- විහාරාධිපති හිමිගේ ගිණුමෙන් මුදල් ඇද්ද හතරක් මාට්ටු
- විපක්ෂ නායක සජිත්ට ගොවීන් ගැන කතාකරන්න අයිතියක් නෑ
- භාණ්ඩ සොරා ගන්නා මේ පුද්ගලයා දන්නවාද?
- උපන් දිනය පෙනී පෙනී ජීවිතයෙන් සමුගත් මනෙත්
- මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ගැන මහජන ආරක්ෂක ඇමැතිගෙන් හෙළිදරව්වක්
- උසස් අධ්‍යාපනයටත් දැනෙන වෙනසක්
- හිටපු තවත් ලොක්කෙක් ආයෙත් ඇතුළට
- TikTok ගිවිසුමට ඇමරිකානු ආයෝජකයන් නම් කරයි
Author: VNews
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 64 වැනි තරගය ජය ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු 15න් පරාජයට පත්කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 2ක් දැවී ලකුණු 213ක් රැද් කළා. එහිදී රයිලි රොසෝව් නොදැවී පන්දු 37දී ලකුණු 82ක් රැස් කිරීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 198ක් පමණයි. පන්ජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ලියම් ලිවින්ග්ස්ටන් පන්දු 48දී වේගවත් ලකුණු 94ක් රැස් කළා.
වසර 1,100ක් පැරණි හෙබ්‍රෙව් බයිබලයක් ඇමරිකානු ඩොලර් මිලියන 38ට නිව්යොක්හීදී අලෙවි කර තිබෙනවා. ලොව පැරණිතම බයිබලීය අත්පිටපත් වලින් එක් පිටපතක් මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර ඇත්තේ. ඒ අනුව ඉදිරියේදී මෙම බයිබලය ඊශ්‍රායලයේ ටේල් අවිව්හී යුදෙව් ජනතාවගේ කෞතුකාගාරයේ තැන්පත් කිරීමට පියවර ගන්නා බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩදුරටත් සදහන් කර තිබෙනවා.
විදුලි බලය, ඛණිජ තෙල්, රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකු කර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ සිට විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවන් ලෙසයි ගැසට් නිවේදනයේ සදහන් කර තිබෙන්නේ. එමෙන්ම රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විසතරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමයද අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් නිවේදනයේ පළ කර තිබෙනවා.
ඝානාවේ නැගෙනහිර කලාපයේ බිරිම් නෝර්ත් දිස්ත්‍රික්කයේ පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 7ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ තවත් 17දෙනෙකු සිරවී සිටින බවත් පතල් කම්කරුවන් දෙදෙනෙකු පමණක් මේ වනවිට බේරා ගැනීමට හැකි වූ බවත්ය. මෙම පතල කඩා වැටීමට හේතුව ඇදහැලෙන අධික වර්ෂාපතනය වන්නට ඇතැයි සැකකෙරෙනවා. මේ සිදුවීම සම්බන්ධව බලධාරීන් තවම අදහස් දක්වා නොමැති බවයි වාර්තා වන්නේ
බුදුදහමට නිගාවන ලෙස ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් රටේ ආගමික සංහිදියාවට බලවත් තර්ජනයක් එල්ලවීමේ අවදානමක් මතුව ඇති බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් පවසනවා. කොළඹ අගරදගුරු නිල නිවසේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා කතෝලික පුජාප්‍රසාදිතුමකු හෝ කතෝලික සභාවට කිසිදු ලෙසකින් සම්බන්ධ අයෙකු නොවන බවයි. මේ අතර ජෙරම් ප්‍රනාන්දු සිදුකළ ප්‍රකාශය හෙළා දකින බවත් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් එහිදී වැඩිදුරටත් කියා සිටියා.
වැලිගම – දෙනිපිටිය පාලම අසලදී සිදු කළ වෙඩි තැබීමකින් පියෙකු ජීවිතක්ෂයට පත්ව ඔහුගේ පුත්‍රයා බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මෙම පුද්ගලයන් දෙදෙනා ඊයේ රාත්‍රියේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුලත් කර ඇති අතර ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ මෘත ශරීරය වැලිගම – වලාන රජයේ රෝහලේ තැන්පත් කර තිබෙනවා. මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැලිගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ගල් අඟුරු නොමැති වීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුවන බවට විවිධ පාර්ශ්ව සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා . මෙම වාරය වෙනුවෙන් අවශ්‍ය 30 වන ගල් අගුරු නෞකාව මේ වනවිට නොරොච්චෝලේ බලාගාරය වෙත රැගෙන එමින් පවතින බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කලේ . ඒ අනුව විදුලි උත්පාදනය සදහා අවශ්‍ය සියලුම ගල් අගුරු තොග මේ වන විට ලැබී ඇති බවද එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා . මේ හේතුවෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක් ඇති කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවනු ඇති බවයි එම අමාත්‍යාංශය වැඩි දුරටත් සදහන් කලේ .
කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් එරට නීති උල්ලංඝනය කරමින් අනීතිකව රැඳී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් තිස් දෙදෙනෙකු පිටුවහල් කර තිබෙනවා. එම පිරිස අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ. මෙම පිරිස ගිවිසුම්ගත රැකියා ස්ථානයේ හෝ නිවසින් පළා විත් කුවේට් රාජ්‍යයේ පිටස්තර ප්‍රදේශවල රැකියා කරමින් සිට තිබෙනවා. එහිදි සිය කැමැත්තෙන් මෙරට බලා නැවත පැමිණීමට කැමැත්ත පල කරමින් තානාපති කාර්යාල වෙත පැමිණ ලියාපදිංචි වීමෙන් පසු මෙරටට ගෙන්වා ගැනීමටයි කටයුතු කර ඇත්තේ. මෙලෙස ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කළ කාන්තාවන් අනුරාධපුරය, වව්නියාව, ගම්පහ, කින්නියා, කොළඹ, කුරුණෑගල සහ පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකාරියන් වනවා. මේ වන විට 30,000 ක පමණ…
එළඹෙන ජූනි පළවෙනිදා සිට බලපැවැත්වෙන පරිදි තරග කොන්දේසි 3 ක් සංශෝධනය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ සදහා පිරිමි සහ කාන්තා ක්‍රිකට් කමිටු විසින් ලබා දුන් නිර්දේශ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක කමිටුව විසින් අනුමත කර ඇති බවයි එම කවුන්සිලය නිවේදනය කළේ. ඒ අනුව ඉදිරියේදී පිටියේ විනිසුරුවන් විසින් තෙවන විනිසුරුට යම් තීරණයක් ලබා දීමට යොමු කිරීමේදී ඊට අදාළව පිටියේ විනිසුරුගේ මතය ප්‍රකාශ කිරීමක් අවශ්‍ය නොවන බවට තීරණය කර තිබෙනවා. මේ අතර අධි අවදානම් සහිත අවස්ථාවලදී හිස් ආවරණ පැළදීම අනිවාර්ය කිරීමටයි කටයුතු කර ඇත්තේ. ඒ අනුව පිතිකරුවන් වේගපන්දු යවන්නන්ට මුහුණ දෙන අවස්ථාවන්හිදි, කඩුරකින්නන් කඩුල්ල අසලට පැමිණ කඩු`ඵ රැකීමේදී සහ…
ශ්‍රී ලංකාව සහ වාණිජ ණය හිමියන් අතර ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් නොවන බව එහි ආසියානු පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් ප්‍රකාශ කළා. මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ඊයේ පස්වරුවේ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ. සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාස වන විට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් කලාප අධ්‍යක්ෂවරයා මෙහිදී කියා සිටියා. මිට අමතරව දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස ඊයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා. මේ එහිදී සාකච්චා කල කරුණු පිලිබදව අදහස් පල කරන…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222