- වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙක් පත් කෙරේ
- විදුලි සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ
- ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදයි
- හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම්
- විහාරාධිපති හිමිගේ ගිණුමෙන් මුදල් ඇද්ද හතරක් මාට්ටු
- විපක්ෂ නායක සජිත්ට ගොවීන් ගැන කතාකරන්න අයිතියක් නෑ
- භාණ්ඩ සොරා ගන්නා මේ පුද්ගලයා දන්නවාද?
- උපන් දිනය පෙනී පෙනී ජීවිතයෙන් සමුගත් මනෙත්
Author: VNews
මන්නාරම ප්‍රදේශයේ ළමයින් පැහැරගෙන යාමේ උත්සහයක් පිළිබඳව පැතිර ගිය ප්‍රචාරයන් සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ. ඔවුන් දෙදෙනා ළමයින් පිරිසකට චොකලට් ලබාදීමට උත්සාහ කර ඇති අතරල එම දරුවන් බියවී දුවගොස් තිබුණා. පසුව මේ පිළිබඳව පොලිසියට ලද තොරතුරකට අනුවයි ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ. සිද්ධිය සම්බන්ධයෙන් තලෙයිමන්නාරම සහකාර පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත ඉදිරි පරික්ෂණ ක්‍රියාත්මකයි. පසුගිය දිනවල ළමයින් පැහැරගැනීමේ උත්සහයක් පිළිබඳ පැතිර ගිය ප්‍රචාර හේතුවෙන් මන්නාරම ප්‍රදේශයේ පාසල් අසළ ආරක්ෂාව ද තර කෙරුණා.
බදු අය කිරිම් නැවත නැවත ඉහළ දැමීම වෙනුවට බදු පදනම පුළුල් කිරීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා . මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදී ක්‍රමානුකූලව බදු අයකිරීමේ ප්‍රතිශතයන් අඩු කිරීමට පියවර ගන්නා බවයි . ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඇති සමාගමක් විසින් යන්ත්‍රෝපකරණ ගෙන්වීමේ මුවාවෙන් ආනයනය කරන ලද දුම්වැටි තොගයක් ඊයේ රේගුව විසින් සිය භාරයට ගනු ලැබූ අතර ඒවා නිරීක්ෂණය කිරීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඔරුගොඩවත්ත රේගු පර්යන්තය වෙත පැමිණි අවස්ථාවකදී මේ බව ප්‍රකාශ කළා .
ජපානය සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 68 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ඊයේ සමත් වුණා. ජපානයේ සනෝ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 125 ක් රැස් කළා. පිළිතරු ඉනිම ක්‍රීඩා කළ ජපානයට පන්දුවාර 16 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 57 ක් පමණයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු යන පළාත්වල අද දිනයේ දී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා බවට පත් වීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චහල් ඊයේ සමත් වුණා. යුස්වේන්ද්‍ර චහල් මේ වන විට ඉනිම් 143දී කඩුළු 187ක් බිදහෙලා තිබෙනවා. මීට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා ලෙස වාර්තා අතරට එක්ව සිටියේ ඩ්වේයන් බ්‍රාවෝ යි. ඔහු ඉනිම 158 කදී කඩුලු 183 ක් දවා ගෙන තිබුණා.
කුරුණෑගල රෝහලේ අංක 72 වාට්ටුවේ රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරයෙකුට හා වෛද්‍යවරියකට පහරදීමක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දඹුල්ල ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ආනයන පිරිවැය අවම කරමින් විදුලි ත්‍රීරෝදරථ නියමු ව්‍යාපෘතිය මෙරටදී ආරම්භ කර තිබෙනවා. මෙම නියමු ව්‍යාපෘතිය දියත් කිරීමේ වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදු කළා. මෙම වැඩ සටහනේ නියමු ව්‍යාපෘතිය යටතේ පෙට්‍රල් ත්‍රිරෝද 200ක් විදුලි ත්‍රීරෝද රථ බවට පරිවර්තනය කෙරන අතර, බස්නාහිර පළාත තුළ මාකුඹුර සහ පිටකොටුව යන කලාප දෙකෙන් ත්‍රීරෝද රථ 100 බැගින් ඒ සඳහා තෝරාගැනීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙම ව්‍යාපෘතිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ සිදු කරනු ලබනවා. ඒ අනුව ආනයන පිරිවැය අවම කිරීමේ අභියෝගයකට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ විදුලි ත්‍රීරෝද රථ ව්‍යාපෘතිය ඉමහත් පිටුවහලක් බවද එහිදී…
අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙසට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළ බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබෙනවා. ඔහුව දැඩි ආරක්ෂාවක් යටතේ එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සඳහා ඉදිරිපත්වීමට ඉස්මාලාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී පාකිස්තාන හිටපු අගමැතවරයා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.
පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල යන දෙදෙනාම ඇප මත මුදාහැර තිබෙනවා. මාලිගාකන්ද සහ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ විසින් ඔවුන් ඇප මත මුදාහැරීමටයි කටයුතු කර ඇත්තේ. අදාළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් දෙදෙනා පෙරේදා දිනයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.
ව්‍යාජ වීසා බලපත්‍රයක් යොදා ගනමින් විදෙස් ගතවීමට තැත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනුයි මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ. අදාළ පුද්ගලයා ව්‍යාජ වීසා බලපත්‍රයක් භාවිත කරමික් ටෝකියෝ ඔස්සේ කැනඩාවට යාමට සුදානම්ව සිටි බවයි වාර්තා වන්නේ. එමෙන්ම අදාළ පුද්ගලයාට ව්‍යාජ වීසා බලපත්‍රය ලබා දුන් පුද්ගලයා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222