- විහාරාධිපති හිමිගේ ගිණුමෙන් මුදල් ඇද්ද හතරක් මාට්ටු
- විපක්ෂ නායක සජිත්ට ගොවීන් ගැන කතාකරන්න අයිතියක් නෑ
- භාණ්ඩ සොරා ගන්නා මේ පුද්ගලයා දන්නවාද?
- උපන් දිනය පෙනී පෙනී ජීවිතයෙන් සමුගත් මනෙත්
- මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ගැන මහජන ආරක්ෂක ඇමැතිගෙන් හෙළිදරව්වක්
- උසස් අධ්‍යාපනයටත් දැනෙන වෙනසක්
- හිටපු තවත් ලොක්කෙක් ආයෙත් ඇතුළට
- TikTok ගිවිසුමට ඇමරිකානු ආයෝජකයන් නම් කරයි
Author: VNews
Meta විසින් Whatsapp වෙත නව විශේෂාංගයක් එක් කර තිබෙනවා. එමඟින් පරිශීලකයින්ට විශේෂිත Chat lock කිරීමට හා මුරපදයක් හෝ ඇඟිලි සලකුණු ස්කෑන් කිරීමක් භාවිතයෙන් සිදු කළ හැකි බවයි. ඔබගේ අවසරයකින් තොරව යමෙකු ඔබගේ දුරකථනය අතට ගත්ත ද, අනවසරයෙන් ඔබගේ Lock කර තිබෙන Chat වෙත ප්රවේශ වීමට හා ඒවා දකින්නට නොහැකි බවයි Meta සමාගම පවසන්නේ. මේ අතර Whatsapp විසින් නව විශේෂාංග තුනක් හඳුන්වා දෙනු ලැබුවා. ඡන්ද විමසීම්(Polls),සිරස්තල සහිත මාධ්‍යය නිකුත් කිරීම(Forward media with caption) සහ සිරස්තල සහිත ලේඛන(Documents with captions) යන විශේෂාංග තුනයි. Polls – තනි ඡන්ද ගණනය කළ හැකිය Forward media with caption – ඡායාරූප,වීඩියෝ හා GIF මෙන්ම සිරස්තලයක් සමඟ තොරතුරු…
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගැසට් නිවේදන දෙකක් මගින් පනවනු ලැබූ රෙගුලාසි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගෙන තිබෙනවා. ඒ අනුව අදාළ ගැසට් නිවේදන සම්බන්ධයෙන් වූ නඩු සමතයකට පත් කර ගැනීමටද එහිදී එකග වීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත්තේ. පසුගිය දෙසැම්බර් 14 වැනිදා ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කරන ලද ගැසට් නිවේදන දෙකෙහි ඇතුලත් රෙගුලාසි අත්හිටුවීමේ නියෝගයක් මෙම වසරේ පෙබරවාරි 27 වැනිදා අභියාචනාධිකරණය විසින් ලබා දී ඇති අතර, ඒ සදහා ක්‍රීඩා අමාත්‍යවරයා අභියාචනා පෙත්සම් 03ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණා. එම අභියාචනා තුන විභාගයට ගනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පද්මන් සූරදේන, ගාමිණි අමරසේකර සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේදීයි. ඒ අනුව මෙම…
එළඹෙන ජුලි මස 01 වැනිදා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට නියමිතව තිබෙනවා . ඒ සඳහා වන ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනාව ඊයේ පස්වරුවේදි මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කර ඇත්තේ . මේ අනුව සෑම වසරකම ජනවාරි මස 1 වනදා සහ ජූලි මස 1 වනදා යන දෙදින තුළ රජයේ ප්‍රතිපත්ති තීරණ සහ ගාස්තු පිරවීමේ අවශ්‍යතා අනුව මෙම සංශෝධනය කිරීම සදහා වන යෝජනාව ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා .
ආනයනය තහනම් කර ඇති කෘෂි රාසායනික ද්‍රව්‍ය තොගයක් මොටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු දිවුලපිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී ආනයනය තහනම් කරන ලද රසායනික ද්‍රව්‍ය අඩංගු පැකට් 2000ක් සිය භාරයට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 60 සහ 37 යන වයස්වල පසුවන නාත්තන්ඩිය හා මන්නාරම යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කතරගම සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශ ආශ්‍රිතව සුළු භූකම්පනයක් සිදුව තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ප්‍රේම් මහතා සඳහන් කළේ, රික්ටර් පරිමාණ 2යි දශම 5ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ කම්පනයක් මෙලෙස සිදුව ඇති බවයි. මෙම ඊයේ භූ කම්පනය රාත්‍රී 10.15ට පමණ සිදුව ඇත අතර, භූකම්පනය එම ප්‍රදේශ ආශ්‍රිත ජනතාවට දැනී ඇති බවට වාර්තා කර ඇති බව ද භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය සඳහන් කළා.
මෙක්සිකෝවේ පුද්ගලයන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 18 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ලගලයා සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ. ඒ අනුව පොලීසිය විසින් සිදු කළ වෙඩි තැබීමෙන් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වැලිගම, දෙනිපිටිය පාලම අසලදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට නාදුනන පුද්ගලයෙකු පැමිණ මෙලෙස වෙඩි තබා ඇති අතර, එහිදී බරපතළ තුවාල ලැබූ අනෙක් පුද්ගලයා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සදහන් කළේ. වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා වැලිගම පැලෑන ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර, පළාගිය සැකකරු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවගියේ 62 වැනි තරගය ජය ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 34න් පරාජයට පත් කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 188ක් රැස් කළා. මෙම තරගයට ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 7දී නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 09ක්. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ශුබ්මන් ගිල් පන්දු 58දී ලකුණු 101 රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් ලකුණු 30ට කඩුළු 05ක් දවා ගැනීමට සමත් වුණා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී රැස්කර ගත…
නවසීලන්තයේ වෙලින්ටන්හී පිහිටි නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම ගින්නට හසුවූ පිරිසක් බේරාගෙන ඇති අතර තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවයි එම මාධ්‍ය වාර්තා සදහන් කර ඇත්තේ. නේවාසිකාගාරය පිහිටි ගොඩනැගිල්ලේ ඉහළම මහලේ ගින්න හටගෙන ඇති අතර, ගින්න නිවීම සදහා ගිනි නිවන රථ 20ක් යොදා ගෙන තිබෙනවා. මෙහිදී ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් එම ධුරවලින් ඉවත් කර තිබෙනවා. ඒ අනුව ඊයේ (15) දිනයේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ නියෝගය පරිදි ඔවුන්ව මෙම තනතුරුවලින් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ . එමෙන්ම හෙට (17) දිනයේදී නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. මෙම ඉවත් කිරීම් සිදු කිරීමට පෙර උතුරු පළාතේ ආණ්ඩුකාරවයා ලෙස ජීවන් ත්‍යාගරාජා මහතාත්, වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ මහතාත්, නැගෙනහිර ආණ්ඩුකාරවරිය ලෙස අනුරාධා යහම්පත් මහත්මියත් කටයුතු කරනු ලැබුවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222