Author: VNews

පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ලෙස නාමයෝජනා භාර දුන් රාජ්‍ය සේවකයින්ට තමන් තරග කරන දිස්ත්‍රික්කය හැර ළඟම ඇති පළාත් පාලන කොට්ඨාසය තුළ රැකියාවල නිරත වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා . රජයේ සේවකයින් සම්බන්ධයෙන් ඡන්දය පවත්වනු ලබන තෙක් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද නිරීක්ෂණ සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බව සදහන් . රාජ්‍ය පරිපාලන සහ ස්වාදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට එලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා .

තව කියවන්​න

මෙක්සිකෝ දේශ සීමාව වෙත හමුදා භටයින් 1500ක් තාවකාලිකව යොමු කිරීමට ඇමෙරිකාව තීරණය කර තිබෙනවා. මේ මාසය අවසානයේ දී ඇමෙරිකාව කොවිඩ් 19 දේශසීමා සංක්‍රමණ නීති ඉවත් කිරීමත් සමඟ මෙක්සිකෝ හරහා විශාල පිරිසක් අනවසර ලෙස ඇමෙරිකාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. එය වැළැක්වීමේ අරමුණිනුයි මෙසේ හමුදා භටයින් යෙදවීමට සුදානම් වන්නේ. එමෙන්ම ජාතික ආරක්ෂක භටයන් 2500ක් නිරතුරුවම යෙදවීමට ද ඇමෙරිකාව සැලසුම් කර තිබෙනවා.

තව කියවන්​න

උසස් පෙළ විභාග විෂයන් 52ක් සඳහා පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ප්‍රමාණවත් අයදුම්පත් ලැබී ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා . තවත් විෂයන් 11ක් සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය හෙට  මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කළ බව ද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා .

තව කියවන්​න

සූඩානයේ පවතින සටන් හේතුවෙන් මේ වන විට ලක්ෂයකට වැඩි පිරිසක් සූඩානයෙන් පලාගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එමෙන්ම තවත් පුද්ගලයන් තුන් ලක්ෂ 34,000ක් අවතැන්ව එරට තුළ රැඳී සිටින බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ. සූඩානයේ සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද සූඩාන හමුදාව සහ ආර්.එස්.එෆ් කණ්ඩායම අතර දිගින් දිගටම සටන් පවතින බවත්, හෙට සිට දින 07ක කාලයක් සදහා ප්‍රතිපත්තිමය වශයෙන් දින 07ක සටන් විරාමයකට යෑම සඳහා මෙම කණ්ඩායම් දෙක පොරොන්දු වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තව කියවන්​න

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ සහ ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ පැවැත්වෙන විශේෂ වෙසක් වැඩසටහන අද සිට ආරම්භ වනවා . ඒ අනුව බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් මෙම පරිශ්‍රයේ අද සිට මැයි මස 06 වනදා දක්වා තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, සීලභාවනා ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කිරීමටයි කටයුතු කර ඇත්තේ . ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අද රාත්‍රී 7.00 සිට භක්ති ගීත ප්‍රසංගයක් පැවැත්වෙන අතර එම අවස්ථාව සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වීමට නියමිතයි . එමෙන්ම තවත් වැඩසටහන් රැසක් අනෙකුත් දින වලදීද ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ .

තව කියවන්​න

බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව විද්‍යාව සහ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සහයෝගීතාව සඳහා වන ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ, ඉන්දියාවේ විද්‍යා හා තාක්ෂණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජිතේන්ද්‍ර සිං සහ බ්‍රිතාන්‍යයේ විද්‍යා අමාත්‍ය ජෝර්ජ් ෆ්‍රීමන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. අත්සන් තැබු මෙම අවබෝධතා ගිවිසුම මගින් ආර්ථික වර්ධනයට හේතු වන විද්‍යාව පිළිබඳ වේගවත් හා ගැඹුරු සහයෝගීතාවයක් ඇති කිරීමට හැකි වනු ඇති. ඒ හරහා ඉන්දියාව සහ බ්‍රිතාන්‍යට ලොව පුරා, විද්‍යා, නවෝත්පාදන සහ තාක්ෂණය යන අංශවලින් නව රැකියා උත්පාදනය කිරීමට අවස්ථාව හිමිවනවා . එමෙන්ම නව ගිවිසුම හරහා ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය එක්ව දේශගුණික විපර්යාස, වසංගත සඳහා සූදානම මෙන්ම කෘතිම බුද්ධිය වැනි විවිධ ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි ද…

තව කියවන්​න

සුඩානයේ යුද ගැටුම් අතරතුර ඉවත් කර ගැනුණු තුන්වන ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම මුදා ගෙන තිබෙනවා. ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු මේ වන විට ජෙඩා නුවරට ළඟා වී තිබේන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ . ඒ අනුව මේවන විට ශ්‍රී ලාංකිකයින් 31 දෙනෙකු සුඩානයෙන් ඉවත් කර ගෙන තිබෙනවා . සුඩානයේ නීත්‍යනුකූල නොවන සන්නද්ධ හමුදා කණ්ඩායම් සහ සුඩාන රාජ්‍ය හමුදාව අතර ගැටුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ගැටුම් හේතුවෙන් මේ වනවිට සුඩාන වැසියන්ද ඇතුළුව ලක්ෂ 8 කට අධික පිරිසක් සුඩානයේ සිට අසල්වැසි රටවල් 7 කට පළාගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත මධ්‍යස්ථානය පවසය.

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළිය අද පස්වරුවේදී බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වනු ලැබුවා. ඒ, පක්ෂ නායක, හිටපු ජනාධිපමහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් . එහිදි අදහස් පළ කළ මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ඇතැම් වාත්තීය සමිති, සිසුන් ප්‍රාණ ඇපයට තබා ගනිමින් වැඩ වර්ජන සිදු කරන බවයි. මෙම ක්‍රියාව කිසිසේත් අනුමත නොකරන බව ද ඔහු මැයි රැළිය අමතමින් පැවසවු ා.

තව කියවන්​න

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් චෞද්‍රි මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.මෙහිදී ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා මෙරට දින 4ක නිල සංචාරයක නිරත වීමට නියමිතයි . එම කාලය තුළදී ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානීයා , ජනාධිපතිවරයා ,අග්‍රාමාත්‍යවරයා , ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා හමුවීමට නියමිතව තිබෙනවා .

තව කියවන්​න

සුඩානයේ පවතින ගැටුම් හමුවේ සිරවී සිටින ඉන්දියානුවන් මුදාගැනීම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකා 03 ක් යෙදවූ බව ඉන්දීය විදේශ කටයුතු ලේකම් Vinay Mohan Kwatra පවසනවා. එම නෞකා හේතුවෙන් සුඩානයෙන් ඉන්දියානුවන් මුදාගැනීම සඳහා වන කාවේරි මෙහෙයුම සාර්ථක වූ බව ඔහු සඳහන් කළා. නාවික හමුදාවේ නෞකා 03 මගින් සුඩාන වරායට රැස්ව සිටින ඉන්දියානුවන් ආරක්ෂිතව සෞවුදියේ ජෙඩා වෙත රැගෙන ආ බව විදේශ ලේකම්වරයා සඳහන් කළා. ජෙඩා වෙත රැගෙන එන පිරිස් ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් යානා 02 ක් මගින් ආරක්ෂිතව නවදිල්ලියට රැගෙන එනවා. මුදාගැනීමේ මෙහෙයුම් කඩිනම් කිරීම සහ සාර්ථක කර ගැනීම සඳහා නවදිල්ලියේත්, ජෙඩා හිදීත්, සුඩාන වරායේ මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර ඇතැයි ඉන්දීය විදේශ…

තව කියවන්​න