Author: VNews

මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් පැහැර ගැනීමට පිරිසක් උත්සාහ කරන බවට ලද තොරතුරක් සමඟ පාසල් ඉදිරිපිට සහ මංමාවත් අවට ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. පසුගිය දිනක වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් ළමයින් දෙදෙනෙකුට ආහාර වර්ගයක් ලබා දී එම ළමයින් දෙදෙනා පැහැර ගැනීමට උත්සාහ ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේ ළමයින් දෙදෙනා ඔවුන්ගෙන් මිදී කෑ ගැසීමත් සමඟ වෑන් රථය පලාගොස් තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ. මේ පිළිබඳව අදාළ පාසල් ළමයින්ගේ දෙමාපියන් විසින් පොලිසිය දැනුවත් කර ඇති අතර ඉන් පසුවයි මෙසේ විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ‍යොදා ඇත්තේ. ඒ අනුව මන්නාරම් නගරයේ පිහිටි පාසල් ඉදිරිපිට මෙන්ම මාවත් ඉදිරිපිටට ද පොලිස්…

තව කියවන්​න

සත්කාරක ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය මේ වනවිට  කොළඹ එස්. එස්. සී ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. ‍එම තරඟය අද පෙරවරු 10.00 ට ආරම්භවුනා. ප්‍රථමයෙන්   පන්දුවට පහර දුන්  බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු  දැවී ලකුණු  ලබාගත්තා . මේවනවිට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු දැවී ලකුණු ලබා සිටිනවා. මේ තර ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගාවලියේ පළමු තරගය කඩුලු 6කින් ජය ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. මේ වන විට කණ්ඩායම් දෙක අතර පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 12 ක් පවත්වා ඇති අතර ඉන් තරග 7ක් ම ජය…

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ ඔවුන් ක්‍රීඩා කළ තරග 11න් තරග 08ක් ජය ගනිමින්. දෙවැනි ස්ථානයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමත්, තෙවැනි ස්ථානයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමත් පසුවනවා. ලක්නව් සුපර් ජයන්ට්ස්, රාජස්තාන් රෝයල්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් මේ වන විට පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන, පස්වන හා හයවන ස්ථාන වල පසුවනවා.

තව කියවන්​න

ඉතාලියේ මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ප්‍රබල මාෆියා කණ්ඩායමක සාමාජිකයන් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මාෆියා කණ්ඩායමට එරෙහිව මෙතෙක් ඉතාලිය තුල සිදු කර ඇති විශාලතම මෙහෙයුම මෙය වන අතර, ඊට පොලිස් නිලධාරීන් 500ක් සම්බන්ධ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ. මේ අතර මෙම කණ්ඩායම විසින් 2019 ඔක්තෝම්බර් සිට 2022 ජනවාරි අතර කාලය තුළ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 25,000කට ආසන්න ප්‍රමාණයක් ජාවාරම් කර ඇති බවද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තව කියවන්​න

තමන්ට ලබාදී ඇති ස්ථාන මාරුව අසාධාරණ බව පවසමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පසුගිය දිනක පොලිස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට කටයුතු කරන බව පොලිස් කොමිෂන් සභාවේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා කියා සිටියා. එමෙන්ම පවතින පොලිස් කොමිෂන් සභාව රැස්වන අවසන් දිනය අද බව ද වාර්තා වනවා.

තව කියවන්​න

පාසල් සිසුවියන් 16 දෙනෙකු පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයා  අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුනා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටී 30 හැව්රිදි පුද්ගලයෙක් . සැකකරු පටිගත කල දර්ශන අනුව ලිංගික අතවර කිරීම් 16 ක් සම්බන්දයෙන් අනාවරණය වන බවත් ඒවා නිරීක්ෂණය කරමින් අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බව කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සදහන් කරනවා. කළුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පංති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා එහි දැරියන්ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන…

තව කියවන්​න

ඒ අනුව කොමිෂන් සභාවේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොමිසම රැස්වීමට නියමිත බව සඳහන්. එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිතව තිබෙනවා. තමන්ට ලබාදී ඇති ස්ථාන මාරුව අසාධාරණ බව පවසමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පසුගිය දිනක පොලිස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට කටයුතු කරන බව පොලිස් කොමිෂන් සභාවේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා කියා සිටියා. එමෙන්ම පවතින පොලිස් කොමිෂන් සභාව රැස්වන අවසන් දිනය අද බව ද වාර්තා වනවා.

තව කියවන්​න

රුපියල් කෝටි දෙකයි ලක්ෂ 17කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පෞද්ගිලික රෝහල් ජාලයක, ජා ඇල ශාකාවේ සේවය කළ මුදල් අයකැමියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුදල් වංචාවක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

පහත බැස තිබූ එළවළු මිල යළි ඉහළ ගොස් තිබෙනවා. සීමා සහිත ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක කියා සිටියේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය ඊට හේතුවී ඇති බවයි. බෝංචි, තක්කාලි, ගෝවා වැනි එළවළු වර්ගවල මිල කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 55වැනි තරගයෙන් ජය ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩාම ඊයේ (10) සමත් වුණා. ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලකුණු 27න් පරාජයට පත් කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 167ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 140ක් පමණයි. එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 37ට කඩුළු 3ක් බිදහෙළීමට සමත් වුණා.

තව කියවන්​න