- කලබල එපා – හොදම සෙල්ලම් එළිවෙන ජාමෙට ! නලින්ද කියයි – VIDEO –
- මිදිගම රුවන්ගෙන් ප්‍රකාශයක් ගන්න අවසර
- වන්දි දෙන්නේ නෑ – නැව් සමාගමෙන් ලංකාවට තගක් !
- රජයෙන් සුපර් ඇප් එකක්
- අපරාධවලට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට
- ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අභාවප්‍රාප්ත වෙයි
- පිලිපීනයේ හිටපු ජනාධිපතිට අපරාධ චෝදනා ගොනුකරයි
- විසා නොමැති ශ්‍රී ලාංකිකකයින් ගැන ඊශ්‍රායලය අවධානයෙන්
Author: VNews
වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති හෙයින් ඔහු නැවත දිවයිනට පැමිණෙන තෙක් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම තනතුරට පත් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ද වැඩබලන මුදල් ඇමතිවරයා ලෙස පත්කර තිබෙනවා.
යුක්‍රේනයේ ඛේ(ර්)සන් ප්‍රදේශයට රුසියානු ආරක්ෂක අංශ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතියි වර්තවනවා. එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරයත් සමග ඛේ(ර්)සන් නගරයේ දේපළවල රැසකටද හානි සිදුව තිබෙනවා
පොලිස් බස් රථයක ඩීසල් සොරකම් කළ පොලිස් කොස්තාපල් රියදුරු වරයෙකු අලූත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල මූලස්ථාන පොලිසියට අයත් බස් රථයක් විශේෂ රාජකාරියක් සඳහා පිටත්ව ගිය අවස්ථාවේ දී සකාකාර කොස්තාපල්වරයා බේරුවල ප්‍රදේශයේ දී බස් රථය නවත්වා මෙලෙස ඩීසල් සොරා ගැනීම සිදු කර ඇති බවයි වර්තා වන්නේ. එමෙන්ම එම ඩීසල් මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයෙකු ද අත්අඩංගුවට ගත් බවයි අලූත්ගම පොලිසිය වැඩිදුරටත් සඳහන් කලේ.
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක කියා සිටියේ හෙට සහ අනිද්දා අමුත්තන්ට මේ සඳහා අවස්ථාව පවතින බවයි. රැඳවියන්ට, නිවසින් රැගෙන එන ආහාර සහ රසකැවිලි එක් අයෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට ද අවස්ථාව සලසා දී තිබෙනවා.
වෙළදපොලේ එළව`ඵ රැසක තොග මිල රුපියල් 100 ත් 240 ත් අතර සටහන් වන බව අප වාර්තාකරුවන් පවසනවා. ආර්ථික මධ්‍යස්ථාන රැසක කැරට් කිලෝවක තොග මිල සටහන් වුණේ රුපියල් 160 ට අඩු අගයකයි. එමෙන්ම ලීක්ස් කිලෝවක තොග මිල ද බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල රුපියල් 200 කට වඩා අඩු මුදලකට පැවති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් බෝංචි කිලෝවක තොග මිල ඊයේ දින පෑලියගොඩ මැනිං වෙළදපොලේ සහටන් වුණේ රුපියල් 300 ත් 350 ත් අතර අගයකයි. උඩරට එළව`ඵ මෙන් ම පහතරට එළව`ඵ මිල ගණන් ද මෙලෙස අඩු අගයක පවතින බවටයි වාර්තා වුණේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුන්වන චාල්ස් රජුගේ, රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සදහා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ජනාධිපතිවරයා සමග තවත් 08 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු සදහන් කළේ. ජනාධිපතිවරයා ඇතුළු මෙම පිරිස අද අලුයම 03.15ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර, පසුව ඔවුන් වෙනත් ගුවන් යානයකින් එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතයි. මේ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සතුව ඇති මුදල් අමාත්‍ය ධුරයෙහි තාවකාලිකව වැඩි බැලීම සදහා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පත් කර තිබෙනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 46 වැනි තරගයෙන් ජය ගැනීමට මුම්බායි ඉන්දියන් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ පංජාබ් කිංග්ස් කණ්ඩායම කඩුළු 06න් පරාජයට පත් කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 214ක් රැස් කළා. එහිදී ලියම් ලිවිංග්ස්ටන් නොදැවී පන්දු 42 දී වේගවත් ලකුණු 82ක් රැස් කිරීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 216ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා. එහිදී ඉෂාන් කිෂාන් පන්දු 41දී ලකුණු 75ක් සහ නායක සූර්යකුමාර් යාදව් පන්දු 31දී ලකුණු 66ක් ලබා ගත්තා. මේ අතර, ඊයේ සවස චෙන්නායි…
මාතර – කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ අද පස්වරුවේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ මාතර තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානයේ සර්වඥ ධාතු පෙරහැර හේතුවෙන් මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි. සර්වඥ ධාතු පෙරහැර අද පස්වරු 03 ට තිහගොඩ පාසල අසලින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. එම පෙරහැර මාතර – කඹුරුපිටිය ප්‍රධාන මාර්ගය ඔස්සේ මිදෙල්ලවෙල විහාරස්ථානය දක්වා ගමන් කෙරෙනු ඇති. ඒ අනුව අදාළ කාලය තුළ තිහගොඩ සිට මාතර දෙසට ගමන් ගන්නා රථවාහන මාර්ගයේ වම් මංතීරුව භාවිත කරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ. එමෙන්ම මාතර සිට කඹුරුපිටිය දෙසට ධාවනය වන සියලුම රථවාහන අනෙක් මංතීරුව ඔස්සේ ගමන් කළ යුතු බව පොලිසිය…
රට මුහුණ දී සිටින ණය බර අඩු කර ගැනීමේ සැලස්මක් මත රජය ඉදිරියට ගමන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ණය ප්‍රතිවෘ්‍යුහගතකරණය පිළිබද පැහැදිලි ප්‍රකාශයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බවයි ඔහු සදහන් කළේ. මේ වසර අවසානය වන විට සැලසුම් කළ ධනාත්මක ඉලක්ක ළගා කර ගැනීමට රජයට හැකිවනු ඇති බව ද රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා.
වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සැල් විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ අද සිට දිවයිනම ආවරණය වන පරිදි මෙම පරීක්ෂා කිරීම් සිදුකරන බවයි. දන්සැල් ලබා දෙන්නේ නම් ජනතාවට ඒ තුළින් සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබා දීමට කටයුතු කරන ලෙස උපුල් රෝහණ මහතා දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් ද කළා. මේ අතර දන්සැල් පැවැත්වීම , සැරසිලි සිදුකිරීම සහ බුදුරුව යොදා ගන්නා ආකාරය පිළිබද මාර්ගෝපදේශ මාලාවක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. කිසිවිටක බෞද්ධ කොඩිය සැරසිල්ලක් ලෙස යොදා ගැනීමෙන් වළකින ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා. මේ අතර වෙසක්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222