- කලබල එපා – හොදම සෙල්ලම් එළිවෙන ජාමෙට ! නලින්ද කියයි – VIDEO –
- මිදිගම රුවන්ගෙන් ප්‍රකාශයක් ගන්න අවසර
- වන්දි දෙන්නේ නෑ – නැව් සමාගමෙන් ලංකාවට තගක් !
- රජයෙන් සුපර් ඇප් එකක්
- අපරාධවලට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට
- ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අභාවප්‍රාප්ත වෙයි
- පිලිපීනයේ හිටපු ජනාධිපතිට අපරාධ චෝදනා ගොනුකරයි
- විසා නොමැති ශ්‍රී ලාංකිකකයින් ගැන ඊශ්‍රායලය අවධානයෙන්
Author: VNews
කුඩා දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. ඇය පෙන්වා දෙන්නේ එම වැඩපිළිවෙළ යටතේ පෙර පාසල් දරුවන් සඳහා අධිපෝෂණයෙන් යුත් බිස්කට් වර්ගයක් ලබාදීමට සැලසුම් කර ඇති බවයි . ලබන මාසයේ සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළා.
හෙට පෙ.ව.10.00 සිට එදින රාත්‍රී 8.00 දක්වා පැය 10ක කාලයක් සඳහා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා. ලංකා විදුලි පුද්ගලික සමාගම විසින් සිදුකරනු ලබන නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය නිවේදනය කරන්නේ. ඒ අනුව කොළොන්නාව නගරසභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, අතුල්කොට්ටේ, නාවල, කොස්වත්ත, රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාල දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලූම අතරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවනු ඇති . ඒ සමබන්ධයෙන් අමතර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා 1939 ක්ෂණික දුරකථන අංකයට ඇමතුමක් ලබාගත හැකි වනවා.
මඩකලපුව විපුලානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබෙනවා. එම සිසුන් දෙදෙනා ඊයේ කොකුවිල් සවුකඩේ මුහුදු තීරයේ දියනෑමට ගොස් ඇති අතර එහිදී මෙම අනතුරට මුහුණ දී ඇති බව සඳහන්. දියනාමින් සිටියදී එම සිසුන් දෙදෙනා දියේ ගිලි අතුරුදන් වී ඇති අතර අද උදෑසන ඔවුන්ගේ සිරුරු වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගෙන තිබුනා. මෙලෙස මියගොස් ඇත්තේ 11 වන ශ්‍රේණියේ ඉගෙනු ලබමින් සිටි සිසුන් දෙදෙනෙක් .
සුඩානයෙන් ගැටුම් හමුවේ මුදා ගැනුණු තවත් ඉන්දීය ජාතිකයින් පිරිසක් ගුවන් මගින් නවදිල්ලියට ලගා වී තිබෙනවා. යළි සිය රට පැමිණි ඔවුන් තමන්ව සුඩානයෙන් මුදා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට කෘතඥතාව පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාර හමුවේ අතරමංව සිටි තමන්ට යළි සිය රට බලා යාමට නොහැකි වනු ඇතැයි සිතූ නමුත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රජය නිසා යළි නිවෙන් වෙත පැමිණීමට අවස්ථාව උදා වූ බව ඔවුන් පවසනවා. සුඩානයේ ගැටුම් වලට මැදිව සිටින ඉන්දියානුවන් මුදා ගැනීම සඳහා දියත් කර ඇති කාවේරි මෙහෙයුම ඉතා සාර්ථක බවයි යළි සිය රට පැමිණි ඉන්දියානුවන් පවසන්නේ. ඉන්දීය රජයේ ක්‍රියාකලාපය හේතුවෙන් විදෙස් රටක සිටිය ද ආරක්ෂාවක් දැනුනු…
මැතිවරණයට නාම යෝජනා භාර දුන් රාජ්‍ය සේවකයන්ට ලබන අඟහරුවාදා දිනයේ සිට සේවයට පැමිණීමට හැකියාව පවතින බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා පවසනවා. ඊට අදාළ චක්‍රලේඛය හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඊට අමතරව මෙවර පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ලෙස නාමයෝජනා භාර දුන් රාජ්‍ය සේවකයින්ට අදාළව ඉදිරිපත් කළ යෝජනාවකට මින් පෙර කැබිනට් අනුමැතිය හිමි වී තිබුනා. මෙම කැබිනට් අනුමැතියට අනුව අපේක්ෂකයන්ට තරග කරන දිස්ත්‍රික්කය හැර ළඟම ඇති පළාත් පාලන කොට්ඨාසය තුළ රැකියාවල නිරත වීමට හැකියාව පවතියි රජයේ සේවකයින් සම්බන්ධයෙන් ඡන්දය පවත්වනු ලබන තෙක් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද නිරීක්ෂණ…
වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි. ඒ අනුව වෙසක් කලාපවලට පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා ද නම්කරන ලද ස්ථාන කිහිපයක් වෙන්කර තිබේ. එම සම්පූර්ණ නිවේදනය පහතින්,
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නන් වර්ගීකරණයේ පියවර කිහිපයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසුරිය සමත්ව තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ප්‍රභාත් ජයසුරියට හිමිව ඇත්තේ 13 වන ස්ථානයයි. අයර්ලන්තය සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී දැක්වු දක්ෂතා අනුව ඔහු මෙලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව රමේෂ් මෙන්ඩිස් පියවර 10ක් ඉදිරියට පැමිණ තිබෙනවා.
වෙසක් පුර පසළොස්වක පොහොය දා සහ ඊට පසුදින උප ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදු වීමට නියමිත බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. එම උප ඡායා චන්ද්‍රග්‍රහණය ආසියාව, දකුණු සහ නැගෙනහිර යුරෝපය, පැසිෆික්, අත්ලාන්තික් සහ ඉන්දියන් සාගරයේ ඇතැම් ප්‍රදේශවලට දිස්වන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ. උප ඡායා චන්ද්‍රග්‍රහණය ලබන පස්වනදා පස්වරු 8.44 ට ආරම්භ වී ඊට පසුදින අලුයම 1.1 දක්වා පැය 4 යි විනාඩි 18 ක කාලයක් එය දිස්වනනු ඇති. එමෙන්ම මේ වසරේ ඔක්තෝම්බර් 28 වැනි දින තවත් චන්ද්‍රග්‍රහණයක් ශ්‍රී ලංකාවට දිස්වන බවත් ඉන් පසුව ශ්‍රී ලංකාවට…
අද වනවිට දිවයින පුරා දන්සල් 7160ක් ලියාපාදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පාරික්ෂකවාරුන්ගේ සන්ගාමය පවසනාවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ ලියාපාදිංචි දන්සල් සියල්ල අද දිනයේදී පුර්ව පරික්ෂවකට ලක් කාරණ බවයි. එමෙන්ම පවතින කාලගුණ තත්වයත් සමග පාචනය වැනි රෝග තත්වයන් පැතිර යන අතර දන්සැල් වල ආහාර පිසීමේදී යොදා ගන්නා අමුද්‍රව්‍ය පිලිබඳ අවධානය යොමු අරණ ලෙසයි ඒ මහතා දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ.
ඇමරිකානු මහ බැංකුව මාස 14 ක් තුළ දසවන වතාවටත් එරට පොලී අනුපාතික වැඩිකර තිබෙනවා. වසර 16 ක් ඇතුළත පොලී අනුපාතික ඉහළම අගයක් ගත් අවස්ථාව මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මේ හේතුවෙන් පොලී අනුපාතිකය සියයට පහේ සිට 5.2 දක්වා වැඩිවී තිබෙනවා. මාර්තු මාසයේදී පොලී අනුපාතකිය පැවතුනේ සියයට බින්දුවක ආසන්න අගයකයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222