Author: VNews

උඩරට මැණිකේ දුම්රියේ 2 වන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු විසින් දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියටයි මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ

තව කියවන්​න

අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කරන බව ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව රයිස් සහ කොත්තු මිල රුපියල් 40 කින්ද, බිත්තර රොටියක් රුපියල් 30 කින්ද අඩු කරන බවයි සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් කියා සිටියේ.

තව කියවන්​න

වෙළඳසල් හිමියන්ගෙන් සඳහන් කරන්නේ තමන්ට අඩු මිලට බිත්තර තොග නොලැබෙන නිසා නව මිලට විකිණිය නොහැකි බවයි.

තව කියවන්​න

මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලටත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට හෙට (30) දිනයේද මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

තව කියවන්​න

දේශීය වෙළඳපොලේ අද වන වනවිට නාඩු සහල්වල හිඟයක් පවතින බව සමස්ත ලංකා කුඩා පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරිය මහතාගේ ධුර කාලය දීර්ඝ කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔහුගේ කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට පියවර ගත් බවයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වුඩ් මහතාගේ කොන්ත්‍රාත් කාලය පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසුව අවසන් වුණා. ඒ අනුවයි සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුරු ලෙස පත්කෙරුණේ. සනත් ජයසූරියගේ පුහුණුකාරීත්වට යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය සහ එංගලන්ත තරගාවලි දෙකකට එක්වු අතර එහිදී යළිත් ජයග්‍රාහි මාවතට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුනා.

තව කියවන්​න

දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ කැපී පෙනන වර්ධනයක් පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම අධිකාරිය පැවසුවේ සැප්තැම්බර් මාසයේ පළමු දින 25 තුළ දී සංචාරකයින් 99,955 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි. ඒ අතරින් සියයට 21.6 ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 21,607ක් වනවා. එමෙන්ම බි්‍රතාන්‍යය, ජර්මනිය සහ චීන සංචාරකයින් ද වැඩි වශයෙන් අදාළ කාලය තුළ දිවයිනට පැමිණ තිබෙනවා.

තව කියවන්​න

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵළ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම පිළිබදව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණය සදහා ඔක්තෝබර් පළමුවනදා සිට අයදුම්පත් කැඳවන බවයි. ඒ අනුව ඔක්තෝබර් 01 දා සිට 14 වන දින දක්වා අයදුම්පත් කැදවීමට සිදුකරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා.

තව කියවන්​න

පවතින හිග බඳු මුදල් නොවැම්බර් 30 වන දිනට ගෙවා අවසන් කරන ලෙස සියලුම සුරාසැල් හිමියන්ට දැනුම් දී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. සුරාබදු කොමසාරිස් එම්.ජේ ගුණසිරි මහතා පැවසුවේ එලෙස ගෙවීම් සිදුනොකරන සුරාසැල්වල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවයි. නව සුරාසැල් සදහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි සුරාබදු කොමසාරිස්වරයා සදහන් කළේ.

තව කියවන්​න

දෙමල ජාතික සන්ධානය ඉදිරි මහ මැතිවරණයට ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයෙන් තරග කිරීමට තීරණය කර තිබෙනවා. උතුරේ තවත් ද්‍රවිඩ පක්ෂ කිහිපයක් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ සුමන්තිරන් මහතා සදහන් කළේ. මේ අතර ඉදිරි මහ මැතිවරණයක දී දෙමළ සහ මුස්ලිම් පක්ෂ එක්ව නව සන්ධානයක් ගොඩ නැගීම සම්බන්ධයෙන් ද සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම්.ඒ සුමන්තිරන් යන හිටපු මන්ත්‍රීවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න