Author: VNews

ඒ අනුව පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ​යුක්තිය හා සාධාරණය​ ඉල්ලා අද මහා ජන පවුරක් නිර්මාණය කරන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමියන් පවසනවා. උන්වහන්සේ සඳහන් කරන්නේ උදැසන 08 සිට 09 දක්වා කොළඹ ශාන්ත අන්තෝනි දේවස්තානය අසල සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්තානය දක්වා කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය​ දෙපස මෙම ජන පවුර ගොඩ නගන බවයි. එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් මියගිය​ පුද්ගලයින් වෙනුවෙන් උදැසන 8 45 ට විනාඩි දෙකක් නිශ්ශබ්දතාවක් ආරක්ෂා කිරීමටත්කටයුතු සිදු කරන බවයි උන්වහන්සේ සඳහන් කලේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීම කාලෝචිත බව ආසියානු රග්බි සම්මේලනය ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ආසියානු රග්බි සම්මේලනය නිරන්තරයෙන් සහයෝගය ලබාදෙන බවයි ඒආ  එහි සභාපති කයිස් අල් දලායි ප්‍රකාශ කර ඇත්තේ. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ  ආසියානු රග්බි සම්මේලනයයේ   සභාපතිවරයා අතර හමුවක් ඩුබායිහි ආසියානු රග්බි සම්මේලන මූලස්ථානයේදී පැවැත්වුනා. එහිදී සභාපතිවරයා විසින් මේ පිලිබඳ සඳහන් කර තිබෙනවා. එමෙන්ම   ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී  සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා පනවා තිබු තහනම ඉවත් කිරීමට ආසියානු රග්බි සම්මේලනය පසුගියදා ගත් තීරණයට තම ප්‍රසාදය පළ කළ බවයි. එමෙන්ම ශ්‍රී ලංකා රග්බි සම්මේලනය…

තව කියවන්​න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමට අදාල යෝජනා ගැන පාර්ලිමේන්තු විවාදයට අප්‍රේල් මස 26,27 සහ 28 වැනි දින යොදා ගැනීමට තීරණය වී තිබෙනවා. ඊයේ  දිනයේ පැවති පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මේ පිලිබඳ සාකච්චා වී ඇති බව සඳහන්.. සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු පළමු වරට අප්‍රේල් 25 වන දින පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතයි.

තව කියවන්​න

ජාතික අක්ෂි රෝහලේ සිදු කරන සියලු ශල්‍යකර්ම ඊයේ  සිට දින නියමයක් නොමැතිව නවතා දමා තිබෙනවා. රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්. තවුෆික්  මහතා සඳහන් කලේ ශල්‍යාගාරය තුළ විශබීජයක් පැතිරීම හේතුවෙන් එහි සිදු කෙරෙන ශල්‍යකර්ම මෙලෙස නතර කිරීමට පියවර ගත් බවයි. ශල්‍යාගාරය තුළ පැතිරී ඇති විෂබීජය කඩිනමින් හරණය කර නැවත යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ සඳහා නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීමට නොහැකි බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කලා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරන්නේ ශල්‍යාගාරය තුළට විෂබීජයක් ඇතුළු වූයේ කෙසේද යන්න ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.

තව කියවන්​න

2022 වර්ෂයේ පැවැත්වූ 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2023 වර්ෂයේ 06 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා ඉදිරිපත් කිරීම මාර්ගගත ව සිදු කිරීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. 2023.04.20 දින දහවල් 12.00 සිට මැයි මස 08 දින රාත්‍රී 12.00 දක්වා කාලය වෙන් කර ඇති අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙනවා . අධ්‍යාපන අමාත්‍යාංශයේ වේබ් අඩවිය වෙත පිවිසීමෙන් මාර්ගගත අභියාචනා අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා.

තව කියවන්​න

“සවියක් වී වී එෆ් එම්” ජාතික සත්කාරය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ අනුව 2023 වසර සදහා දියත් කරන සමාජ සත්කාරක වැඩටසහන් මාලාවේ පළමු අදියර හෙට පෙරවරු 9 සිට රත්නපුර පැල්මඩුල්ල මහජන පොළ පරිශ්‍රයේදී ක්‍රියාත්මකයි. සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙහිදි රත්නපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසල් සිසුන් වෙත අංග සම්පූර්ණ පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සිදු වනවා. ලොව පුරා වෙසෙන වී එෆ් එම් ශ්‍රාවක පරිත්‍යාගවලින් මෙම ජාතික සත්කාරය සිදු කෙරෙනවා. එහිදි පොත් බෙදා දීම, අක්ෂි සහ දන්ත සායන, ජීවන කුසලතා වැඩසටහන් සහ සංගීත ප්‍රසංගයක් ද පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ඇතුළු දිවයිනේ රෝහල් කිහිපයක් සඳහා වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 08 දෙනෙකු වහා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මතයි මෙලෙස එම වෛද්‍යවරුන් පත් කර ඇත්තේ . පුරප්පාඩුව පවතින එම විශේෂඥ වෛද්‍යවරුන්ගේ රාජකාරි කටයුතු මෙම පත් කිරීම් හරහා ඉදිරියේදී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති . ඒ අනුව ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල, උඩුගම මූලික රෝහල, කඹුරුපිටිය මූලික රෝහල, කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහල, දික්ඔය මහ රෝහල හා මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල යන රෝහල් සඳහා වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් පත් කල බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා .

තව කියවන්​න

වගාහානි සිදු කරන පමණින් රිලවුන් අපනයනය කරන්නේනම් ඊට ප්‍රථම අපනයනය කල යුතු පිරිසක් මෙරට වෙසෙන බව පරිසර වේදීන් පවසනවා. පරිසරවේදී නයනක රන්වල මහතා සඳහන් කරන්නේ දැනට ලැබී ඇති තොරතුරු අනුව රිලවුන් ජීවත්ව සිටියදීම උන්ගේ මොලය ආහාරයට ගැනීමේ ක්‍රියාවලියක් සඳහා මෙම රිලවුන් අපනයනය කිරීම සැලසුම කර ඇති බවයි.

තව කියවන්​න

ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දළයිලාමා තුමන් ඉන්දියාවට පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ දළයිලාමා තුමන්ගේ අනුගාමිකයන් විශාල පිරිස එතුමන්ව පිළිගැනීම සඳහා දිල්ලි ගුවන් තොටුපල වෙත පැමිණ සිටි බවයි. දිල්ලියේ දී අද පැවැත්වෙන ගෝලීය බෞද්ධ සමුළුවට සහභාගී වීම සඳහා දලයි ලාමා ඉන්දියාවට පැමිණ ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද එම සමුළුව ඇමතීමට නියමිතයි. ඉන්දියාවේ මධ්‍යම සංස්කෘතික අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය සමග එක්ව අද සහ හෙට දිනවල මෙම සම්මේලයය පවත්වනු ලබනවා .

තව කියවන්​න

මෑත කාලයේදී වාර්තා වූ මෙරට එක් දිනකදී වැඩිම විදුලිය භාවිතය ඊයේ දිනයේදී සිදුව ඇතැයි විදුලි බල මණ්ඩලය පවසනවා.ඒ අනුව ඊයේ දිනයේදී ගිගාවොට් 49.53ක විදුලි ඉල්ලුමක් ලැබී ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ අතර අද දිනයේ ගිගාවොට් 50කට අධික විදුලි ඉල්ලුමක් අපේක්ෂාකරන බව විදුලි බලමණ්ඩලය පවසනවා.ඒ අනුව සියලුම තාප විදුලි බලාගාර ද භාවිතයෙන් අදාල විදුලි ඉල්ලුම ලබාදීමට පියවර ගන්නා බවයි විදුලි බල මණ්ඩලය සදහන් කරන්නේ. රට තුළ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් විදුලි පංකා සහ වායු සමීකරණ භාවිතය ඉහළ යාමත් සමග මෙලෙස විදුලි පරිභෝජනය ඉහළ ගොස් තිබෙනවා.

තව කියවන්​න