- විහාරාධිපති හිමිගේ ගිණුමෙන් මුදල් ඇද්ද හතරක් මාට්ටු
- විපක්ෂ නායක සජිත්ට ගොවීන් ගැන කතාකරන්න අයිතියක් නෑ
- භාණ්ඩ සොරා ගන්නා මේ පුද්ගලයා දන්නවාද?
- උපන් දිනය පෙනී පෙනී ජීවිතයෙන් සමුගත් මනෙත්
- මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ගැන මහජන ආරක්ෂක ඇමැතිගෙන් හෙළිදරව්වක්
- උසස් අධ්‍යාපනයටත් දැනෙන වෙනසක්
- හිටපු තවත් ලොක්කෙක් ආයෙත් ඇතුළට
- TikTok ගිවිසුමට ඇමරිකානු ආයෝජකයන් නම් කරයි
Author: VNews
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ. මෙහිදී විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඊට අදාළ කාලරාමුව පිළිබද විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් දැනුවත් කර තිබෙනවා. එමෙන්ම ඊට අදාළව ඔවුන්ගේ යෝජනා ලබා ගැනීම ද මෙම සාකච්ඡාවේදී සිදුව තිබුණා. ඔවුන්ගෙන් ඉදිරිපත් වු යෝජනා ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ අවදානයට යොමු කෙරෙනු ඇති.
ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සක්‍රීයව පවතින මෝඛා සුළි කුණාටුව මේ වන විට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය මේ වන විට බංග්ලාදේශය දෙසට ගමන් කරමින් ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. මේ හේතුවෙන් මෙරට ප්‍රදේශ කිහිපයක අද දිනය තුළ ද තද වැසි අපේක්ෂා කරනු ඇති. හෙට දිනය වන විට සුළි කුණාටුව බංග්ලාදේශයට ඇතුළු වනු ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකට පනවා ඇති නායයාමේ අනතුරු ඇගවීම තවදුරටත් බලාත්මකයි. ඒ අනුව කොළඹ, ගාල්ල , මාතර , කළුතර , කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්වලට මෙම අනතුරු…
විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට ඊයේ පාර්ලිම්න්තුවේදී අනුමැතිය හිමිව තිබෙනවා. ඒ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා මගින් ඇති වු ආපදා තත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහායි. ඒ අනුව සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉදිරියේදී පත් කරනු ඇති. අදාළ තේරීම් කාරක සභාව මගින් ඒ පිළිබද විමර්ශනය කර සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ලකුණු 27ක ජයක් ලබන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිවයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 218ක් රැස් කළා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සුර්ය කුමාර් යාදව් පන්දු 49කදී ලකුණු 103ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ගුජරාට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 191ක් පමණයි.
බක්මුට් භූමියේ බලය යළි අත්පත් කරගත් බව යුක්රේණය පවසනවා. නැගෙනහිර ප්‍රදේශයේ රුසියානු හමුදා බලය අල්ලා ගැනීමෙන් පසුව මාස ගණනාවකට පසුව මෙය සිදුවීම විශේෂත්වයක් යුක්රේණ හමුදා සතියක් තුළ කිලෝ මීටර 2ක් පමණ නගරයේ ඉදිරියට බලය අල්ලාගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් රුසියාව පවසන්නේ තම හමුදා යලි බක්මුට් නගරයට රැස්කරමින් පවතින බවයි.
ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ අතුරුදන්ව සිටි තරුණිය ඝාතනය කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. අදාළ සිද්ධියට අත්අඩංගුවට ගත් එම ප්‍රදේශයේ තරුණයෙකු සිදුකළ පාපොච්ඡාරණයකදීයි මේ බව අනාවරණ වී ඇත්තේ. කෙසේවෙතත් මෙතෙක් තරුණියේ සිරුර සොයාගෙන නොමැති අතර ඒ පිළිබද විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසුවේ අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවයි.
දැනුමෙන් සන්නද්ධ පරපුරක් නිර්මාණය කර ලෝකය ජය ගැනිම සිය අනාගත සැලසුම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා ස්කිල්ස් එක්ස්පෝ 2023 ප්‍රදර්ශනය විවෘත කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ ආරම්භ කෙරුණු මෙය හෙට සහ අනිද්දා යන දිනවලදීද පැවැත්වෙනවා.
සිය ආයතනයේ සියලුම කටයුතු ඩිජිටල්කරණය කර රජයට වසරකට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් ඉතිරි කරදීමට සැළසුම් කර ඇති බව ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසනවා. එහි සභාපති දර්ශන අබේරත්න මහතා සඳහන් කලේ වෛද්‍ය ආයතනයේ පරිගණක පද්ධතියමේ වන විටත් සියලුම දිස්ත්‍රික් කාර්යාල සමඟ ජාලගතකර ඇති බවයි. ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඩිජිටල්කරණය කිරීමෙන් පසුව ජනතාවට කඩදාසි භාවිතයෙනන් තොරව සේවාවන් ඉටුකරගැනීමේ අවස්ථාව ලැබෙන බවයි ඒ මහතා සඳහන් කලේ. එමෙන්ම ඉදිරි මාස හය තුළ අදාළ ඉලක්කය කරා ළඟාවීමේ හැකියාව ඇති බවයි ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති දර්ශන අබේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කලේ.
රුසියාව යුක්‍රේනයට කළු මුහුද හරහා ධාන්‍ය අපනයනයට යළි අවසර ලබා නොදුනහොත් ලොව පුරා ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවනවා. ලබන 18 වනදායින් පසු කළු මුහුද හරහා යුක්‍රේනයට ධාන්‍ය අපනයනයට අවසර ලබාදී තිබූ ගිවිසුමේ කාලය අවසන් වීමට නියමිතයි. කළු මුහුද හරහා යුක්‍රේන ධාන්‍ය අපනයනයට අවසර ලබාදෙන ලෙස රුසියාවෙන් ජගත් සංවිධානය මීට පෙරද ඉල්ලා තිබුණා.
කළුතර වළල්ලාවිට ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් වැටී හානි සිදුව තිබෙනවා. වළල්ලාවිට පහළ හෙවෙස්ස ප්‍රදේශයේ නිවසක් මතටයි මෙලෙස පස් කන්ද වැටී ඇත්තේ. නිවසට හානි සිදු වුවද එහි සිටි කිසිවෙකුටත් ඉන් හානි සිදුව නැති බවයි සහන නිලධාරීන් සඳහන් කලේ. මේ අතර ප්‍රදේශ රැසකට අද දිනයේද තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ස්ථාන කිහිපයකට නායයෑමේ අවදානම් නිවේදනද නිකුත් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222