Author: VNews

ගෘහස්ථ එල්පී ගෑස් මිල සංශෝධනයක් මෙම සතියේ සිදුකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා . මසකට වරක් සිදුකරන ගෑස් මිල සූත්‍රයට අනුව මෙම එම මිල සංශෝධනය සිදුකරන බවද එම සමාගම සදහන් කළා . ඒ අනුව ලබන 04 වනදා එම මිල සංශෝධනය සිදු වනු ඇති .

තව කියවන්​න

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනක් නිකුත් කර තිබෙනවා. අද පස්වරු 1.30 සිට රාත්‍රී 11.00 තෙක් එම නිවේදනය වලංගු වනවා . ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි . මේ අතර තද වැසි සම්බන්ධයෙන්ද අවවාදාත්මක නිවේදනයක් ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සම දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි .

තව කියවන්​න

ඉන්දියාවේ ජම්මු කාශ්මීරය මේදිනවල ජාත්‍යන්තර සමුළුවකට අනුග්‍රහය දැක්වීම සඳහා සූදානම් වනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ G20 සමුළුවේ ප්‍රධාන උත්සව කිහිපයක් මැයි මාසයේදී කාශ්මීරයේ පැවැත්වෙන බැවින් කාශ්මීර බලධාරීන් ඒ සඳහා සූදානම් වන බවයි. මැයි මාසයේදී ජම්මු සහ කාශ්මීරයේ පැවැත්වීමට නියමිත G20 සමුළුවේ විශේෂ වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම එම බලධාරීන්ගේ ප්‍රමුඛ කාර්යයක් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. එහිදී තීරණාත්මක සාධකයක් වී ඇත්තේ පැමිණෙන අමුත්තන් සඳහා ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් ලබාදීමයි. සෞඛ්‍ය හා වෛද්‍ය අධ්‍යාපන ලේකම් භූපේන්දර් කුමාර් එම කටයුතු සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ. සිය අරමුණ G20 සමුළුවට සූදානම් වීම පමණක් නොව කලාපයේ සමස්ත සෞඛ්‍ය සේවා යටිතල…

තව කියවන්​න

ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ කර්මාන්ත ශාලාවක සිදු වු ගෑස් කාන්දුවක් හේතුවෙන් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ගෑස් හා මීතෙන් වායුව සමග ඇති වු කිසියම් ප්‍රතික්‍රියාවක් නිසා මෙම මරණ සිදුවන්නට ඇති බවයි අනුමාන කෙරෙන්නේ. ගෑස් කාන්දුව වාර්තා වීමත් සමඟ සිද්ධිය වු කර්මාන්ත ශාලාව මෙන්ම අවට ජිවත්වන පිරිස් ද ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න

හෙට කොළඹ සහ මහනුවර ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා පවසනවා. එමෙන්ම හෙට දින පැවැත්වීමට නියමිත දේශපාලන රැළි සඳහා සියලු ආරක්ෂක විධි විධාන යොදවා ඇති බව ද ඔහු සදහන් කළා . මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා මේ අදහස් පළ කලා .

තව කියවන්​න

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර ඇතැයි වර්තවනවා. ඒ ඊයේ දිනයේදී ෂඵත්‍ යෝජනාවලියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන්. සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කලේ , පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා ෂඵත්‍ ගිවිසුමට පක්ෂව ඡන්දය ලබාදීම පක්ෂ තීරණයට පටහැනි බවයි.

තව කියවන්​න

ඉන්දියාව සහ බංගලාදේශය සිය ද්විපාර්ශ්වික වෙළඳ ගනුදෙනුවලින් කොටසක් ඔවුන්ගේම මුදල් ඒකකව්ලින් ගෙවීමට එකග වී ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය පවසනවා. ඒ අනුව එම ගනුදෙනු රුපියල සහ ටකා යන මුදල් ඒකකවලින් පියවීමටයි දෙපාර්ශවය එකග වී ඇත්තේ. ඩොලර් ශේෂය මත ඇති පීඩනය අඩු කිරීම සඳහා ඉන්දියාව සහ බංග්ලාදේශය මෙම තීරණය ගෙන ඇති බව ද බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළා. ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ බැංකු පද්ධති දෙක බැගින් මෙම ගනුදෙනු සඳහා සම්බන්ධ වන බවයි වාර්තා වන්නේ. මේ හරහා දෙරටටම ආර්ථිකමය හා මූල්‍යමය වශයෙන් ප්‍රතිලාභ හිමිවන බව ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කළා.

තව කියවන්​න

බිත්තර සඳහා ලබා දී ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා . බිත්තර නිෂ්පාදකයින් සහ කුකුළු කර්මාන්තකරුවන් හා බලධාරීන් අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුව ඇති බව සඳහන්. එමෙන්ම උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා. මේ අතර වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙදසැල් 29කට එරෙහිව නඩු පවරා තිබෙනවා. වැඩිමිලට බිත්තර අලෙවි කළ වෙළෙදසැල් මගින් රුපියල් ලක්ෂ 41ක දඩ අයකරගෙන තිබෙනවා. බිත්තර සදහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් පසුගියදා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

තව කියවන්​න

ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට ලෝක බැංකුව කටයුතු කර තිබෙනවා .ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය නිකුත් කරනු ලබනවා . උද්ධමනය පහළ යමින් තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව මෙම දර්ශකයෙන් ඉවත් කිරීමටයි ලෝක බැංකුව තීරණය කර ඇත්තේ . පසුගිය වසරේ සිට ශ්‍රී ලංකාව මෙම දර්ශකයට ඇතුලත්ව සිටියා . මෙවර දර්ශකයේ ප්‍රථම ස්ථානය ලෙබනනයට හිමිව ඇති අතර එහි උද්ධමනය සියයට 261 ක් බව ලෝක බැංකුව පවසනවා .දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් සිම්බාබ්වේ සහ ආර්ජන්ටිනාව හිමිකරගෙනතිබෙනවා .

තව කියවන්​න

ඉදිරි වසර 25 සදහා වූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් මෙම අනු කමිටුව පත් කිරීමට නියමිත බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ. එම කමිටුව සදහා සාමාජිකයින් දස දෙනෙකු ඇතුලත් වනවා.

තව කියවන්​න