Author: VNews

2022 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සදහා ගුරුවරුන් බදවා ගැනීමේ අයදුම්පත් යොමු කිරීම් කාලය අද මධ්‍යම රාත්‍රි 12 දක්වා දීරඝ කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ අයදුම්පත් යොමු කළ හැකි බවයි. ඊට අදාළ අයදුම්පත් කැදවීම ඊයේ අවසන් වීමට නියමිත තිබු අතර එය අද මධ්‍යම රාත්‍රි 12 දක්වා දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා. ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදායින් පසුව විශ්‍රාම ගිය ගුරුවරුන්ට ද පිළිතුරු පත් ඇගයීම සදහා අයදුම්පත් යොමු කළ හැකිවනවා.

තව කියවන්​න

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු වරුවක් සදහා සීමා කර තිබෙනවා. කොළඹ කොටස් හුවමාරුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ඒ අනුව අද දහවල් 12ට කොටස් වෙළඳපොලේ කටයුතු නිම කරන බවයි. වෙසක් පොහොය පසුදින සෙනසුරාදාට යෙදෙන බැවින් ඒ වෙනුවෙන් වරුවක නිවාඩුවක් කොටස් වෙළෙඳපොළේ කාර්යමණ්ඩලය වෙත අද දිනයේ ලබා දී ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තව කියවන්​න

ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයන් අතර පළමු ස්ථානය සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හිමිව ඇති බව ෆෝබ්ස් සඟරාව නිවේදනය කර තිබෙනවා. පසුගිය මාස 12 තුළ රොනාල්ඩෝගේ ආදායම සටහන් වුණේ ඩොලර් මිලියන 136ක් ලෙසයි. ඔහු මෙලෙස වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයා බවට පත්වුණේ 2023 වසරේ දී සෞදි අරාබියේ අල් නසාර් පාපන්දු ක්‍රීඩා සමාජය සමග ගිවිසුම්ගත වීමෙන් පසුවයි. ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයේ අර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී පසුවනවා. මෙසීගේ පසුගිය මාස 12 තුළ ආදායම ඩොලර් මිලියන 130ක ලෙසයි දැක්වෙන්නේ එමෙන්ම තුන්වන ස්ථානයේ පසුවන්නේ ප්‍රංශ පාපන්දු ක්‍රීඩක කයිලියාන් එම්බාපේයි.

තව කියවන්​න

බටහිර රුවන්ඩාවේ ඇති වූ හදීසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 127 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ. දැඩි වර්ෂාවත් සමග ඇති වූ මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් බටහිර රුවන්ඩාවේ දිස්ත්‍රික්ක 05ක් සදහා දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, අවතැන් වූ පිරිස් ආරක්ෂිත ස්ථාන කරා ගෙනයාමට බාධා එල්ල වී තිබෙන බවත් එම විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.

තව කියවන්​න

ජනාධිපති අරමුදල මගින් ජනතාවට ලබා දෙන සේවය වඩාත් කාර්යක්ෂම කිරීමට පියවර ගෙන තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වෙන් ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස්වු අවස්ථාවේදීයි මෙම පියවර ගෙන ඇත්තේ. වසර හතරකට පසුවයි ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස් වුණේ. මෙම පාලක මණ්ඩලයට ජනාධිපති, අගමැති, කථානායක, විපක්ෂනායක, ජනාධිපති ලේකම් සහ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන නියෝජිතයින් දෙදෙනෙකු අතුලත්වනවා. කෙසේවෙතත් ඊයේ පැවති හමුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි නොවු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. ජනාධිපති අරමුදල මගින් ජනතාවට ලබා දෙන සේවය වඩාත් කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩසටහන් පිළිබද මෙහිදී දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා. මේ අතර සිසුන් 3000ක් වෙනුවෙන් ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව…

තව කියවන්​න

ජනාධිපතිවරයා සමග විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉල්ලා ඇති සාකච්ඡාව ලබන සතියේදී ලබාදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා. කෙසේ වෙතත්, සාකච්ඡාව ලබා දෙනතුරු සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව දියත් කරන බවයි එම සම්ලනයේ මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගරත්න සඳහන් කළේ. පසුගිය පෙබරවාරි 17 වනදා උසස් පෙළ විභාගය අවසන් වූ අතර, මේ දක්වා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතුවලට එක්වී නැහැ. ඒ රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින්. මේ අතර, උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගුරුවරුන්ට මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර යොමුකිරීමට ලබාදී තිබූ කාලය හෙට මධ්‍යම රාත්‍රීය තෙක් දීර්ඝ කර තිබෙනවා. එය අද දිනයෙන්…

තව කියවන්​න

ගෝලීය නැගී එන ආර්ථිකයන් අතර ප්‍රමුඛ තැන ඉන්දියාවට හා චීනයට හිමි වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත වලට අනුව ලෝක ආර්ථිකයෙන් මේ වන විට හරි අඩකටත් වඩා හිමිකර ගෙන ඇත්තේ ආසියානු කලාපයේ චීනය හා ඉන්දියාව ඇතුළු රටවල්. මෙම වසර තුළ ආසියා පැසිෆික් කලාපයේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට හතරයි දශම හයක්. ලෝක ආර්ථික වර්ධනයෙන් චීනය සියයට තිස්හතරයි දශම නවයකුත්, ඉන්දියාව සියයට පහළොවයි දශම හතරකුත් නියෝජනය කරනවා. යුරෝපා කලාපයේ අගය සියයට හතයි දශම එකක්.

තව කියවන්​න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කර තිබෙනවා. එහි සභාපති ලෙස ඩබ්ලිව්.සුධර්මා කරුණාරත්න මහත්මිය පත්කර ඇති අතර එහි සෙසු සාමාජිකයන් වන්නේ වර්ණකුලසූරිය අයිවන් තිසේරා, ඩී. පියසිරි දරණගම, සුමන්දිරන් සින්නකන්දු, සහ ඒ.ජී. පුබුදු අසංග ගුණවංශ යන මහත්වරුන්.

තව කියවන්​න

පසුගිය සිකුරාදා ඇමරිකාවේ හූස්ටන් ප්‍රදේශයේ දී පුද්ගලයින් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 38 හැවිරිදි ෆ්‍රැන්සිස්කෝ ඔරෝප්ලේසා නැමති මෙම පුද්ගලයා ටෙක්සාස් හී කට් ඇන්ඩ් ෂූට් නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

තව කියවන්​න

කම්කරුවන්ගේ සේවා කාලය සම්බන්ධයෙන් චීනය තුළ මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙමින් ඇතැයි නවතම වාර්තාවක් අනාවරණ කරනවා. ඉන්දු පැසිෆික් උපාය මාර්ගික සන්නිවේදන මධ්‍යස්ථානයට වාර්තාවක් අනාවරණ කරන්නේ බලහත්කාරයෙන් අතිකාල සේවා මුර ක්‍රියාත්මක කර කම්කරුවන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් චීනයට චෝදනා එල්ල වන බවයි. ඒ සම්බන්ධයෙන් කෝපයට පත් චීන වැඩකරන ජනතාව සමාජ මාධ්‍ය හරහා ඔවුන්ගේ විරෝධය හා නොසතුට ප්‍රකාශ කරමින් සිටින බවට ද අදාල වාර්තාවේ සඳහන් වනවා. බොහෝ චීන සමාගම් වලට එරෙහිව කම්කරු නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් තිබෙනවා. 1995 වසරේදී චීනයට හඳුන්වා දුන් වැඩ සතිය දින පහකට සීමා කිරීමේ නීතිය බොහෝ චීන සමාගම් උල්ලංඝනය කරමින් සිටින බව ද අදාල වාර්තාවේ සඳහන්.

තව කියවන්​න