- මිදිගම රුවන්ගෙන් ප්‍රකාශයක් ගන්න අවසර
- වන්දි දෙන්නේ නෑ – නැව් සමාගමෙන් ලංකාවට තගක් !
- රජයෙන් සුපර් ඇප් එකක්
- අපරාධවලට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට
- ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අභාවප්‍රාප්ත වෙයි
- පිලිපීනයේ හිටපු ජනාධිපතිට අපරාධ චෝදනා ගොනුකරයි
- විසා නොමැති ශ්‍රී ලාංකිකකයින් ගැන ඊශ්‍රායලය අවධානයෙන්
- මොරටුව හිටපු නගරාධිපතිට ඇප
Author: VNews
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්නේ නම් ව්‍යවස්ථා සංශෝධන යෝජනා සඳහා තුනෙන් දෙකක බලයක් ලබා දීමට සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවා. ඒ හේතුවෙන් පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙසද ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා.
මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි සිදුකෙරෙන ප්‍රචණ්ඩත්වයන් නැවැත්වීම සඳහා පූර්ණ බලතල ඇති ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා. මැයි 9 අරගලයට අදට වසරක් සැපිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියා.ඒ අනුව මෙවැනි තත්ත්වයක් යළි ඇති නොවීමට අවශ්‍ය පියවර ගත යුතු බව ද ඔහු පැවසුවා. මේ අතර පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා මහතා ඝාතනය වී වසරක් පිරෙන අද පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඩතාවයක් පවත්වා ඔහුට ගෞරව පුද කරනු ලැබුවා. පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ ඉල්ලීමකට අනුව මේ නිහඬතාවය පළ කලා.
ආණ්ඩුවේ වැරදි පියවර සහ පරිපාලනමය හේතුන් නිසා වසර 59 කට පසුව ඉතිහාසයේ පලමු වරට අප්‍රේල් මාසයේදී පාකිස්ථානයේ උද්ධමනය 36.4% දක්වා ඉහළ ගොස් ඇත. වසරකට පෙර පකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් ආන්ඩුවේ නිල කාලය අවසන් වන විට, වාර්ෂික උද්ධමන අනුපාතය 13.4% ක් වූ අතර එය වසරක් ඇතුළත අහස උසට ගොස් ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙනවා පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරිෆ්ගේ ආන්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය මෙයින් මනාවට පෙන්නුම් කරන බවද එම වාර්තාවල සඳහන්. පාකිස්ථාන සංඛ්‍යාලේඛන කාර්යාංශය අඟහරුවාදා වාර්තා කළේ එරට පාරිභෝගික මිල දර්ශකය 36.4% දක්වා ඉහළ ගොස් ඇති බවයි. උද්ධමනය සීයයට 53ක් වූ ඉරානය හැර මුළු ආසියාවේම පකිස්ථානයට සමාන්තරව උද්ධමනය ඉහළ ගිය වෙනත් රටක් නොමැති අතර,…
පාර්ලිමේන්තුව අද සිට ලබන 12 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දිනයේදී පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා අපනයන සංවර්ධන පනත යටතේ සෙස් බද්දට අදාළ නියෝග, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළද භාණ්ඩ බදු පනතේ නියමයන් 08ක්, ආනයන හා අපනයන පාලන පනතේ රෙගුලාසි තුනක් විවාදයට ගැනීමට නියමිතයි. මේ අතර හෙට දිනයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතර සම්බන්ධයෙන් විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව අනව විවාදයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම ලබන 11 වැනිදා දිනය වෙන් කර තිබෙනුයේ ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ…
වැසි සහිත කාලගුණික තත්ත්වය මෙමස 10 වැනිදා තෙක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනය කරනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කරන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිත කැලඹිලි ස්වභාවය අඩු පීඩන තත්වයක් දක්වා වර්ධනය වී පසුව සුළි කුණාටුවක් බවට වර්ධනය වනු ඇති බවයි. මෙම අඩු පීඩන කලාපයට ලංකාව හරහා සුළං ධාරා ගමන් කිරීම නිසා තාවකාලික මෝසම් වර්ෂා තත්වයක් පවතින බවයි ඒ මහතා සඳහන් කලේ. මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු යන පළාත්වලට මෙන්ම උතුරේ සිට දකුණ වෙරළ කලාපය ආශ්‍රිතව වරින්වර මිලි මීටර් 50 ත් 100 ත් අතර වැසි තත්ත්වයක් පවතී. මේ අතර අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක දහයක පවුල් 1635 කට…
එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගය අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බවට වන විශේෂ යෝජනාවක් එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව අනුමත කර තිබෙනවා . එහිදී ආණ්ඩුව සමග එක් වීමට හෝ තනතුරු නොගැනීමට සදහා යෝජනාවක් අනුමත කර ගැනීමටයි කටයුතු කර ඇත්තේ . මෙම තීරණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ඊයේ රැස්වූ සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලදී ගනු ලැබුවා . පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණ වලට එරෙහි වන ඕනෑම අයෙකුට පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බලය පැවරීමටත් මෙහිදී කටයුතු කෙරුනා .
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 53 වැනි තරගය ජය ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම කඩුළු 5න් පරාජයට පත් කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 179ක් රැස් කළා. එහිදී නායක ශිකර් ධවාන් පන්දු 47දී ලකුණු 57ක් රැස් කිරීමට සමත් වුණා. මෙම තරගයට ක්‍රීඩා කළ භානුක රාජපක්ෂට ලකුණු නොලබා දැවී යාමට සිදු වුණා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 182ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා. එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ඇන්ඩේර රසල් පන්දු 23ක දී ලකුණු…
සර්බියාව තුළ සිදු වන ගිනි අවි භාවිතා කරමින් සිදු කරනු ලබන ප්‍රචන්ඩත්වයට එරෙහිව එරට වැසියන් 10, 000ට වැඩි පිරිසක් වීදි බැස විරෝධතාවයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පසුගිය සතියේදී අවස්තා දෙකකදී සිදු කළ වෙඩි තැබීම් හේතුවෙන් ප්‍රාථමික පාසලක ළමුන් 08 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධීන් මුල් කර ගනිමින් මෙම විරෝධතා පැවැත්වෙන බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ. රජයේ ඉහළ නිලධාරීන් ඉල්ලා අස්විය යුතු බවත්, එමෙන්ම ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරන පුවත්පත් සහ රූපවාහිනී මධ්‍යස්ථාන වසා දමන ලෙසත් විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් වී තිබෙනවා.
දොඩංගොඩ අධිවේගී අන්තර් හුවමාරුව අසල දී බලපත්‍ර නොමැතිව ලොරි රථයකින් ගවයින් 19ක් ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. එමෙන්ම පොලිස් භාරයේ සිටින ගවයින් නිකවැරටිය, පොත්තාවල සත්ව ගොවිපල වෙත භාරදීමටද එහිදී නියෝග කර තිබෙනවා.
යාපනය, මණ්ඩතිව් දූපතේ දකුණු වෙරළ ප්‍රදේශයේ ඊයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 85කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අදාළ වෙරළ ප්‍රදේශයේ ලඳු කැළෑවක සගවා තිබූ උර තුනක පාර්සල් 22ක අසුරන ලද කේරල ගංජා තොගය සොයා ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ. මෙම කේරල ගංජා තොගයේ දළ විථී වටිනාකම රුපියල් මිලියන 28කට අධික වන අතර, එම තොගය ඉදිරි නීතිමය කටයුතු සදහා ඉදිරිපත් කරන තෙක් සිය භාරයේ තබා ගන්නා බවද නාවික හමුදාව වැඩිදුරටත් සදහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222