Author: VNews

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ක්‍රියාකාරීව සාකච්ඡා කිරීම සදහා සිය මුල්‍ය ආයතන වෙත සහාය වන බව චීන විදේශ අමාත්‍යංශය පවසනවා. ඒ සදහා චීනය නිශ්චිතව සහ අඛණ්ඩව ක්‍රියාකාරීව කටයුතු කරන බවයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වෑන්ග් වෙන් බින් මහතා ප්‍රකාශ කළේ. ඔහු සදහන් කළේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා සහභාගී වන ලෙස වාණිජ සහ බහුපාශවික ණය හිමියන්ගෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලා ඇති බවයි. චීනය ඇතුළු ණය හිමියන් සමග මේ සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡා අඛණ්ඩව සිදුකරන බව ද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වෑන්ග් වෙන්බින් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

තව කියවන්​න

අස්වැසුම ප්‍රතිලාභය ජනතාවට ලබාදීම සඳහා සමෘද්ධි බැංකු පද්ධතිය මහ බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතියක් ලෙස ලියාපදිංචි කිරීමට රජය තීරණය කර තිබෙනවා . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇති බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසුවේ. මේ යටතේ දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු අස්වැසුම ක්‍රියාවලියට ඇතුළත් කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ඊයේ පැවති මෙම සාකච්ඡාව සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ යන මහත්වරුන් ද එක්ව වු බව සඳහන්.

තව කියවන්​න

අතීතයේ සිදුවු වැරදි වුවද සියලු දෙනා එක්ව නිසි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු කිරීමෙන් නිවරදි කරගැනීමට හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. අමාත්‍යංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. බිදවැටුණු ආර්ථිකය ගොඩගැනීමට රජය ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල පිළිබදව ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් පලකළා. ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අදාළ වැඩපිළිවෙල නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබා දුන් ඉලක්ක පමණක් නොව ඉන් ඔබ්බට ගිය ආර්ථික සමෘද්ධියක් කෙටි කාලයක් තුළ උදාකරගත හැකි බවයි.

තව කියවන්​න

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. මෙම සාකච්ඡාවට තම නියෝජිතයන් දොළොස් දෙනෙකු සමඟ එක්වන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ සඳහන් කළේ. මෙහිදී බදු ප්‍රතිපත්ති සංශෝධනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනු ඇති අතර විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මතුව ඇති ගැටළු පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට නියමිත බවයි එම සම්මේලනයේ සභාපති මහාචාර්ය බී.එච්.එස්.කේ. බන්නැහැක සඳහන් කළේ. රජයේ බදු ප්‍රතිපත්තිය ඇතුලු‍ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අධ්‍යයන කටයුතුවලින් ඉවත් වීමට පසුගියදා කටයුතු කළා. ඊට උසස් පෙළ පිළිතුරු පත්‍ර අධීක්ෂණයද ඇතුළත් වුණා. මේ හේතුවෙන් උසස් පෙළ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු දින 60කට ආසන්න…

තව කියවන්​න

රජයේ රෝහල් පුද්ගලීකරණය කිරීමට අකමැත්ත පළකරන්නේ උමතු පුද්ගලයින් බව කොළොඹ ජාතික රොහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා . ඔහු මෙම දහස් දැක්වීම සිදු කළේ කොළොඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් . මේ ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් පළකල කොළොඹ ජාතික රොහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා.

තව කියවන්​න

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 3.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම හමුව පැවැත්වීමට නියමිත බව එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා පවසනවා . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිදුකළ ඉල්ලීමට අනුව එම හමුව පැවැත්වීමට නියමිතව තිබෙනවා . එහිදි වර්තමානයේ උසස් අධ්‍යාපන සහ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ මුහුණපෑමට සිදුව ඇති ගැටලු‍ පිළිබඳ අවධානය යොමුකිරීමට නියමිතව ඇති බව සඳහන්. මේ අතර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගී වන බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැනුම් දී ඇතත් මේ දක්වාත් එම කටයුතු උපරිමයෙන් ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව හැකි වී නොමැති බව මහාචාර්ය ශ්‍යාම…

තව කියවන්​න

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ තරග කාලසටහන බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ජූනි 14 වැනිදා ආරම්භ වන තරග සංචාරය සදහා ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 2ක් ඇතුළත්. ටෙස්ට් තරගය ජූනි 14 වැනිදා ඩකා හී දී ආරම්භ වීමට නියමිත අතර, එක්දින තරගාවලිය ජූලි 5 වැනිදා ද, 20යි 20 තරගාවලිය ජූලි 14 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.

තව කියවන්​න

දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කරණය සිදු නොකළහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ලබාදෙන දෙවන ණය මුදල අවිනිශ්චිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා . ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ කොළොඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්

තව කියවන්​න

අන්තර්ජාතික රග්බි ආයතනය මගින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පාලනය සහ දේශපාලන මැදිහත්වීම් සම්බන්ධ ලෝක රග්බි අතුරු නීති කඩකිරීමක් පිළිබඳව මතුව ඇති ගැටලුවලට ප්‍රතිචාර දක්වමින්, මෙම තීරණයට එලැඹි බවය අන්තර්ජාතික රග්බි ආයතන නිල වෙබ් අඩවියේ සදහන් කර ඇත්තේ. ලෝක රග්බි කවුන්සිලය සහ ආසියා රග්බි සංගමය, ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට සිදුකරන බාධා අවම කිරීම සහතික කිරීම සඳහා ජාත්‍යන්තර සම්මේලනය සහ කලාපීය සංගමය සියලු පාර්ශවකරුවන් සමග එක්ව කටයුතු කරන බවට එකඟ වී ඇතැයි, අදාළ නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබෙනවා. පාලන ගැටලු විසඳීම සඳහා අදාළ සියලුම පාර්ශවකරුවන් සමග කටයුතු කිරීම කඩිනමින් සිදුකළ යුතු බවද එහි සඳහන්. ශ්‍රී…

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (18)  දිනයේ සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවලත් යාපනය දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ දී ද වැසි ස්වල්පයක් ඇති විය හැක බවයි එම දෙපාර්තමේන්තු සදහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

තව කියවන්​න