- විහාරාධිපති හිමිගේ ගිණුමෙන් මුදල් ඇද්ද හතරක් මාට්ටු
- විපක්ෂ නායක සජිත්ට ගොවීන් ගැන කතාකරන්න අයිතියක් නෑ
- භාණ්ඩ සොරා ගන්නා මේ පුද්ගලයා දන්නවාද?
- උපන් දිනය පෙනී පෙනී ජීවිතයෙන් සමුගත් මනෙත්
- මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ගැන මහජන ආරක්ෂක ඇමැතිගෙන් හෙළිදරව්වක්
- උසස් අධ්‍යාපනයටත් දැනෙන වෙනසක්
- හිටපු තවත් ලොක්කෙක් ආයෙත් ඇතුළට
- TikTok ගිවිසුමට ඇමරිකානු ආයෝජකයන් නම් කරයි
Author: VNews
ලංකා සතොස ආයතනය පාරිභෝගික භාණ්ඩ දෙකක මිල අඩු කර තිබෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 06 කින් පහත දැමුනු සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 243 කට මිලදි ගත හැකි බවයි එම ආයතනය සදහන් කළේ. එමෙන්ම, ලංකා සතොස ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60 කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1080 ක්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමේ සූදානමක් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ කොළඹ හමුදා ආරක්ෂාව තර කර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමේ සූදානමක් පිළිබඳව මෙලෙස පැතිර යන ප්‍රචාරයන් සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.
රටේ පැවති ආර්ථික අර්බුද හමුවේ ජනතාව අධිශ්ඨානශීලිව පීඩනය දරා ගනිමින් සාමකාමිව කටයුතු නොකළේ නම් වර්තමානයේ රට පවතින තත්ත්වයට ගෙන ඒමට අපහසු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. අනුරාධපුරයේ ඊයේ පැවති උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළා.
උඩුදුම්බර හා මාවරල යන ප්‍රදේශවලදි පුද්ගලයන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. එක් පුද්ගලයෙකු ඊයේ සවස උඩුදුම්බර මීමුරේ ප්‍රදේශයේ දී සූරියඅරණ ගගේ දිය නෑමට ගොස් සිටියදී අතුරුදන්ව ඇති බවයි පොලිසිය සදහන් කළේ. එලෙස අතුරුදන් වූ පුද්ගලයා 37 හැවිරිදි මහියංගණය දිවුලගස්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බව ද පොලිසිය සදහන් කළා. මේ අතර අනෙක් පුද්ගලයා මාවරල, ආදලුව පාලම අසලදී ගං වතුරේ ගමන් කරමින් සිටියදී දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. 2 හැවිරිදි වියේ පසුවන එම පුද්ගලයා කිවුල්හේන ආදොලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවයි පොලිසිය සදහන් කළේ. අතුරුදන් වූ මෙම පුද්ගලයන් සොයා මෙහෙයුම් සිදු කරන බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කළා.
ගාල්ල, මාතර, රත්නපුර ඇතුලු දිවයිනේ ආපදා තත්ව ඇතිවිය හැකි දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාව කඩිනමින් මුදාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් ත්‍රිවිධ හමුදාවට, පොලීසියට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට උපදෙස් ලබා දී තිබෙනවා. මේ වන විට බොහෝ ප්‍රදේශවල ඇතිවී තිබෙන ගංවතුර බැසයාම කඩිනම් කිරීමට ගංගාවල මෝය කට හාරා පුළුල් කිරීමටත්, විපතට පත්වන ජනතාව මුදාගැනීමට අවශ්‍ය බෝට්ටු සූදානමින් තබාගන්නා ලෙසත් එහිදී ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ. එමෙන්ම නායයාම් අවදානම් ඇති කලාපවල ජනතාව ඉන් ඉවත්කර ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට සහ එම කටයුතු කඩිනමින් ඉටුකිරීමටත් මෙහිදී උපදෙස් ලබා දී…
කොවිඩ් ආසාදිත පුද්ගලයින් 10දෙනෙකු ඊයේ (14) දිනයේදී වාර්තා වී තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,293ක් වනවා.
කළුතර 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් සිව්දෙනා අද (15) දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවා එම අවස්තාවේදී පිරිසක් විරෝධතා පුවරු අතැතිව ගාලුපාරේ මීටර් 50 ක් පමණ දුරකට පෙළගැසී නිහඩ විරෝධතාවක නියැළුණු බවයි වාර්තා වන්නේ. විරෝධතාකරුවන් අත “මියගිය දැරියට සාධාරණය ඉටුකරනු, පොලිසිය විමර්ශන නිසියාකාරව සිදුකරනු, ප්‍රමිතියකින් තොර ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනු යනුවෙන් සටහන් කෙරුනු විරෝධතා පුවරුද වූ බවයි වී නිව්ස් වාර්තාකරු පවසන්නේ. විරෝධතාවය පැවැති අවස්ථාවේදී කළුතර නගරගයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණා. දැරිය හෝටලයට රැගෙන ගිය තරුණ යුවළල හෝටලයේ හිමිකරුගේ බිරිඳ හා ප්‍රධාන සැකකරුගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා මෙලෙස අධිකරණයට…
ලෝක වෙළදපලේ භාණ්ඩ මිල පහල යාමේ වාසිය මෙරට ජනතාවට ලබා දීමට ආණ්ඩුව ක්‍රියා කල යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. මස්කෙළිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. විවිධ බදු වර්ග පනවා තිබීම හේතුවෙන් ජනතාව දැඩි ලෙස පිඩාවට පත්ව ඇති බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා .
බස්නාහිර පළාතේ සහ දිස්ත්‍රික්ක 9 ක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසනවා. පසුගිය වසරවලට සාපේක්ෂව එම දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වාර්තා වන බවයි ඒ මහතා සදහන් කළේ. මේ අතර ඩෙංගු රෝගය වැලදී ඇත්නම් ශාරිරිකව විවේක ගැනීම අවශ්‍ය වන අතර උණ තත්ත්වය පවතින අවස්ථාවන් හිදි පැරසිටමෝල් හැර වෙනත් ඖෂධ නොගෙන සිටීම වැදගත් වන බව ජාතික බෝනොවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පෙන්වා දෙනවා.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරුවේ අධිකරණයක් හමුවේ ශ්‍රී ලංකාව පැනවූ නඩුව අද (15) යළි කැදවීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එරට නීතිඥ සංගමයත් නඩුවට පෙනී සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ. මෙම නඩුව සිංගප්පූරු අධිකරණයක් හමුවේ පසුගිය 9 වන දා පළමුවරට කැදවනු ලැබුවා. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් පසුගිය 10 සහ 11 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ සභාව කල්තැබීමේ විවාදයක් ද පැවැත්වුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222