- විහාරාධිපති හිමිගේ ගිණුමෙන් මුදල් ඇද්ද හතරක් මාට්ටු
- විපක්ෂ නායක සජිත්ට ගොවීන් ගැන කතාකරන්න අයිතියක් නෑ
- භාණ්ඩ සොරා ගන්නා මේ පුද්ගලයා දන්නවාද?
- උපන් දිනය පෙනී පෙනී ජීවිතයෙන් සමුගත් මනෙත්
- මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ගැන මහජන ආරක්ෂක ඇමැතිගෙන් හෙළිදරව්වක්
- උසස් අධ්‍යාපනයටත් දැනෙන වෙනසක්
- හිටපු තවත් ලොක්කෙක් ආයෙත් ඇතුළට
- TikTok ගිවිසුමට ඇමරිකානු ආයෝජකයන් නම් කරයි
Author: VNews
උන රෝගය වැළඳී ඇත්නම් ළගම ඇති රජයේ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ මේ දිනවල පැතිර යන ඩෙංගු 03 වයිරසය දරා ගැනීම සඳහා මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණය පාවාතින්නේ අවම මට්ටමක බවයි. එබැවින් උන රෝගය වැළඳී ඇත්නම් නිවසට වී තාවකාලික ප්‍රතිකාර නොගෙන රෝහල කරා පැමිණෙන ලෙසයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ගුවන් පාලක නිලධාරින් මෙරට අතහැර යාම පිළිබදව එතරම් බිය විය යුතු නොමැති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. නිදහස් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව අතහැර වෙනත් රටක සේවයට යෑම ඉතාමත් කණගාටුදායක බවටයි අමාත්‍යවරයා කියා සිටියේ. මේ අනුව ගුවන් පාලකවරුන් බදවා ගැනීමේදී සිදු කරන ලද ඇපකරය විධිමත් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවටයි නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ.
දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙල එළඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර ගැනීම සිය බලාපොරොත්තුව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී. එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම වසර ආර්ථික වශයෙන් අසීරු වසරක් වන බවයි.
නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයේ කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා. ජූනි සහ ජූලි මාසවලට යෙදී ඇති මෙම සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3 ක් හා 20 යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි. එක්දින තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා ශූරතාවලිය යටතට ද අයත් වනවා. ඒ අනුව නවසීලන්ත කාන්තා කණ්ඩායම ජූනි 23 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.
වෙළෙඳ හා සමුපකාර කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයන් 153ක් ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා . කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ විසින් මෙම තීන්දුව ලබා දුන් බවයි අප වාර්තා කරු පැවසුවේ . අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් විසින් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබුණා . එම මූලික විරෝධතාව පිළිගත් විනිසුරුවරයා අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු…
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වෙනසක් සිදුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වාහනයක වත්මන් හිමිකරුගේ සහ පෙර හිමිකරුගේ නම් පමණක් ඇතුළත් කිරීමටයි තීරණය කර ඇත්තේ. මෙම තීරණය ඊයේ දිනයේ සිට බලපැවැත්වෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළා.
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළ 08 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුරදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. පොලීසියේ රාජකාරියට බාධා කිරීම සහ කලහකාරී ලෙස හැසීරීම යන චෝදනා යටතේ ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය සදහන් කළේ.
දේවගැති ජෙරම් ප්‍රනාන්දු නැමැත්තාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිලි 05ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසනවා. මෙම විමර්ශන වලදී මුදල් විශුද්ධීකරණයක් සිදු කර ඇති බවට අදාළ නිලධාරීන්ට නිරීක්ෂණය වුවහොත් ඒ සම්බන්දයෙන්ද විමර්ශන කටයුතු සිදු කරන බව ඔහු සදහන් කළා.
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ආරක්ෂාව ඉතා උසස් මට්ටමක පවතින බව ජාත්‍යන්තර විගණනයකින් තහවුරු වී තිබෙනවා. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය පැවැත්වු ගුවන් සේවා ආරක්ෂාව පිළිබද විගණනයෙනුයි මේ පිළිබද තහවුරු වී ඇත්තේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කර්මාන්තය මෙන්ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපයද වඩාත් ආරක්ෂිත බවට අනාවරණ වී තිබෙනවා. අදාළ විගණනයේ ප්‍රගති සමාලෝචනය විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
වගාවන්වල ආරක්ෂාව සදහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේ අදාළ ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට අදාළව යම් සංශෝධන එක්කර ඇති බවයි. ගිනිඅවි බලපත්‍රයක් නිකුත් කිරීම සදහා අවම වගා භූමි අක්කර පහක ප්‍රමාණයක් තිබිය යුතු බවයි අමාත්‍යවරයා සදහන් කළේ. විවිධ සතුන්ගෙන් බෝග වගාවන්ට සිදුවන හානිය සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222