- කලබල එපා – හොදම සෙල්ලම් එළිවෙන ජාමෙට ! නලින්ද කියයි – VIDEO –
- මිදිගම රුවන්ගෙන් ප්‍රකාශයක් ගන්න අවසර
- වන්දි දෙන්නේ නෑ – නැව් සමාගමෙන් ලංකාවට තගක් !
- රජයෙන් සුපර් ඇප් එකක්
- අපරාධවලට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට
- ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අභාවප්‍රාප්ත වෙයි
- පිලිපීනයේ හිටපු ජනාධිපතිට අපරාධ චෝදනා ගොනුකරයි
- විසා නොමැති ශ්‍රී ලාංකිකකයින් ගැන ඊශ්‍රායලය අවධානයෙන්
Author: VNews
වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය අලුත් පාර ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී නිදන් සොයා කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුද හමුදා සෙබලෙක් ද වන අතර සැකකරුවන් මල්වත්තාවලල ඇතිමලේ සහ බුත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය. සැකකරුවන් සන්තකයේ තිබී කැණීම් සදහා යොදාගත් උපකරණ රැසක් ද පොලිස් නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
මන්නාරම පොලිස් ස්ථානයේ පොලිස් මුළුතැන්ගෙට අවශ්‍ය දර සෙවීමට ගිය පොලිස් සැරයන්වරයකු ඊයේ 19 අතුරුදන් වී ඇති බව මඩු පොලිසිය පවසයි. අතුරුදහන් වී ඇත්තේ මන්නාරම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් 3339 සරත් නමැති නිළධාරියෙකු වන බවද පොලිසිය පැවසූහ. පොලිස් සැරයන්වරයා ඇතුළු පිරිසක් දර සෙවීමට ට්‍රැක්ටර් රථයකින් මඩු කැළෑවට පැමිණි අවස්ථාවේ අතුරුදහන්ව ඇති බවද පොලිසිය පැවසීය. පොලිසිය වැඩිදුරටත් පැවසූවේ මඩු හා මන්නාරම් මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායම් කිහිපයක් අතුරුදහන් නිළධාරියා සොයා අද 20 උදැසන වන විටත් පරීක්ෂණ මෙහෙයවන බවයි. අතුරුදහන් නිළධාරියා අද 20 උදැසන වන විටත් සොයා ගැනීමට නොහැකි වු බව පොලිසිය සඳහන් කළහ. මඩු කැළෑවේ දර කැඩීමට ගිය අවස්ථාවේ වලස් ප්‍රහාරයන්ට…
යාපනය, කයිතඩි ප්‍රදේශයේ ඊයේ(19) රාත්‍රියේ සිදුවු රිය අනතුරකින් උප පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් ඇති බව චාවකච්චේරි පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ කොඩිකාමම් පොලිසියට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු එලෙස මියගොස් ඇති බවයි. පොලිස් නිළධාරියා පැමිණි යතුරුපැදිය බස් රථයක ගැටීමෙන් පොලිස් නිළධාරියා මාර්ගයේ වැටී ඇති අතර, අනතුරුව ඉදිරිපසින් පැමිණි තවත් ලොරි රථයක පොලිස් නිළධාරියා ගැටී ඇති බව මුලිකව නිරීක්ෂණය වන බව පොලිසිය සඳහන් කළහ. අනතුරින් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ආර්.එම්.ගුණරත්න නමැති උප පොලිස් පරීක්ෂකවරයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසූහ. අනතුරට අදාළ රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් පුද්ගලික අංශයට විකිණීමට එරෙහිව ටෙලිකොම් එක්සත් වෘත්තීය සමිතිය අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළා. නීතිපතිවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය, ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා ඇතුළු 34 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. පෙත්සමෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ සියයට 49 යි දශම 5 ක කොටස් පෞද්ගලික අංශයට විකිණීමෙන්, ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතා බහුතරයක් ඉටු කරනු ලබන ආයතනය රජයේ පාලනයෙන් ගිලිහී යනු ඇති බවයි.
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි පහත වැටීමක් අද දිනයේ පෙන්නුම් කරනු ලැබුවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් ශත 7 කින් පහළ බැස තිබූ අතර එහි මිල සඳහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 84 යි ශත 70 ක් ලෙසයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 24 වැනි තරගයෙන් ජය ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ලකුණු 08න් පරාජයට පත් කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 226ක් රැස් කළා. එහිදී ඩෙවොන් කොන්වේ පන්දු 45කදී ලකුණු 83ක් සහ ශිවම් ඩූබේ පන්දු 27දී ලකුණු 52ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී රැස්කර ගත හැකි වූයේලකුණු 218ක් පමණයි. එහිදී අවසන් පන්දු වාරය යොමු කරමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණ චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.
සූඩානයේ කණ්ඩායම් කිහිපයක් අතර ඇති වූ සටන් වලින් මේ වන විට පුද්ගලයන් 185 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම සටන් වලින් පුද්ගලයන් 1,800ක් පමණ තුවාල ලබා ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ. සූඩානයේ කණ්ඩායම් කිහිපයක් අතර දින තුනක් මෙම සටන් පැවති බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් වනවා.
යාපනය, මාමුනෙයි හා චුන්ඩිකුලම් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් 12දෙනෙකු නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයන් රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකළ හා විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු කර ඇති අතර, ඔවුන් සමග ඩිංගි යාත්‍රා තුනක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ. මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 28 ත් 59 ත් අතර පසුවන මන්නාරම, තලයාඩී, පූලයාර්කොයිලඩි, පුදුකුඩුඉරුප්පු සහ ආනන්දපුරම් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම පුද්ගලයින් දෙළොස් දෙනා මෙන්ම ධීවර ආම්පන්න සහ ඩිංගි යාත්‍රා තුන…
චීනයට මෙරට රිළවුන් ලබා දීම සිදු කරනු ලබන්නේ ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පත් කරන කමිටුව නිර්දේශ කළහොත් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. චීනයේ පුද්ගලික සත්වෝද්‍යාන දහසක් පමණ පවත්වාගෙන යන සමාගමක් විසින් ඔවුන්ගේ සත්වෝද්‍යාන සඳහා රිළවුන් ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට අනුවයි මෙලෙස රිළවුන් ලබා දීමට එකග වී ඇත්තේ. 2022 වසරේ පළමු මාස හය තුළ පොල් ගෙඩි මිලියන 93ක් රිළවුන් හා දඩුලේනුන් විසින් විසින් විනාශ කර තිබෙන බවත්, 2022 වසර අවසන් වනවිට එම ප්‍රමාණය පොල් ගෙඩි මිලියන 200 ඉක්මවා තිබෙන බවත් අමාත්‍යවරයා සදහන් කළා.
අලුත් අවුරුදු සතිය තුළ විවිධ අනතුරු හේතුවෙන් දෛනිකව පුද්ගලයින් 3000ත් – 4000ත් අතර සංඛ්‍යාවක් නේවාසික ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා . එහි බෝ නොවන රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පැවසුවේ රිය අනතුරු, ගිනි කෙළි අනතුරු, දියේ ගිලීම්වලින් පුද්ගලයින් එලෙස රෝහල්ගත කෙරෙන බවයි. වසරේ වෙනත් දිනවලදි විවිධ අනතුරු හේතුවෙන් දෛනිකව පුද්ගලයින් 3000 කට ආසන්න සංඛ්‍යාවක් රෝහල්ගත කෙරෙන බව ඔහු ප්‍රකාශ කළා .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222