Author: VNews

ගෑස් මිල සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර තිබේනවා. ගෝලීය වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගියද තම ගෑස් නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව එහි වැඩිදුරටත් දැක්වේනවා . මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 100කින් පහත දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 3,638ක්. මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 40කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,462ක් වනවා . කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 19 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 681ක් .

තව කියවන්​න

සූර්ය බලශක්තිය සදහා නව මිල සූත්‍රයක් හදුන්වා දීමට ලංකා විදුලිබල මණ්ඩලය සූදානම් වන බව වාර්තා වනවා. පසුගිය වසරේ එම ක්ෂේත්‍රයට හදුන්වා දුන් ගාස්තු සංශෝධනය අහෝසි කරමින් මෙම මිල සූත්‍රය ගෙන ඒමට නියමිත බව සදහන්. ඒ අනුව අදාළ කැබිනට් පත්‍රිකාව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් කඩිනමින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර විදුලිබල පනත වෙනස් කිරිම සදහා කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමට රජය සූදානම් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. මේ තුළින් විදුලිබල මණ්ඩලය පෞද්ගලික සමාගම්වලට ලබා දීමේ රජයේ සූදානමක් පවතින බවයි ඔහු චෝදනා කරන්නේ.

තව කියවන්​න

පසුගිය මාස හතර තුළ පෞද්ගලික රෝහල් සහ රසායනාගාර දොළහක් සදහා රුපියල් ලක්ෂ 94ක දඩ මුදලක් අධිකරණ මගින් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා . ඩෙංගු හා පූර්ණ රුධිර පරීක්ෂණ සඳහා ගැසට් කරන ලද නියමිත ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කිරීම හේතුවෙනුයි එම ආයතන වලින් මෙම දඩ මුදල් අය කරගෙන ඇත්තේ. පාරිභෝගික කටයුතු අධිකාරියේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඒ. යු. රංජන මහතා පැවසුවේ කොළඹ , නුගේගොඩ , මාලිගාකන්ද සහ ගල්කිස්ස යන අධිකරණවලින් එම දඩ මුදල් නියමකර නියම කර ඇති බවයි . පරීක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය මගින් සිදුකළ විමර්ශනවලදී මේ සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු මත මෙම නඩු පැවරීම්…

තව කියවන්​න

ලංකා විදුලිබල මණ්ඩලයේ සම්පත් සමාගම් 14 කට පැවරීමේ යෝජනාවලියක් සහ පනත් කෙටුම්පතක් සකස් කර ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා . අදාල යෝජනාවලිය ක්‍රියාත්මක වුහොත් ජාතික බලශක්ති සුරක්ෂිතතාවය සමාගම්වල පාලනයට නතුවන බවයි ජනක රත්නායක මහතා වැඩි දුරටත් කියා සිටියේ . එමෙන්ම විදුලිබල කර්මාන්තයේ වත්මන් නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ද යෝජිත විදුලිබල ප්‍රතිව්‍යුහගත කිරීමේ පනතින් අහෝසි කිරීමට ප්‍රතිපාදන සළසා ඇති බව ද සභාපතිවරයා මෙහිදී අනාවරණ කළා . කොල්ලුපිටියේ පිහිටි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනුයි ජනක රත්නායක මහතා මේ බව ප්‍රකාශ කලේ .

තව කියවන්​න

පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 09 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා . එම පෙත්සම අද බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ, අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 09 වන දා කැඳවන ලෙසයි .

තව කියවන්​න

2022 වසරේදී රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් ක්ෂය රෝගය වැළඳුණු පුද්ගලයින් 301දෙනෙකු අතරින් 30 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා . වෛද්‍යවරු පවසන්නේ ජනතාවගේ නොදැනුවත්කම හා රෝගීන් නිසි ප්‍රතිකාරවලට යොමුනොවීමෙන් මේ වසරේ මුල් මාස කිහිපයේදී ද එම තත්ත්වයේ අඩුවක් නොමැති බවයි. ක්ෂය රෝගය වැළඳී එහෙත් හඳුනානොගත් රෝගීන් 4,000ත් 5,000ත් අතර ප්‍රමාණයක් සමාජය තුළ සිටින බවට අනුමාන කෙරේ. මෙම රෝගය බැක්ටිරියාවක් මගින් පැතිරෙනවා . රෝගී පුද්ගලයෙකු කහින විට, කතාකරන විට, කිවිසුම් යවන විට, සිනාසෙන විට, නිරෝගී පුද්ගලයකුට වාතය හරහා එය බෝවෙන බවද සදහන් .

තව කියවන්​න

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කාර්ය සාධක බළකා හතක් යටතේ ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා සපයන ආයතන 54ක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා . ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ, රට තුළ ව්‍යාපාර හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් එම කටයුත්ත සිදුකරන බවයි . කාර්යක්‍ෂමතාව වැඩිකිරීම සඳහා අදාළ ක්‍රියාවලි සරල කිරීම, ගතවන කාලය අඩු කිරීම සහ තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට හැකියාව සැලසීම එම ආයතනවල අරමුණ බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා .

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 44වැනි තරගය ජය ගැනීමට දිල්ලි කැපිටල් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 5න් පරාජය කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 130ක් රැස් කළා. එහිදී අමාන් හකීම් කාන් පන්දු 44දී ලකුණු 51ක් රැස් කිරීමට සමත් වූ අතර, පන්දු යැවීමේදී මොහොමඩ් ශාමි ලකුණු 11ට කඩුළු 4ක් බිඳ හෙලීමට සමත් වුණා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 125ක් පමණයි.

තව කියවන්​න

හදා වඩා ගැනීමට නොහැකි මාස 3 ට අඩු දරුවන් භාරදීම සඳහා පළාත් මට්ටමින් කවුළු පිහිටුවීමට තීරණය කර තිබේ. ඊට අදාළ නීති කඩනිමින් සම්පාදනය කරන බවයි, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ. දරුවන් විවිධ හිරිහැරයන්ට ලක්වීම, ඝාතනය වීම් හා මහගම දමා යාමේ සිද්ධි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම කඩිනම් තීරණයට එළඹි බව ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. 2017 වසරේ සිට මේ දක්වා ළමයින් 80 ක් ඝාතනයට ලක්ව ඇති අතර තවත් 60 ක් මහ මග අතහැර යාමේ සිද්ධි වාර්තා වී ඇත. දැනට පවතින නීතිය අනුව දරුවන් අතහැර යන මව්පියන්ට එරෙහිව නීති ක්‍රියාමාර්ගගත හැකි බවයි, දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. නව සංශෝධන අනුව දරුවන් භාර ගැනීමේ…

තව කියවන්​න

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, දැනට පත් කර නොමැති කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීම මේ සතියේ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි. මේ වනවිට රාජ්‍ය සේවා කොමිසම, ප්‍රසම්පාදන කොමිසම සහ විගණන සේවා කොමිසම පුර්ණ වශයෙන් පත් කර ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහන් කළේ . එම සභාව සඳහන් කළේ, ජාතික පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිසම, මුදල් කොමිසම, අධිකරණ සේවා කොමිසම සහ සීමා නිර්ණ කොමිෂන් සභා සඳහා තවදුරටත් සාමාජිකයින් පත් කිරීමට නියමිතව ඇති බවයි. ඒ අතරින් කොමිෂන් සභා කිහිපයක් සඳහා සාමාජිකයින් යෝජනා වී ඇතත් එම කටයුතු මෙතෙක් අවසන් වී නොමැති බව කතානායකවරයා පැවසුවේ.…

තව කියවන්​න