- කලබල එපා – හොදම සෙල්ලම් එළිවෙන ජාමෙට ! නලින්ද කියයි – VIDEO –
- මිදිගම රුවන්ගෙන් ප්‍රකාශයක් ගන්න අවසර
- වන්දි දෙන්නේ නෑ – නැව් සමාගමෙන් ලංකාවට තගක් !
- රජයෙන් සුපර් ඇප් එකක්
- අපරාධවලට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට
- ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අභාවප්‍රාප්ත වෙයි
- පිලිපීනයේ හිටපු ජනාධිපතිට අපරාධ චෝදනා ගොනුකරයි
- විසා නොමැති ශ්‍රී ලාංකිකකයින් ගැන ඊශ්‍රායලය අවධානයෙන්
Author: VNews
බුද්ධ දර්ශනයේ හරය ලොවට ව්‍යාප්ත කිරීමට ගෝලීය බෞද්ධ සමුළුවට හැකිවනු ඇතැයි ටිබෙටය පවසනවා. ඉකුත් දා ඉන්දියාවේ පැවැති ගෝලීය බෞද්ධ සමුළුවට එක්වෙමින් ටිබෙටයේ බෞද්ධ භාවනා ආචාර්ය යොංගේ මින්යුර් පැවසුවේ ඒ සඳහා ටිබෙටයට ද සහය ලබාදිය හැකි බවයි. මෙවර සමුළුව පැවැත්වෙන්නේ වෙනස් සම්ප්‍රදායක්, වෙනස් පරම්පරාවක් සමග බවයි උන්වහන්සේගේ පැවසුවේ. එබැවින් මෙවට ගෝලීය බෞද්ධ සමුළුව විශේෂ බවයි උන්වහන්සේ පැවසුවේ. ඉන්දියාවෙන් ලොව පුරා ව්‍යාප්ත වූ බුද්ධ ධර්මය තුළ ඇති පණිවිඩය වන්නේ දැනුවත්භාවය, ආදරය, දයාව සහ ප්‍රඥාව බව ද උන්වහන්සේ සඳහන් කළා.
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ඉහළ නැංවූ ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙන තුරු නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. ඊයේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඛනික තෙල් සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා. මෙම ඉන්ධන කෝටාව ඉහල නැංවීම හේතුවෙන් මාසික ඉන්ධන සැලසුමේ වෙනසක් නොවන බව නිරීක්ෂණය වී තිබෙන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසන්නේ. එමෙන්ම ඉන්ධන කෝටාව ඉහල නැංවීමෙන් පසු කිව් .ආර් කේතය අවභාවිතා කිරීම සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා .
පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රජයක් ලෙස බුදු දහම සුරක්ෂිත කිරීමට බැඳී සිටින බැවින් ඒ සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු නිකායයන් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ . ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේ ඒ පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදීයි. මෙම උපසම්පදා විනය කර්ම මහෝත්සවයේ සමාරම්භක උත්සවය සඳහා සාම්ප්‍රදායානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වනු ඇත.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 34වැනි තරගයෙන් ජය ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 07න් පරාජයට පත් කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 144ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිද්‍රාබාද් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 137ක් පමණයි.
පාකිස්තානයේ සිදු වූ පිපිරීම් දෙකක් හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පාකිස්තානයේ ත්‍රස්ත මර්ධන මධ්‍යස්ථානයේ මෙම පිපිරීම් සිදුව ඇති අතර, එහිදී පුද්ගලයන් 50 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ. මෙම පිපිරීමට හේතුව ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවත්, ත්‍රස්ත මර්ධන මධ්‍යස්ථානයේ තිබූ පුපුරණ ද්‍රව්‍ය ගිනි ගැනීමෙන් පසුව මෙම පිපිරීම සිදුව ඇති බවත් එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබෙනවා.
උතුරු නැගෙනහිර පළාත් දෙක තුළ අද හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේනවා . දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ එක්ව මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සි වී විග්නේශ්වරම් මහතා පසුගිය දා ප්‍රකාශ කලේ . ත්‍රස්ත විරෝධී පනත ඇතුළු දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අදාළ හර්තාල් ව්‍යාපාරය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා .
හම්බන්තොට ප්‍රදේශයේ අද අලුයම සිදු වූ භූ කම්පනය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සදහා කණ්ඩායමක් එම ප්‍රදේශයට යොමු කර තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පැවසුවේ මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමේ අවධානමක් නොමැති බවයි. හම්බන්තොට වෙරළට කිලෝමීටර 25 යි දශම 8 ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපක 4 දශම 4 ක සු`ඵ භූ කම්පනයක් අද අලුයම හටගෙන තිබුණා. එම කම්පනය හම්බන්තොට මිරිජ්ජවිල, ගොඩවාය, දෙහිලන්ද සහ අම්බලන්තොට ප්‍රදේශවලට දැනුනු බව සදහන්. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ජේ්‍යෂ්ඨ අධ්‍යක්ෂ ආචාර්ය ස්ටෙරින් ප්‍රනාන්දු මහතා අදහස් පළ කළා.
ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් ඩෙල්ප් දුපතෙහි ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් නෙඩුන්දිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද අලුයම සිට මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි වාර්තා වන්නේ . එමෙන්ම ප්‍රදේශවාසීන් විසින් නෙඩුන්දිව් ප්‍රාදේශීය ලේකම්වරයා මාර්ගයෙන් එම පොලිසියට පෙත්සමක් ද භාර දී මට කටයුතු කර තිබෙනවා
විදෙස් සංචාරකයින්ගේ ආගමන විගමන කටයුතු සදහා විශේෂ කවුලු කිහිපයක් කටුනායක ගුවන් තොටුපලේ විවෘත කර තිබෙනවා. අද පස්වරුවේ සිට මෙම විශේෂ කවුලුව විවෘත කර ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ සංචාරක සංවර්ධන කමිටුව මගින් එම නිර්දේශය පසුගිය දා ලබා දී තිබුණා.
විශ්‍රාමලත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු විසින් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන දෙකක් පරිත්‍යාග කර තිබෙනවා . මෙම පරිත්‍යාගය සිදුකර ඇත්තේ කිං කුසල ගවේශී සංගමයේ නිර්මාතෘ සහ එහි සභාපති විශ්‍රාමලත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් සේනානායක මහතායි . අද ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඒ මහතා මෙලෙස එම මුදල ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත බාරදී තිබෙනවා. ඒ මහතා සිය ලේඛන කටයුතු වලින් සහ දේශන පවත්වා ලබන ආදායමෙන් මෙම මුදල පරිත්‍යාග කර තිබෙනවා .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222