වංචාකාරි වෙළඳුන් ප්‍රාදේශීය වශයෙන් පවතින වෙළඳපොල තුලට ඇතුල් වී කල්ඉකුත් වූ භාණ්ඩ ඇතුඵ ආහාරයට නුසුදුසු දෑ අලෙවි කිරීම තුළින් ජනතාව මුලාවට පත් කිරීම හේතුවෙන් ඒ පිළිබදව අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසනවා. එමෙන්ම ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසටයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ. එමෙන්ම බීමත් රියදුරන් සහ අධික වේගයෙන් රිය පදවන රියදුරන් පිළිබදව දැඩි අවධානයෙන් පසුවන බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා වැඩිදුරටත් කියා සිටියේ.
මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ පැතිරයාමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛය අංශ පවසනවා. ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන මෙම රෝගී තත්ත්වයෙන් වැඩි බලපෑමක් එල්ලවන්නේ ගර්භනී කාන්තාවන්, කුඩා දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින්ටයි. ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයේ මූලික රෝග ලක්ෂණ වන්නේ තද උණ, මාංශපේෂී වේදනාව, නාසයෙන් සොටු දියර ගැලීම, උගුරේ වේදනාව සහ සෙම තත්ත්වයයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222