Author: VNews

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අද (11) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. මෙම නියෝජිත කණ්ඩායම අද සිට මැයි 23 වනදා දක්වා මෙරට රැදී සිටිනු ඇති. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ මේ වසරේ සිදු කිරීමට නියමිත පළමු ඇගයීමට පෙර නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් ලෙසයි ඔවුන් මෙරට සංචාරයක නිරතවන්නේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් මහතා ද මෙම සංචාරයට එක්වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනය කළා.

තව කියවන්​න

ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ – නාගොඩ, ඇල්පිටිය, බද්දේගම සහ යක්කලමුල්ල ,බදුල්ල දිස්ත්‍රික්කයේ- පස්සර,කෑගල්ල දිස්ත්‍රික්කයේ- යටියන්තොට, රඹුක්කන, දැරණියගල, මාවනැල්ල, කෑගල්ල සහ ගලිගමුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ – රිදීගම, මාවතගම, අලව්ව ,මාතලේ දිස්ත්‍රික්කයේ – පල්ලෙපොල ,මහනුවර දිස්ත්‍රික්කයේ – උඩුදුම්බර යන ප්‍රදේශවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශවල සිටින ජනතාව නාය යෑම් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ අතර වැසි සහිත කාලගුණික තත්ත්වය හෙට දිනය තෙක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනය කරනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා…

තව කියවන්​න

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඒකාබද්ධ කොමිසමේ 25වන සැසිවාරය අද විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වෙනවා. 2024 ජනවාරි මස 01 වනදා සිට ඉදිරි වසර 10ක කාලය සඳහා සම්මත කිරීමට නියමිත යුරෝපා සංගමයේ ජී එස් පී රෙගුලාසියේ නව චක්‍රය පිළිබඳ තොරතුරු යුරෝපා සංගමයේ දූත පිරිස විසින් එහිදී විස්තර කරනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා. කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය , ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා  සඳහන් කලේ අපනයන අංශය ශක්තිමත් කිරීම සඳහා ජී එස් පී ප්ලස් බදු සහනය වර්තමානයේ ඉතා අත්‍යාවශ්‍ය බවයි .

තව කියවන්​න

පසුගිය වසරේ මැයි 09 සිද්ධීන් අනුස්මරණය කිරීමට සිටින විරෝධතාකරුවන් පිරිසකට ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් මෙම වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට, මුදල් අමාත්‍යාංශයට සහ අරලියගහ මන්දිරයට ඇතුළුවීම විරෝධතාකරුවන්ට තහනම් වනවා. කොල්ලුපිටිය පොලීසිය විසින් කළ ඉල්ලීමක් සලකා බලා මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කර තිබෙනවා.

තව කියවන්​න

රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩපිළිවෙළ යටතේ නව රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනතක් බලාත්මක කිරීමට රජය එකඟ වී තිබුනා. ඒ අනුව 2025 වර්ෂයේ අයවැයත් සමග ක්‍රියාත්මක වන පරිදි එම පනත හඳුන්වා දීම සඳහා මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර මහ බැංකු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ..

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ ණයහිමියන් අද ඔවුන්ගේ පළමු සාකච්ඡා වටය සඳහා සුදානම් වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එහි සඳහන් වන්නේ, චීනයේ සහභාගීත්වය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත දැනුම්දීමක් කර නොමැති බවය. එම හමුව අන්තර්ජාලය හරහා සිදුකිරීමට නියමිතය. පසුගිය අප්‍රේල් මාසයේ දී අමෙරිකාවේ වොෂින්ටන් නගරයේ දී එකඟ වූ රාමුවකට අනුව, මෙන්ම එමඟින් මධ්‍ය ආදායම්ලාභී රටවල් මුහුණදී ඇති ණය අර්බුදයට ආකෘතියක් සපයනු ඇතැයි බලාපොරොත්තු වේ. ජපානය, ඉන්දීයාව සහ ප්‍රංශය එකතුව එම වැඩසටහන ආරම්භ කර ඇති අතර, ඒ සඳහා සියලුම ද්විපාර්ශවික ණයහිමියන්ට ආරාධනා කර තිබේ.

තව කියවන්​න

රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම හඳුන්වා දීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම විදේශීකයින්ට ද රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කලා. ඔහු පැවසුවේ අදාළ ගෙවීම් සම්බන්ධයෙන් යම් යම් සංශෝධන සිදුකිරීමට නියමිත බවයි .

තව කියවන්​න

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.15ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා එක්දින තරග 03ක් ඇතුලත් කර තිබෙනවා.

තව කියවන්​න

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබෙනවා. අද අලුයම එරට ෆයිසාබාද් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 116ක් ගිනිකොණ දෙසින් එම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රික්ටර් පරිමාණ ඒකක 4.3ක භූකම්පනයක් මෙලෙස සිදුව ඇති බව සඳහන්. කෙසේවෙතත් භූකම්පනයෙන් හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට අද සිට සේවයට වාර්තා කිරීමේ අවස්ථාව ලබාදී තිබෙනවා පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ නාමයෝජනා භාරදී ඇති බලප්‍රදේශය තුළම රැකියාවේ නිරත වූ පුද්ගලයින් තමා සේවය කරන ආයතන ප්‍රධානියා හරහා වෙනත් ආසන්න බලප්‍රදේශයක් වෙත ස්ථාන මාරුවක් කර ගත යුතු බවයි . එසේ සේවයට වාර්තා කරන පුද්ගලයින්ට සියලු දීමනා සහිතව පූර්ණ වැටුප ලබාදීමට තීරණය කර තිබෙනවා. නාමයෝජනා භාරදී ඇති බලප්‍රදේශයට පරිභාහිරව සේවයේ නිරත වන තැනැත්තන්ට ගැටලුවකින් තොරව අද දිනයේ සිට සේවයේ යෙදිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළා .

තව කියවන්​න