- විහාරාධිපති හිමිගේ ගිණුමෙන් මුදල් ඇද්ද හතරක් මාට්ටු
- විපක්ෂ නායක සජිත්ට ගොවීන් ගැන කතාකරන්න අයිතියක් නෑ
- භාණ්ඩ සොරා ගන්නා මේ පුද්ගලයා දන්නවාද?
- උපන් දිනය පෙනී පෙනී ජීවිතයෙන් සමුගත් මනෙත්
- මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ගැන මහජන ආරක්ෂක ඇමැතිගෙන් හෙළිදරව්වක්
- උසස් අධ්‍යාපනයටත් දැනෙන වෙනසක්
- හිටපු තවත් ලොක්කෙක් ආයෙත් ඇතුළට
- TikTok ගිවිසුමට ඇමරිකානු ආයෝජකයන් නම් කරයි
Author: VNews
ආනයන සදහා ණයවර ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ණයවර ලිපි නිකුත් කිරීමේදී ඊට එරෙහිව ආන්තික මුදල් තැන්පතුවක් පවත්වා ගැනීමට අදාළව නිකුත් කර තිබු විධාන වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බවයි මහ බැංකුව සදහන් කළේ. මේ සම්බන්ධයෙන් සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු දැනුවත් කිරීමට මහ බැංකුව පියවර ගෙන තිබෙනවා. 2022 වසරේ මැයි 19 වනදා බැංකු පනතේ නියෝගයක් ලෙස ණයවර ලිපි නිකුත් කිරීමේදී සියයට සියයක ආන්තික තැන්පතුවක් පවත්වා ගතයුතු බවට දැනුම් දී තිබුණා.
රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සලකා බැලිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කිරීමට හැකිවනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. මේ අතර විශ්වවිද්‍යාල පද්ධතියේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු හදුනාගනිමින් ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
අද රාත්‍රියේ සිට පැය 10 කාලයක් කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව අද රාත්‍රී 10 සිට හෙට උදෑසන 08.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති. මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බලප්‍රදේශවලට සහ මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශවලටයි. එමෙන්ම කොළඹ 04,05,07 සහ 08 යන ප්‍රදේශවලටද එම කාලය තුළ ජල සැපයුම අත්හිටවනු ඇති බවයි එම මණ්ඩලය සඳහන් කලේ. අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 65 වැනි තරගය ජය ගැනීමට රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුළු 08න් පරාජයට පත් කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 186ක් රැස් කළා. එහදී හෙන්රික් ක්ලාසන් පන්දු 51දී ලකුණු 104ක් රැස් කිරීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 187ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා. එහිදී විරාත් කෝලි පන්දු 63දී ලකුණු 100ක් සහ නායක ෆෆ් ඩූ ප්ලෙසිස් පන්දු 47දී ලකුණු 71ක් රැස් කිරීමට සමත් වුණා. මෙහිදී විරාත්…
ඉතාලියට ඇදහැලුනු අධික වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහිදී ගංවතුර තත්ත්වයට හසුවී නිවාස වලින් බැහැර වීමට නොහැකිව සිටි පුද්ගලයන් 13,000ක් ගුවනින් රැගෙන ගොස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ. අධික වර්ෂාව හේතුවෙන් ඉතාලියේ නායයෑම් 280ක්ද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.
14 වන ජාතික රණවිරු සැමරුම් දින උළෙල අද පස්වරුවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල පැවැත්වීමට නියමිතයි. මෙහිදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් සමඟ පැවති 30 වසරක යුද්ධයේදී මාතෘ භූමියේ ඒකීයභාවය සහ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම උදෙසා දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වීරෝධාර රණවිරුවන් සිහිපත් කිරීම සිදු කරනු ලබනවා. මේ අතර, පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපස අද පැවැත්වෙන මෙම උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා කියා සිටියේ අද පස්වරුවේ සිට ඒ අවට විශේෂ රථවාහන වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක වන බවයි. ඊයේ පස්වරුවේ…
ඉන්දියන් සාගර කලාපයේදී අනතුරට පත්වු චීන ධීවර යාත්‍රාවවේ සිටින ධීවරයි මුදා ගැනීමට යාත්‍රාවක් යෙදවීමේ සැලැස්මක් නොමැති බව නාවික හමුදාව පවසනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසුරිය මහතා පැවසුවේ අදාළ ධීවර යාත්‍රාව අනතුරට ලක්ව ඇත්තේ ඔස්ටේ්‍රලියාවට අයත් මුහුදු සීමාවේදී බවයි. කෙසේවෙතත් අදාළ ප්‍රදේශයේ නාවික හමුදා යාත්‍රා කිසිවක් දක්නට නොලැබෙන බවයි ඔහු ප්‍රකාශ කළේ. අදාළ ධීවරයින් බේරා ගැනීමේ මෙහෙයුමට සහය වන ලෙස චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකින් ඉල්ලා තිබුණා. අදාළ ධීවර යාත්‍රාවේ ධීවරයින් 39 දෙනෙකු සිට තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉතිහාසයේ සිදුකළ විශාලතම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සිදුකර තිබෙනවා. එම බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 180ක්. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ රුපියල් බිලියන 180ක් වටිනා භණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කළ අතර ඒ සදහා බිලියන 261කට වැඩි වටිනාකමක් සහිත ලංසු ඉදිරිපත්ව තිබුණා. එහිදී වෙන්දේසිය සදහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රුපියල් බිලියන 180ක ලංසු පිළිගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
කළු මුහුද හරහා යුක්‍රේනයට ධාන්‍ය අපනයන කටයුතු සිදු කිරීමට තවත් දින 60ක කාලයකට අවසර ලබාදීමට රුසියාව එකඟත්වය පළ කර තිබෙනවා. පසුගිය කාලයේ දී ධාන්‍ය අපනයනය කිරීමට එළඹී එකඟතාවය යටතේ යුක්‍රේනය ටොන් මිලියන 30කට අධික ධාන්‍ය ප්‍රමාණයක් අපනයනය කර තිබෙනවා. ලෝකයේ රටවල් රැසක් මුහුණ දී සිටින කුසගින්න පාලනය කිරීම හා ගෝලීය ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමේ අරමුණින් ධාන්‍ය අපනයන අවසරය දීර්ඝ කළ බවයි රුසියාව පවසන්නේ. එම එකඟතාවයට එළඹීම සඳහා තුර්කිය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන අතර රුසියාවේ නම්‍යශීලිත්වය සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන් මෙහිදි ස්තූතිය පළ කර සිටියා.
පොලිස් අත්අඩංගුවට පත්ව සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වැලිකඩ පොලිසිය තුළදී ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදුකර ඇති අතර එහිදී ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. පොලිසිය සිදුකළ පහරදීමක් හේතුවෙන් අදාළ කාන්තාව මියගොස් ඇති බවට ඇයගේ ඥාතීන් චෝදනා කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222