- ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අභාවප්‍රාප්ත වෙයි
- පිලිපීනයේ හිටපු ජනාධිපතිට අපරාධ චෝදනා ගොනුකරයි
- විසා නොමැති ශ්‍රී ලාංකිකකයින් ගැන ඊශ්‍රායලය අවධානයෙන්
- මොරටුව හිටපු නගරාධිපතිට ඇප
- රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්
- වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙක් පත් කෙරේ
- විදුලි සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ
- ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදයි
Author: VNews
එයාර් චයිනා ගුවන් සමාගම ලබන ජුලි මාසයේ සිට මෙරට ගුමන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජුලි මාසයේ සිට සතියට ගමන් වාර තුනක් ශ්‍රී ලංකාව වෙත ක්‍රියාත්මක කිරීමටයි එම ගුවන් සමාගම තීරණය කර ඇත්තේ. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කළේ ඉදිරියේදී අදාළ ගුවන් ගමන්වාර සංඛ්‍යාව තවත් වැඩි කිරීමට පියවර ගනු ඇති බවයි.
දුෂිත දේශපාලන සංස්කෘතිය යළි රටතුළ ගොඩනැගෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. කොළඹ දී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අරගලයේ තරුණ ක්‍රියාකාරීන්ට පහරදීමට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නිසි පියවර ගතයුතු බවයි. රජය ඒ සදහා අපොහොසත් වුවහොත් නව රජයක් යටතේ ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි සරත් ෆොන්සේකා මහතා සදහන් කළේ. ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු නොකළහොත් පවතින තත්ත්වය භයානක වනු ඇති බවයි සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ. මීළග ජනාධිපතිධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා මෙහිදී අදහස් පලකළා.
කළුතර ලැගුම්හලක ඉහළ මහලින් වැටී සිසුවියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියේ විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා. සිසුවියගේ අභිරහස් මරණයට අදාළ පරීක්ෂණවලදී ඇය රැඳීසිටි ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳව ද ඊයේ දිනයේදී කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අදාළ කාන්තාව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කටයුතු කළේ. මේ අතර පොලීසිය සිදුකළ විමර්ශනවලදී ජීවිතක්ෂයට පත්වූ සිසුවියට අවසන් දුරකතන ඇමතුම ලැබී ඇත්තේ උපකාරක පන්ති ගුරුවරයෙකුගෙන් බවට අනාවරණ වී තිබෙනවා. ඒ අනුව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට කටයුතු කළ බවයි පොලීසිය සදහන් කළේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 56 වැනි තරගයෙන් කඩුළු 09ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 149ක් රැස් කළා. එහිදී වෙන්කටේෂ් අයියර් පන්දු 42දී ලකුණු 57ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී යුස්වේන්ද්‍ර චහල් ලකුණු 25ට කඩුළු 4ක් දවා ගනු ලැබුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්තාන් කණ්ඩායම පන්දුවාර 13යි එක් පන්දුවක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 151ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා. එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් යෂස්වී ජයිෂ්වාල් පන්දු 47දී…
ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් පලස්තීන වැසියන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම ප්‍රහාර වලින් තවත් පුද්ගලයන් 90කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත් වූ සහා තුවාල ලැබූ පිරිස අතර කාන්තායන් සහ ළමුන් විශාල ප්‍රමාණයක් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණ දීම සදහා ලෝකයට සහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දේශගුණික විපර්යාස අද ලෝකයටම අභියෝගයක් වුවද ඒ පිළිබද පර්යේෂණ සිදුකිරීමට මධ්‍යස්ථානයක් නොමැති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. කොළඹ පැවති 10 වන පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. රටවල් රැසක් එක්කර ගනිමින් දේශගුණ විපර්යාස පිළිබද පර්යේෂණ සිදුකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.
පිපිරීමක් හේතුවෙන් මිලානෝ නගර මධ්‍යයේ වාහන ගිනිගැනීමකට ලක්වුනා. ඔක්සිජන් සිලින්ඩර රැගෙන යමින් සිටි වාහනයක් මෙලෙස පිපුරුමකට ලක් ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකළේ . මේ හේතුවෙන් රථවාහන ගණනාවක් ගිනිබත් වෙමින් පවතින අතර සුන්බුන්වලට ඉහළින් ඝන කළු දුමාරයක් නැඟී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම ගින්න නිවාස සංකීර්ණයක් සහ ඔසුසලක් දෙසට පැතිරෙමින් පවතින බව සඳහන්. ප්‍රදේශයේ පාසලක සහ සාත්තු නිවාසයක සිටි පුද්ගලයින් ඉවත් කිරීමට එරට පොලිසිය කටයුතු කර ඇති බවයි වෙදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ ජය හිමි කර ගනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. එම තරඟය අද පෙරවරු 10.00 ට කොළඹ එස්. එස්. සී ක්‍රීඩාංගණයේ දී අවම්භ වුනා. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ කඩුළු සියල්ල දවා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.ඒ අනුවා බංග්ලාදේශ් කණ්ඩායමට ලබා ගත ගැකි වුයේ ලකුණු 100ක් පමණයි. පිළිතුරු ඉනිම හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03ක දැවී ලකුණු .101ක් ලබාගානිමින් සිය ජයග්‍රහණය තහවුරු කළා. මේ තර ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගාවලියේ පළමු තරගය කඩුලු 6කින් ජය ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. මේ…
ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා මේ වන විට වර්ධනය වී තිබෙනවා. ඉදිරි දින කිහිපයේ එය ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ යාබද මධ්‍යම බෙංගාල බොක්ක හරහා චණ්ඩ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ නැවත දැනුම් දෙන තුරු එම මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙසයි. මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස්…
පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින් පැවැත්වෙන ප්‍රචණ්ඩකාරී විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකයි. පසුගිය අගහරුවාදා දිනයේදී නඩු විභාගයකකට පෙනී සිටීම සඳහා ඉස්ලාමාබාද් අධිකරණයට පැමිණි අවස්ථාවේදීයී හිටපු අග්‍රාමාත්‍යවරයාව අත්අඩංගුවට ගැනුණා. එදින සිට මේ දක්වා ඔහුගේ පාක්ෂිකයින්ට ඊට විරෝධය පල කරන අතර ආරක්ෂක අංශ සමග දරුණු ගැටුම් ද හට ගැනුණා. ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ සන්ධ්‍යාවේදී හිටපු අග්‍රාමාත්‍යවරයාව දූෂණ චෝදනා නඩුවිභාගයක් සඳහා අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එම චෝදනා ඔප්පු වුවහොත් එලඹෙන මැතිවරණය සදහා තරඟ කිරීමට ඉම්රාන් ඛාන්ට හැකියාවක් නොමැති බවයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222