Author: VNews

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් කැදවීමේ දිනය නිවේදනය කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඔක්තෝබර් 01 සිට 08 දක්වා ඊට අදාළව අයදුම්පත් කැඳවන බවයි. මහ මැතිවරණයට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන මේ වන විට රජයෙන් වෙන්කර ඇති බව ද සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කළා.

තව කියවන්​න

සංවර්ධනය ඉලක්කකර ගනිමින් නව සෘජු විදේශ ආයෝජන රැගෙන ඒමට එක්සත් ජනපද රජය සූදානමින් සිටින බව බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් පවසනවා. ඇය මේ බව සඳහන් කළේ අමෙරිකානු වාණිජ මණ්ඩලයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින්. මෙරට අමෙරිකානු වාණිජ මණ්ඩලයේ 32වැනි වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් ගේ ප්‍රධානත්වයෙන්.

තව කියවන්​න

2023 – 2024 තක්සේරු වර්ෂය සදහා සියලු ආදායම් බදු අනිද්දා හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. යම් තැනැත්තෙක් බදු නොගෙවීමට හෝ ගෙවීම් ප්‍රමාද කළහොත් දඩ හෝ පොලී අයකිරීමකට යටත් වන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එමෙන්ම හිග බදු පවතීනම් ඒ සියල්ල ලබන මස 30 වනදාට හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බවද දේශිය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

තව කියවන්​න

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වුණු පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් එම මන්ත්‍රීවරුන්ගෙන් සෙසු පිරිස සමගි ජනබලවේගය සමග එක්වීමටයි තීරණය කර ඇත්තේ. මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සහ පොදුජන පෙරමුණ නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ කොළඹ මල්පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී සාකච්ඡාවක නිරත වුණා. එම සාකච්ඡාවට සහභාගි වූ හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණය සඳහා එක්ව කටයුතු කළ යුතු බවයි. ……………………………………………………………

තව කියවන්​න

2023 – 2024 තක්සේරු වර්ෂය සදහා සියලු ආදායම් බදු අනිද්දා හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. යම් තැනැත්තෙක් බදු නොගෙවීමට හෝ ගෙවීම් ප්‍රමාද කළහොත් දඩ හෝ පොලී අයකිරීමකට යටත් වන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එමෙන්ම හිග බදු පවතීනම් ඒ සියල්ල ලබන මස 30 වනදාට හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බවද දේශිය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර ලබන පෙබරවාරි මාසයේ සිට සියලු‍ වාහන ආයනය කිරීම සඳහා පසුගිය රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට කිසිදු ගැටළුවක් මතු නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ…

තව කියවන්​න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී ඇත. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර, මිය යනවිට 74වැනි වියේ පසුවිය.

තව කියවන්​න

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි. දෙවන දිනය නිමාවන විට තරගයේ සියලු ගෞවර අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඊයේ දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 02 ක් දැවී ලකුණු 22 ක් සිටියා. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුලු 05 ක් දැවී ලකුණු 602ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් , කමිදු මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස් ශතක රැස් කළා. කමිදු මෙන්ඩිස් ලබා ගත් ශතකයෙන් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා කිහිපයක් ද අලුත් වුණා. කමිදු ඉතිහාසයට එක්වන්නේ 1950 වසරෙන් පසුව වේගවත්ම ටෙස්ට්…

තව කියවන්​න

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි අපේක්ෂා කරනවා. දකුණු පළාතෙත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

තව කියවන්​න

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලීකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ දුම්රිය මාර්ගයේ බෝක්කුවක ඉදිරිකිරීම් කටයුත්තක් හේතුවෙන් එළැඹෙන 29 දා උදෑසන 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ එම හරස් මාර්ගය වසා තබන බවයි එම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා

තව කියවන්​න

නව සුරාසැල් සදහා බලපත්‍ර ලබා දීමේ මාෆියාව පිළිබද තොරතුරු රටට හෙළි කරන බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. මේ පිළිබද නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ. ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න