- කලබල එපා – හොදම සෙල්ලම් එළිවෙන ජාමෙට ! නලින්ද කියයි – VIDEO –
- මිදිගම රුවන්ගෙන් ප්‍රකාශයක් ගන්න අවසර
- වන්දි දෙන්නේ නෑ – නැව් සමාගමෙන් ලංකාවට තගක් !
- රජයෙන් සුපර් ඇප් එකක්
- අපරාධවලට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට
- ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අභාවප්‍රාප්ත වෙයි
- පිලිපීනයේ හිටපු ජනාධිපතිට අපරාධ චෝදනා ගොනුකරයි
- විසා නොමැති ශ්‍රී ලාංකිකකයින් ගැන ඊශ්‍රායලය අවධානයෙන්
Author: VNews
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරග දෙකෙන් ජය වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. ඒ ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම සහ රාජස්තාන් රෝයල් කණ්ඩායම පරාජයට පත් කරමින්. එහිදී පළමුවෙන් ගුජරාට් කණ්ඩායම සහ ලක්නව් කණ්ඩායම තරග වැදුණ. එම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 2ක් දැවී ලකුණු 227ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 171ක් පමණයි. ඒ අනුව එම තරගය ලකුණු 56න් ගුජරාට් කණ්ඩායම ජයගනු ලැබුවා. මේ අතර දෙවැනි තරගය රාජස්තාන් කණ්ඩායම කඩුළු 4න් පරාජය කරමින් හයිද්‍රාබාද්…
ඩෙංගු රෝගින් වාර්තා වීම පිළිබදව සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් අද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පිටත් කර හැර තිබෙනවා. මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගින් සංඛ්‍යාව 7000 කට අධික බව සදහන්. මේ වසරේ මුල සිට මෙරටින් ඩෙංගු රෝගීන් තිස් එක්දහස් අනූ අටක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. ඩෙංගු රෝගීන් මෙලෙස ඉහළ යාමට ඩෙංගු 3 වන ප්‍රභේදය හේතු වී ඇති බවට මත පළ වූවද සෞඛ්‍ය කීට විද්‍යා සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානයක මහතා චෝදනා කළේ දුමායනය අවම කිරීම හේතුවෙන් මෙම තත්වය උග්‍ර වී ඇති බවයි. මෙම දිනවල ඩෙංගු අනු කණ්ඩය දෙක සහ…
නාරම්මල, බිහල් පොල ප්‍රදේශයේදී කුරුණෑගල පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාන් විසින් වැටලීමක නිරතව සිටින අවස්ථාවේ පහර දීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පහරදීමෙන් නිලධාරීන් 08 දෙනෙකු තුවාල ලැබූ අතර, එහිදී ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19, 21 සහ 59 යන වයස් වල පසුවන මාදම්පේ සහ යක්විල ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර, ඔවුන් ඊයේ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. මීට පෙර අස්ථා දෙකකදී සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ද මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
උසස් පෙළ විෂයන් 8 ක පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අද සිට ආරම්භ වනවා. මධ්‍යස්ථාන 10 ක එම ඇගයීම් කටයුතු සිදු කෙරෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද අද සිට සහභාගි වනු ඇති. මේ අතර ජනාධිපතිවරයා සමඟ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉල්ලා ඇති සාකච්ඡාව මෙම සතියේදී ලබාදීමට නියමිතව ඇති බවද සඳහන්. පසුගිය පෙබරවාරි 17 වනදා උසස් පෙළ විභාගය අවසන් වූ අතර, පිළිතුරු පත් ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පෙබරවාරි 22 වනදා සිටයි. කෙසේ වෙතත් මේ දක්වා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එහි පිළිතුරු පත්‍ර අධීක්ෂණය කිරීමේ කටයුතුවලට එක් නොවූයේ රජයේ නව බදු ප්‍රතිපත්තියට…
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද පස්වරු 3 දක්වා බලාත්මකයි. මේ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයේ කැළඹිලි ස්වභාවය වර්ධනය වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එම තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී අඩු පීඩන කලාපයක් දක්වාත් පසුව සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කලා. එම නිසා උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේ දී යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබෙනවා . ඒ අනුව එම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින…
වසර 5ක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන අසාදුගත කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා . මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පවසනවා . මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මේ වන විට වාහන ලක්ෂ 83 ක ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතත් QR කේතය හරහා ලියාපදිංචි වී ඇත්තේ ලක්ෂ 60 ක පමණ ප්‍රමාණයක් බව ද ඒ මහතා කියා සිටියා . ඒ අනුව වසර 5 කට වඩා එක දිගට ආදායම් බලපත්‍ර ලබා නොගෙන සිටින වාහන සොයා දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරු හරහා එම වාහන තොරතුරු පද්ධතියෙන් ඉවත් කරන බව ද නිශාන්ත අනුරුද්ධ මහතා…
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගි වීම සඳාහා එංගලන්තය බලා පිටත්ව ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන දිවයිනට පැමිණියා. පසුගිය මැයි මස 4 වන දා ජනාධිපතිවරයා එංගලන්තය බලා පිටත්ව ගියා. එහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෙවන චාල්ස් රජු මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින්ගේ සමුළුවකට ද එක් වුණා.
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දී මෝටර් රථයක ගැටී පුද්ගලයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයා සිතා මතා මෙම පිරිස දෙසට මෝටර් රථය ධාවනය කරමින් මෙම අනතුර සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිවාස අහිමි වූ සහ සංක්‍රමණය වූ පුද්ගලයන් බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.
ප්‍රදේශ කිහිපයකට අද(08) පෙ.ව.10.00 සිට එදින රාත්‍රී 8.00 දක්වා පැය 10ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසනවා. ලංකා විදුලි පුද්ගලික සමාගම විසින් සිදුකරනු ලබන නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය නිවේදනය කරන්නේ. ඒ අනුව කොළොන්නාව නගරසභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත, රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාල දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලුම අතරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවනු ඇති . ඒ සමබන්ධයෙන් අමතර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා 1939 ක්ෂණික දුරකථන අංකයට ඇමතුමක් ලබාගත හැකි වනවා.
කැනඩාවේ ඇල්බර්ටා පළාතට ලැව්ගිනි හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ හේතුවෙන් 25000කට අධික පිරිසක් තම වාසස්තානවලින් ඉවත් කිරීමටයි ඇල්බර්ටා ප්‍රාන්ත රජය කටයුතු කර තිබෙන්නේ. පසුගිය දින කිහිපය පුරා ඇති වු ලැව්ගින හේතුවෙන් ඇල්බර්ටා ප්‍රාන්තයේ අක්කර ලක්ෂ 3කට වඩා ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ලැව්ගිනි පාලනය දුෂ්කර වී ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222