- විහාරාධිපති හිමිගේ ගිණුමෙන් මුදල් ඇද්ද හතරක් මාට්ටු
- විපක්ෂ නායක සජිත්ට ගොවීන් ගැන කතාකරන්න අයිතියක් නෑ
- භාණ්ඩ සොරා ගන්නා මේ පුද්ගලයා දන්නවාද?
- උපන් දිනය පෙනී පෙනී ජීවිතයෙන් සමුගත් මනෙත්
- මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ගැන මහජන ආරක්ෂක ඇමැතිගෙන් හෙළිදරව්වක්
- උසස් අධ්‍යාපනයටත් දැනෙන වෙනසක්
- හිටපු තවත් ලොක්කෙක් ආයෙත් ඇතුළට
- TikTok ගිවිසුමට ඇමරිකානු ආයෝජකයන් නම් කරයි
Author: VNews
අන්තර් පළාත් බස් රථ නිශ්චිත නැවතුම්පලවල් වල පමණක් නතර කිරීමේ නියමු ව්‍යාපෘතිය අද දිනයේ ආරම්භ කළ බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පවසනවා. ඒ අනුව පළමු ව්‍යාපෘතිය කොළඹ සිට ගාල්ල දක්වා ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා සදහන් කළේ.
මුලතිව් දිස්ත්‍රික්කයේ කිරි ගොවීන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඔවුන්ගේ ජීවනෝපාය ඉහල නැංවීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසනවා . බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව සංවිධායනය කරන පාසල් දරුවන් පෝෂණය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක මුල්ලතිව් දිස්ත්‍රික්කයේ පාසල් දෙකක් වන තෙන්නියකුලම් දෙමළ විද්‍යාලය සහ තෙරාවිල් දෙමළ විද්‍යාලයේ නිරීක්ෂණය කටයුතු සඳහා එක් වෙමිනුයි ඇය මේ බව සදහන් කලේ . මෙහිදී එම විද්‍යාල වල දක්ෂතා දැක්වු පාසල් දරුවන් ඇගයීමද හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා .
ඩෙංගු අධි අවධානම් කලාප ලෙස රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59 ක් නම් කර තිබෙනවා . කෙසේ වෙතත් මෙතෙක් ඩෙංගු අධි අවධානම් කලාප ලෙස නම් කර තිබුනේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 19ක් පමණයි . රටපුරා ක්‍රමයෙන් ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් අධි අවධානම් කලාප සංඛ්‍යාව ඉහළ ගිය බව ද ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහන් කරනවා . එම වැඩසටහන සදහන් කලේ වාද්දූව, උඩුනුවර,වත්තේගම, අකුරැස්ස, වලස්මුල්ල, පුත්තලම,බදුල්ල,කුරුවිට සහ කෑගල්ල, ඇතුළු අලුතින් නම් අධි අවධානම් කලාප තුලින් ඩෙංගු උණ රෝගීන් බහුල වශයෙන් හමුවන බවයි .
අද සිට රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කිරීමේ දී සහ පිටවීමේ දී ඇඟිලි සලකුණ සටහන් කිරීම අනිවාර්ය කර තිබෙනවා. ඒ, සම්බන්ධයෙන් වන චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් සියලුම ආයතන ප්‍රධානීන් වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ලක්ෂ 17ක් වන රාජ්‍ය සේවකයින් නඩත්තු කිරීම සඳහා වසරකට රුපියල් ට්‍රිලියන 1.4 ක මුදලක් වය කිරීමට සිදුවන බවයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකමහතා පවසන්නේ. එලෙස වැය කෙරෙන මුදලට සාපේක්ෂව ඔවුන්ගෙන් රටට සහ ජනතාවට සැබෑ ප්‍රතිලාභයක් හිමිවනවා ද යන්න පිළිබඳව සිතිය යුතු බව ඒ මහතා පෙන්වා දෙනවා.
අයර්ලන්ත කණ්ඩායම සමග පැවති තුන්වෙනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 5ක ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවි ලකුණු 274ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 269ක් පමණයි.
මන්නාරම, පල්ලිමුණ ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව ඩෙටනේටර් සහ සේවා නූල් ලග තබා ගත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්නාරම කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයන් අත්අඩංගුව ගත් බවයි පොලීසිය සදහන් කළේ. මෙහිදී එක් පුද්ගලයෙකු ඩෙටනේටර් 23ක් සහ අඩි 24ක් දිග සේවා නූලක් සමගද, අනෙක් පුද්ගලයා ඩෙටනේටර් 100ක් සහ අඩි 46ක් දිග සේවා නූලක සමගද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42 සහ 44 යන වයස්වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද මන්නාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරග දෙකෙන් ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. පළමු තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 171ක් රැස් කිරීමට සමත් වුණා. එහිදී නායක ෆෆ් ඩූ ප්ලෙසි ලකුණු 55ක් සහ ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 54ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්තාන් කණ්ඩායමට පන්දුවාර 10යි පන්දු 03ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 59ක් පමණයි. ඒ අනුව බැංගලෝර් කණ්ඩායම ලකුණු 112ක ජයක් වාර්තා කළා. මේ අතර දෙවැනි තරගයෙන්…
මෙක්සිකෝවේ ට්‍රැක්ටර් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් ඇති වූ අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උතුරු මෙක්සිකානු ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර ඇත්තේ. මෙම අනතුර සිදු වූ අවස්ථාවේ රථ දෙකම ගිනි ගැනීමකට ලක්ව ඇති අතර, ගින්න නිවීමට කඩිනමින් කටයුතු කර ඇති බව එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර තවත් සාකච්ඡාවක් අද (15) පැවැත්වීමට නියමිතව තිබෙනවා . දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා සඳහන් කළේ, අද පස්වරු 5.30 ට ජනාධිපති කාර්යාලයේදී අදාළ සාකච්ජාව පැවැත්වෙන බවයි. එහිදී බලය බෙදීම, උතුරේ ඉඩම් ගැටලු සහ දෙමළ සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු කරුණු පිළිබඳව සාකච්ජා කිරීමට නියමිත වනවා . දෙමළ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර පසුගිය දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා පවත්වා ඇති සාකච්ජා වට සංඛ්‍යාව 05ක්. මේ අතර අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ ඉදිරියේදී මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් සමග ද…
අන්තර් පළාත් බස් රථ සඳහා ජී.පී.එස් උපකරණ සවි කිරීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබෙනවා. එහි අධ්‍යක්ෂ නිලාන් මිරැන්ඩා මහතා කියා සිටියේ ගමනාගමන මණ්ඩලයේ ලියාපදිංචි අන්තර් පළාත් බස්රථවලින් තුනෙන් එකකට අදාළ උපකරණ සවිකර ඇති බවයි. මෙම ක්‍රමවේදය මගින් මගී ජනතාවට පහසුවෙන් නිසි වේලාවට සිය ගමනාන්තය වෙත යොමු වීමට හැකි වනු ඇති බවයි නිලාන් මිරැන්ඩා මහතා සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222